Life
ඩෙංගු සුව කළ හැකියි ඩෙංගුවලට ජීවිත බිලිවිය යුතු නැහැ
මාදව හිත්තැටියේ ගුණරත්න මුදලින්ද පිරිවෙන ආශ්රයෙන් පැවති වෙද
පරම්පරාවේ මුලාරම්භය රන්නේ ශ්‍රී සුදර්ශි නායක හාමුදුරුවන්ගෙන් ආරම්භ වන
අතර, වල්පොල රාහුල හාමුදුරුවෝ, නාඔටුන්නේ සරණපාල හාමුදුරුවෝ වැනි නායක
හාමුදුරුවරුන් වෙද පාරම්පරාවට අයත්ය.
මෙම වෙද පාරම්පරාවේ පස්වැනි
පාරම්පරාව ලෙසට නො. 98/7, සුව අසපුව, කැන්දලියෑද්ද පාළුව, ගණේමුල්ලේ
පදිංචිව සිටින ඩී. ඩී. ඒ. හෙට්ටිආරච්චි වෙද මහතා පෙන්වාදීමට පුළුවන.
මාදව
හිත්තැටියේ ගුණරත්න මුදලින්ද පිරිවෙන ආශ්රයෙන් විශේෂයෙන්ම බිහි වී ඇත්තේ
සර්වාංග රෝග පිළිබඳ වෛද්‍යවරුන් වන අතර, ඒ අතරිනුත් සර්ප විෂට, රුධිර සංඝටක
වෙනස්වීම් සම්බන්ධ රෝගවලට හොඳ ප්‍රසිද්ධියක් දරා ඇත.
ඒ අනුව යමින් වෛද්‍ය හෙට්ටිආරච්චි මහතා රුධිර සංඝටක වෙනස්වීම් සම්බන්ධයෙන් ප්‍රතිකාර සඳහා දක්ෂතාවක් දක්වන බව පෙනෙන්නට ඇත.
අද
වන විට වසංගතයක් ලෙසට සමාජය පුරා භීතියක් ඇති කරලීමට සමත් වී ඇති ඩෙංගු
රෝගය වෙනුවෙන් ප්‍රතිකාර සොයා ගැනීම සඳහා වූ පරීක්ෂණ ගණනාවකින් පසු ඩෙංගු
රෝගය වෙනුවෙන් ඔහු සතු ඖෂධය සමාජයේ බොහෝ දෙනකුගේ කතා බහට ලක්වී ඇති
අයුරක් දක්නට ඇත.
දේශීය පාරම්පරික වෛද්‍ය හෙට්ටිආරච්චි මහතා ඩෙංගු රෝගය පිළිබඳ කතා කරමින්,
ඩෙංගු
රෝගය දේශීය වෛද්‍ය පොත්වල සඳහන් වන්නේ දණ්ඩක ජොරය යන නමින්. එහි තේරුම
පොළු මුඟුරුවලින් තැළුවා හා සමානව සිරුරේ වේදනාවක් ඇතිවනවා කියන එකයි.
මෙය ඊරුaන ඉදබැ ෙeඩැර ලෙසින් හඳුන්වා තිබෙන්නේත් ඉහත කාරණාව නිසාමයි.
එම ඉතා පුරාණ පොතපත පරිශීලනය කිරීමෙන් හා මා ලබා තිබෙන දැනුම අනුව තමයි ඩෙංගුවලට ඖෂධය නිපදවූයේ.
ඩෙංගු ගැන දේශීය වෛද්‍ය ක්‍රමය තුළ පුරාණ වෛද්‍යවරු මෙය සුවකළ හැකි රෝගයක් ලෙසට හඳුනාගෙන තිබෙනවා. ඇත්තම කතාව තමයි ඒ.
ඖෂධය
පානයට දෙන්නේ පොල්මලේ ගොබළු සහ ගස්ලබු කොළ කොටා ලබා ගන්නා යුෂයෙන්.
ගස්ලබු කොළ රුධිර පට්ටිකා වර්ධනයට ඉවහල් වන බව සොයා ගෙන තිබෙන කරුණක්. ඒ
පිළිකා රෝගීන් සම්බන්ධ කළ පරීක්ෂණයකදී.
ඇත්තෙන්ම ඩෙංගු රෝගයට
නෙමෙයි ඩෙංගු රක්තපාතය ඉතාම අසාධ්‍ය රෝගීන් මේ ඖෂධයෙන් සුවපත් වෙනවා. ඖෂධය
ලබා ගැනීමෙන් ඩෙංගු රක්තපාත තත්ත්වයට යන එක වලකිනවා.
ඇතැම් වෛද්‍යවරු ඩෙංගු රෝගය සඳහා ඖෂධීය තෙල් භාවිත කරනවා. ඖෂධීය තෙල් සුදුසු වුවත් මෙම තත්ත්වයට පානයට ඖෂධ අවශ්‍යයි.
දේශීය
වෙදකම අනුව උණ කියන්නේ බඩේ ගින්දර ඇති වී එය සිරුර පුරා යනවා කියන එකයි.
මෙයට හිසතෙල් ආලේපය සුවයක්. එය පිළිගත යුතු වෙනවා. එහෙත් සුවයට පානීය ඖෂධ
අවශ්‍ය වන බව අමතක කරන්න බැහැ.
