Health
ඩොක්ටර්ට කියන්නත් ලැජ්ජයි
ජාතික රෝහලේ සහ මාලඹේ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු රෝහලේ මෞත්‍රලිංගික රෝග පිළිබඳ
විශේෂඥ ශල්‍ය වෛද්‍ය
මහාචාර්ය නෙවිල් පෙරේරා
මුත්‍රා යනු සිරුරෙන් බැහැර කළ යුතු අපද්රව්යයකිග මුත්‍රා අප සිරුරෙන් බැහැර වනුයේ එක්තරා චක්‍රයක් අනුකූලවයග මෙම ක්‍රමවේදය නිසියාකාරව සිරුර තුළ ක්‍රියාත්මක වී බහිස්ස්‍රාවය මඟින් පිටවන මේ මුත්‍රා පාලනයකින් යුක්තව පිටවන බව ඔබ අප කවුරුත් දන්නා කරුණකිග
පළමුවෙන් මුත්‍රාශය පිළිබඳ දැනුවත් වීම අතිශයින් වැදගත් වන්නේ මුත්‍රාශය අපේ ජීවිතයට අත්‍යවශ්‍ය ඉන්ද්‍රියයක් වන නිසයිග මුත්‍රාශය මාංශ පේශීන්ගෙන් සැදුම්ලත් පැසක් ලෙස හැඳින්විය හැකග මුත්රාශයට මිගලිග 300 - 350ක් දක්වා මුත්‍රා ප්‍රමාණයක් එක්රැස් කර ගැනීමේ අවකාශ තිබේග මෙම ප්‍රමාණය පිරෙන තෙක් මුත්‍රා කිරීමට අවශ්‍යතාවයක් අපට දැනෙන්නේ නැතග මුත්‍රා නිසි ප්‍රමාණයට මුත්‍රාශය තුළ පිරීමත් සමඟම මොළයට සංඥාවක් ලබා දෙමින් හඟවන්නේ මුත්‍රා කිරීමට කාලය එළැඹී ඇති බවයග මුත්‍රා කිරීමට අවශ්‍ය බවක් අපට දැනෙන්නේ ස්වභාව ධර්මයා විසින් මෙලෙස සකස් වී ඇති චක්‍රය මතයග සාමාන්‍යයෙන් පැය 2 -3ක් යන තෙක් මුත්රාශයට මුත්‍රා පිරීමක් සිදුවන හෙයින් ඒ කාලසීමාව තුළ මුත්රාශයට පීඩනයක් ඇති නොවන අකාරයට මුත්‍රාශය සැකසී ඇතග එම නිසා ඒ කාලසීමාව තුළ මුත්‍රා කිරීමට අවශ්‍යතාවයක් අපට දැනෙන්නේ ද නැතග
මුත්‍රා පිට කරන ස්ථානයේ මුත්‍රා මාර්ගය මාංශ පේශි වලල්ලකින් වට වී ඇති අතර මුත්‍රා පිරුණු පසු මොළේට සංඥාවක් ලබා දේග එවිට කපාටය විවර වී මුත්‍රා මාර්ගයෙන් මුත්‍රා පිට වේග සාමාන්‍යයෙන් මිගලිග 150ක් පමණ මුත්‍රා පිරුණු පසු මොලේට සුළු සංඥාවක දැනෙන අතර වටපිටාව නුසුදුසු වේ නම් මිගලිග 300 - 350 දක්වා මුත්‍රා නවතාගෙන සිටිය හැකග
මුත්‍රා පහවීමේදී බිත්ති සංකෝචනය වන අතර මොළයට යවන ලද පණිවිඩය මඟින් කපාට විවර වී මුත්‍රා පොම්ප කිරීම සිදු වේග මුත්‍රා ඉවත් වූ පසු කපාට තද වී වකුගඩුවලින් මුත්‍රා පෙරී මුත්‍රා පැස තුළට නැවත එකතු වීමට පටන් ගනීග මෙලෙස මෙම ක්‍රියාවලිය චක්රාකාරව සිදුවීම මිනිස් සිරුරේ ව්‍යුහය තුළ නොකඩවා සිදු කෙරෙන්නෙකිග
නමුත් ගැටලුව වන්නේ ඇතැම් අයෙකුට නොදැනීම පාලනයකින් තොරව මුත්‍රා පිටවීම හෝ කහින විටකදී මුත්‍රා හදිස්සියේම පිටවීමයිග මෙය රෝගී තත්ත්වයකිග බොහෝදෙනා එය සැලකිල්ලට නොගත්තද නොසලකා හැරීමෙන් එම තත්ත්වය වර්ධනය විය හැකි බව පවසන්නේ මෞත්‍ර ලිංගික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නෙවිල් පෙරේරා මහතායිග
