iranama
ජූලි මාසයේ ග්‍රහ යුද්ධ දෙකයි
එළැඹෙන්නා වූ 2015 ජූලි මාසය අහස් සිතියමේ රාශි වළල්ලේ නව ග්‍රහයන් අතරින් ගුරු, සිකුරු, කුජ හා බුධට සුවිශේෂී වූ මාසයකි. මෙම මාසය තුළ ජේයාතිෂයට අනුව ග්‍රහ යුද්ධ 2කට මුහුණ දීමට නව ග්‍රහයන් අතරින් ඉහත ග්‍රහයන් සිවුදෙනාට සිදුවනු ඇත. ඒ අනුව පළමු ග්‍රහ යුද්ධය ගුරු හෙවත් බ්‍රහස්පති හා සිකුරු අතරත්, දෙවැනි ග්‍රහ යුද්ධය කුජ හෙවත් අඟහරු හා බුධ අතරත් සිදුවනු ඇත. සුකුමාල සිකුරු සමඟ ග්‍රහ යුද්ධයෙන් ජයගෙන ගුරු, සිංහ රාශියට පිවිසෙන අතර ග්‍රහ ලොව සෙන්පති හා කුඩා බුධ අතර යුද්ධයෙන් ග්‍රහ ලොව සෙන්පති හෙවත් කුජ ජය ගනු ඇත. මෙම ග්‍රහ යුද්ධවලින් ගුරුට ජය අත්වීම පමණක් යම් පමණක සුබදායක වුවත් සිකුරු හා බුධගේ පරාජයත් කුජගේ ජයත් හේතුවෙන් යම් අපලදායක තත්ත්වයක් ඇතිවනු ඇත.
ගුරු, සිංහ රාශිගත වීමට පෙර එනම් 2015 ජූලි මස 01 වැනි බදාදා පස්වරු 1.22ට ග්‍රහ යුද්ධයකට මුහුණ දීමට නියමිතයි. එනම් ග්‍රහ ලොව සුරූපිනිය හෙවත් සෞම්‍ය ග්‍රහ ලොව වන සුබ සිකුරු සමඟ ඇතිවන ග්‍රහ යුද්ධයෙන් ගුරු හෙවත් බ්‍රහස්පතිට ජය අත්වනු ඇත. මෙම ග්‍රහයන් දෙපළම නව ග්‍රහයන් අතරින් සෞම්‍ය හා සුබම ග්‍රහයන් ලෙස හැඳින්වෙයි. ඒ අනුව මෙම සටනින් ගුරු ජයගෙන සිකුරු හෙවත් ශුක්‍ර පරාජය වීම හේතුවෙන් සිකුරුගෙන් නියෝජනය වන අංශවලට දැඩි අසුබ බලපෑම් එල්ලවීමේ ප්‍රවණතාවක් දැකගත හැකිය. මෙම පළමු ග්‍රහ යුද්ධය විශ්ව කේන්දරයේ 4 වැන්න හා ලංකා කේන්දරයේ 6 වැන්න වූ සඳු හි කටකය තුළ සිදුවන අතර දෙවැන්න විශ්ව කේන්දරයේ 3 වැන්න හා ලංකා කේන්දරයේ 5 වැන්න වූ බුධ හිමි මිථුනයේ සිදුවනු ඇත.
ජූලි මාසයේ සිදුවන දෙවැනි ග්‍රහ යුද්ධය 2015 ජූලි මස 16 වැනි බ්‍රහස්පතින්දා උදේ 9.45ට සිදුවෙයි. මෙම සටනින් බුධ පරාජය වී කුජ ජය ගනු ඇත. ඒ අනුව බුධ පරාජය වීම හේතුවෙන් බුධගෙන් නියෝජනය වන අංශවලට දැඩි අසුබ බලපෑම් එල්ල වීමේ ප්‍රවණතාවක් දැකගත හැකිය.
විශේෂයෙන් මෙම ග්‍රහ යුද්ධයන්හි බලපෑම හේතුකොටගෙන ජුනි මාසයේ අවසානයේ සිට ඉදිරි ජූලි මාසය අවසානය දක්වා වූ කාලය තුළ අප රටට පමණක් නොව මුළු මහත් ලෝකයටම යම් පීඩාකාරී හා කරදරකාරී කාලයකට මුහුණදීමට සිදුවනු ඇත. ස්වාභාවික විපත් බහුලවම සිදුවන කාලයකි. ගංවතුර, නායයෑම්, භූමිකම්පා, සුළිසුළං තත්ත්ව මුහුදු විපත් කැපීපෙනෙන ලෙස වර්ධනය වන කාලයකි. ජනතාව අතර නොයෙක් වසංගත රෝග හා නොසන්සුන්තා ඇති වනු ඇත. විශේෂයෙන් කලා ක්ෂේත්රයේ හා අධ්‍යාපන ක්ෂේත්රයේ ගැටලු හා ප්‍රශ්න බහුල වන කාලයකි. ප්‍රබල කලාකාරියකට අපලදායකය. විශේෂයෙන්ම කාන්තා පක්ෂයට අපලදායක වනු ඇත. පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට නොයෙක් ගැටලු හා කරදර ඇතිවනු ඇත. දේශපාලන ලෝකය තුළ නොසිතූ නොපැතූ හැල හැප්පීම් ඇතිවෙයි. උද්ඝෝෂණ, උපවාස, වැඩවර්ජන නිතර ඇතිවන කාලසීමාවකි. රට තුළ සිදුවන මංකොල්ල හා මිනීමැරුම් හා දුරාචාර ඉහළ යන අතර රථවාහන අනතුරුවල කැපී පෙනෙන වැඩිවීමක් සිදුවනු ඇත.
සිකුරු හා බුධ මහ දශා හා අතුරු දශා, විදශා ගත කරන අය පරෙස්සම් විය යුතුය. ලග්න වශයෙන් ගත් කල මේෂ, සිංහ, වෘශ්චික, ධනු, මීන යන ලග්නවලට යම් පමණක් සුබ ප්‍රතිඵලත්, වෘෂභ, මිථුන, කටක, කන්‍යා, තුලා, මකර, කුම්භ යන ලග්නවලට අසුබ පලත් ඇති වනු ඇත. මෙම ග්‍රහ අපල සඳහා බදාදා, සිකුරාදා බෝධි පූජා පැවැත්වීමත්, විෂ්ණු, කතරගම හා පත්තිනි දෙවියන්ට පින් අනුමෝදන් කිරීමත් යහපත් වනු ඇත.
Wmqgd .ekSu u