ඖෂධය ලබා දෙන්නේ කොහොමද?
ඖෂධය සෑදීම සඳහා ඉතාම දුර්ලභ, වටිනා ඖෂධ රාශියක් භාවිත වෙනවා. මාස හතරක පහක කාලයක් ඒ වෙනුවෙන් වැය වෙනවා.
රෝගියාගේ
වයස, රෝගය, වැළඳුනු දින ගණන යන කාරණා බැලීමෙන් පසු නියමිත මාත්‍රාවට ඖෂධය
ලබා දෙනවා. ඖෂධය පැය හයෙන් හයට පැය දහඅටක් ලබාදිය යුතුයි. රෝගය පැය 24 න්
සුවයි. මම එය කියන්නේ ඉතාම වගකීමෙන් යුතුවයි.
මෙම ඖෂධයෙන් සිදුවන
දෙය ටිකක් මතක් කරන්නම්. ඖෂධය මඟින් ලේවල ඝනත්වය අඩු කරනවා. ඒ අනුව ලේ
ගැලීම නවතිනවා. ඖෂධය ඩෙංගු රක්තපාතය දක්වා යැම වැළැක්වීමටත්, රක්තපාතය
සුව වීමටත් බලපාන කරුණු තමයි ඒ.
පාරම්පරික වෙදකම ඉදිරියට ගෙන යන්නේ කොහොමද?
මට
පුතාලා දෙදෙනෙක් ඉන්නවා. ලොකු පුතා කතරගම, තිස්සමහාරාම, බෙලිගල
ප්‍රදේශයේ වෛද්‍යවරයෙක් හැටියට සේවය කරනවා. පුතාත් ලියාපදිංචි
වෛද්‍යවරයෙක්. නමින් ප්‍රදීප් අබේවර්ධන හෙට්ටිආරච්චි, පොඩි පුතා ළඟදී
විදේශගත වෙනවා. එයාගේ නෝනා විදේශයක ඉන්න නිසා. එයාටත් මේ හැකියාව තිබෙනවා.
ඩෙංගු
භීතිකාවක් ඇති මෙවැනි කාලයක දේශීය වෙදකම තුළින් රෝගය සුවපත් කිරීමේ
හැකියාව හඳුනාගෙන රාජ්‍ය අනුග්‍රහයක් ලබා දෙන්නේ නම් කෙතරම් අගේ දැයි
වෛද්‍ය හෙට්ට්ආරච්චි මහතා පැනයක් න ඟයි.
කතාව සැබෑවක් බව පෙනේ.
බටහිර හෝ දේශීය ක්‍රමයෙන් හෝ රෝගයට සුවයක් ලැබේ නම් ඩෙංගු රෝගය පිළිබඳ
සිතේ හටගන්නා වූ බිය තුරන් කර ගැනීමේ හැකියාවක් ලැබෙනු ඇත. සමාජයට
සැනසුමක් එක්වනු නොඅනුමානය.
සැබැවින්ම මෙම ප්‍රශ්නයට ඉක්මන් විසඳුමක් ලබාගත යුතු අවස්ථාවක අපි දිවි ගෙවමු. විසඳුමක් අත්‍යවශ්‍යය.
ඩෙංගු
රෝගය බව සැක හැර දැනගත් විගස රෝහල්ගත වන ලෙසට සමාජය දැනුවත් කිරීමේදී ඒ
අනුව කටයුතු කරන පසුබිම හමුවේ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගන්නා අතරතුර
ප්‍රතිකාරය ලබා ගන්නා අයුරක් තිබෙන බව පෙන්වා දුන් වෛද්‍ය හෙට්ටිආරච්චි
මහතා ඖෂධය ලබා දී පැය 24 න් නිවසට ගිය අය බොහෝ බව පෙන්වා දෙයි. ඖෂධය
භාවිතයෙන් කිසිදු මරණයක් වාර්තා වී නොමැති බව ඔහු තවදුරටත් පෙන්වා දෙයි.
රෝගය සඳහා විවේකය ඉතාම අවශ්‍ය බැවින් ඒ සඳහා අවධානය යොමු කළ යුතු බවද
වෛද්‍ය හෙට්ටිආරච්චි පෙන්වා දුන්නේය.
උණ, හිසරදය ඇති විටත් ඩෙංගු උණ සෑදී ඇති අයටත් නිවසේදී සාදා දිය හැකි කදිම ඖෂධයක් පිළිබඳ ඔහු විස්තර කළේය.
අවශ්‍ය ද්‍රව්‍ය
ඉඟුරු කලං 4 (ග්‍රෑම් 20)
කොත්තමල්ලි කලං 8 (ග්‍රෑම් 40)
සාදා ගන්නා ක්‍රමය
වතුර
අඬු කෝප්ප අට එකට හිදුවා පෙරා එම කෝප්පය දෙකට බෙදා උදේ, සවස සීනි ටිකක්
සමඟ පානය කිරීමෙන් ඩෙංගු රෝගය සෑදීගෙන එන විට සුවයක් ලබාගත හැක. උණ තිබෙන
විට ආහාර නොගත යුතු බව දේශීය වෛද්‍ය පොතපතහි ඇති නිසාවෙන් ඒ අනුව කටයුතු
කිරීම හොඳ වුවත් තමන්ගේ රුචිකත්වය අනුව ආහාර ගත හැකිය.
Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks