iranama
ජේයාතිෂය බඩගෝස්තරයක්ද?
අද ශ්‍රී ලංකාවේ ජේයාතිෂ පුනරුදයක් ඇතිවී තිබේ. පෙර කිසිම කලකට වඩා ජේයාතිෂ චැනලින් වැඩිවී ඇත. දැනට දශක දෙකක පමණ පෙර සිට රූපවාහිනි මාධ්‍ය ජේයාතිෂය සම්බන්ධව විශේෂ කාල පරිච්ඡේදයක් එදිනෙදාට වෙන් කර ජේයාතිෂ විද්‍යා විශාරදයන්, ජේයාතිෂ ආචාර්ය, මහාචාර්යවරුන් ලවා හුදී මහජනතාවට හිතකාමීව වැඩසටහන් මෙහෙයවීය. ජේයාතිෂ සාකච්ඡා පැවැත්වීය.
ජේයාතිෂ පුවත්පත්වල පළවන ජේයාතිෂ විද්‍යා විශාරදයන්ගේ ලිපි කියවා එම ලිපිවල පළවන ජේයාතිෂ කරුණු කාරණා, ජේයාතිෂ සිද්ධාන්ත, තම තමන්ගේ ජන්ම පත්රවලට ගළපා තේරුම් ගැනීමට ගොස් අමාරුවේ වැටී ඇති අවස්ථා ඇති බව 83 වැනි වියට පා තබන මට අවබෝධ වුණ නිසා මේ ලිපිය තරුපතිට ලියන්නට සිතිණි.
මෙසේ පළවන ජේයාතිෂ පුවත් කියැවීමෙන් දැනීම් සම්භාරයක් ගොනුකර ගනු ලබන ජේයාතිෂවේදීන් නොවන විද්වතුන් ප්‍රවීණ ජේයාතිෂවේදීන් බවට පත්ව සිටින බවද පෙනේ. විවාහ උත්සවවලදී පෝරුවේ චාරිත්‍ර කිරීමට සහාය වූ අයද ආචාර්ය, මහාචාර්ය, රාජකීය, ජනාධිපති, ජේයාතිෂ විද්‍යා විශාරද, ජේයාතිෂ ඍෂිවරුන්ද බිහිවී තිබෙන බවද පෙනේ. එමෙන්ම මෙසේ ජේයාතිෂය උගත් ප