යම්කිසි පුද්ගලයකු කහින විට තදින් සිනාසෙන විටල කිවිසුම් යාමේදී මුත්රාශයට යම්කිසි පීඩනයක් ඇති වේග ස්වාභාවිකව මෙම තත්ත්වය කපාටවලට ඔරොත්තු දෙන අතර පීඩනය නිසා යම්කිසි තෙරපුමක් ඇති වුවත් මුත්‍රා පිටවීමක් ඉබේම සිදු වන්නේ නැතග නමුත් මෙම කපාට විවිර වීමක් සිදුවන අවස්ථා තිබේග එම අවස්ථාවලදී මෙලෙස පීඩනයක් ඇති වූවොත් ඉබේම පාලනයකින් තොරව මුත්‍රා පිටවේග
මෙයට හේතුව කපාට දුර්වල වීමයිග කපාටවල දුර්වලකම් ඇතිවිය හැකි අවස්ථා කිහිපයක් ඇතග
ඒවා වනුයේ ල
ශ්‍රෝණියේ මංශපේශිවල දුර්වලතා
දරු ප්‍රසූතියේදී දරුවන් වැඩි වශයෙන් ලැබීම
වයස්ගත වීම
මේ හේතූන් නිසා ශ්‍රෝණියේ මාංශ පේශිවල දුර්වලතාවයක් හට ගැනීම ස්වභාවිකයග එවිට කිවිසුමකදීල කැස්සකදී කපාට විවර වීමක් සිදු වී (Stress incontinen) තත්ත්වයක් උදාවේග
කැස්සකදී මුත්‍රා පිටවීමක් ස්වල්ප වශයෙන් ඇති වූ විට එය නොසලකා හැරිමෙන් තත්ත්වය වර්ධනය විය හැකග එබැවින් මෙවැනි අසහනකාරී තත්ත්වය මඟහරවා ගැනීමට නම් වහාම වෛද්‍යවරයෙකු මුණ ගැසි ප්‍රතිකාර වෙත යොමුවිය යුතුයග ඇතැම් කාන්තාවන් තමාට ඇති වී තිබෙන මේ තත්ත්වය වෛද්‍යවරයෙකුට පැවසීම ලැජ්ජා සහගත දෙයක් ලෙස සලකයිග විශේෂයෙන් මේ තත්ත්වය පවතින්නේ කාන්තාවන්ට බැවින් ඇතැම් කාන්තාවන් නොදැනුවත්කම නිසා ප්‍රතිකාර වෙත නොපැමිණෙතිග මෞත්‍ර ලිංගික රෝග පිළිබඳ වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ගැනීම මේ අවස්ථාවේදී වැදගත් වේග මේ සඳහා පරීක්ෂණ කිහිපයක් ඇති අතර Ultra Sound Scan පරික්ෂණය විශේෂිතයිග මෙම පරික්ෂණය මඟින් මුත්‍රාශය හිස් වන ආකාරය පිළිබඳ දත්තයන් ලබාගත හැකග එසේම මුත්‍රා පහ කිරීමේ වේගයල මුත්‍රාශයේ කපාට නිසියාකාරව ක්‍රියාකරන්නේ දැයි යන්න මෙම පරීක්ෂණවලින් ලැබෙන දත්ත අනුව වෛද්‍යවරයාට තීරණය කොට නිගමනයකට එළැඹිය හැකග
පරික්ෂණවලින් ලබාගත් දත්තයන් අනුව ඖෂධ ප්‍රතිකාර ආරම්භ කරන අතර මේ ඖෂධවලින් ගුණයක් නොමැතිව නොනවත්වාම මෙම තත්ත්වය පවතී නම් සුළු ශල්‍යකර්මයක් මඟින් යථා තත්ත්වයට පත් කළ හැකග මෙම සැත්කම සිදු කෙරෙනුයේ හිරිවැටීමකිනිග පිටතින් කැපුමක් නොපෙනෙන අතර යෝනි මාර්ගයේ අභ්‍යන්තරයෙන් මේ කැපුම සිදු කෙරේග මුත්‍රා මාර්ගය අසල දැලක් වැනි දෙයක් තැබීමක් සිදු කරයිග Sling Operation මෙම සැත්කම 90% 95% ක්ම සාර්ථක සැත්කමකිග මෙම ශල්‍යකර්මයට ගත වන්නේ පැය 1/2 විනාඩි 45 ක් අතර කාලයකිග
සාමාන්‍යයෙන් විවාහ වී දරුවන් වැඩි වශයෙන් ලැබුණු මව්වරුන්ට මෙවැනි තත්ත්වයක් උදා වීමට ඉඩ ඇතග එසේම ශ්‍රෝණියේ මාංශ පේශිවල දුර්වලතාවය නිසාද මේ තත්ත්වය ඇතිවිය හැකග
මෙවැනි තත්ත්වයන්ට තවත් එක් ප්‍රතිකර්මයක් වනුයේ මාංශපේශි ශක්තිමත් කරන ශ්‍රෝණි ව්‍යයාමයේ යෙදීමයිග මෙම ව්‍යායාම සිදු කළ යුත්තේ වෛද්‍යවරයෙකුගේ උපදෙස් සහ මඟපෙන්වීම මතයග නමුත් ප්‍රතිඵල එතරම් සෑහීමකට පත්විය නොහැක
curtesy :
dinamina.lk