iranama
ජීවිතය බබළවන දීප්ත ග්‍රහයෝ
අද අපි සොයා බලන්නෙ කන්‍යා ලග්නෙ ඔයාලට කොහොමද ග්‍රහයො දීප්ත වෙන්නේ කියලා. ඒ වගේම මෙයාල කන්‍ය ලග්නය හිමි ඔයාලට මොනවද දෙන්නෙ කියලත් හොයල බලනව.
ඔයාල කන්‍යා ලග්නයෙන් ඉපදුනයි කියන්නේ ලංකාව වගේ රටකට වාසනාව අරගෙනම ආව කියන එක තමයි. ඒ කියන්නේ එක් අතකින් දැල්වෙන පහනකුත් අනික් අතින් වී කරල් මිටියකුත් අතින් ගත් සුන්දර ලලනාවක් තමයි ලකුණ. මේ ලලනාව හැබෑ හැඩකාරියක් වගේ තමයි පේන්නෙ. ඒ වගේම අතින් කරල් අරන් ඉන්නව කියන්නේ ඇතුළත් පිරිල කියන එකනෙ...... ඒ වගේම ඉන්නේ ඕනම ගමනකට සූදානම් ශරීරෙ කියල තමයි.
මෙහෙම කිවුවහම ඔයාල හිතයි හැම කන්‍යාවක්ම වාසනාවන්තයි කියල. ලග්නෙන් වාසනාවන්ත තමයි. ඒත් ඒක එහෙමම වෙන්න නම් ළද බොළඳ නොවෙන්න එපාය. ඒකට නම් ඉතිං ග්‍රහයොත් හොඳට පිහිටන්න එපායෑ. ඒ හොඳට පිහිටනව කියන එකේ එක තත්ත්වයක් තමයි ග්‍රහයො දීප්තව ඉන්න එක. ඉතිං මෙයාල දීප්තව ඉන්න ඔයාලගේ ජීවිතෙත් මල්ම තමයි. හැබැයි මේ ලග්න කාරයෝ අයිති උභය චතුෂ්කයට. ඒ කියන්නේ නිතරම වෙනස් වෙනවා. කටුස්සන්ට වගේ වාසියට පාට මාරු කරන්න අමාරුවක් නැහැ. ඒ වගේම මේ කත නිතරම ඉන්නේ ගමනට සැරසිලා. ඒ සූදානම තමයි පඨවි ත්‍රිත්වයේ අවසානය බලා යැම. මේ නිසාම තමයි මේ ලග්නය හිමි ඔයාල ඥානවන්ත වෙන්නේ. විසඳීමෙහි දක්ෂයො වෙන්නෙ. ඒත් ඔයාල හරි කලබලයි. මේ නිසාම ලාභවලට වැඩිය පාඩු කර ගන්නවා. ඒ වගේම තමාට තමාත් විශ්වාස නැති වෙනවා. ඒකත් ඉතිං නවතින්නේ අලාභයකින් තමයි. මේ තත්ත්වයන් වෙනස් වෙන්න නම් ඔයාලටත් ග්‍රහයො දීප්තව ඉන්න ඕන.
කන්‍යා ලග්න ඔයාලගේ ලග්නයේ බුධ ඉන්නව නම් දීප්තයි. ඒ වගේම මෙතන බුධ ඔයාලට දිග්බලයි. කේන්ද්‍රගතයි. ඒ නිසාම මේක පංඡ මහා පුරුෂ යෝගවලින් එකක් වෙන භද්‍ර යෝගයත් වෙනවා. මේ නිසාම ඔයාල හරි වාසනාවන්තයි. සල්ලිය බාගේ ගැන ලොකුවට නොහිතුවට පොත පත පණ වගේ සලකනවා. ඒ කියන්නේ අතයි හිතයි නිතර පොතේ කියන එකනේ. ඒ නිසාම ඔය ගණිත මිනිත වැඩ වගේම ජ්‍යෙdතිෂයටත් එක වගේ දක්ෂ වෙනවා. කවිය සංගීතය නැටුම වගේ දේත් ඔයාලගේ ඇඟේම තියෙනවා. නිරහංකාර වගේම දැනුමෙන් හරි පොහොසත්. කලා අංශ, ජනමාධ්‍ය, සංනිවේදන අංශවල බැබළෙන බොහෝ දෙනෙකුට මේ පිහිටීම තියෙනවා. ඒ වගේම මේ දීප්ත මෙයත් එක්ක සිකුරු එකතු වුණොත් මේ මහා ධශා අතුරු දශා කාලයන්හිදී ඔයාලට රාජ යෝගත් ලබනවා.
02 භාවයේ ශනි ඉන්නව නම් දීප්තයි. දුක සැප සමසේ දරා ගැනීමට ශක්තිය ඇත. ඔය එක එක විදියේ අය එක මිම්මකින් බලන්න ඔයාලට හැකියාව තියෙනවා. අරමුණක් උදෙසා ඕනෑම කැපවීමක් කරන්නත් මෙයාල දක්ෂයො. හැබැයි විවාහය නම් පරක්කු වේවි. එහෙමත් නැත්නම් කලකිරේවි. තමන්ගේම දරුවන් නැති වුණත් හොඳ ගෝල පරපුරක් හදන්න වාසනාව තියෙනවා.
කුජට අයිති ඔයාලගේ තුන්වැන්නේ කේතු ඉන්නවා නම් දීප්තයි. හැබැයි මෙතන ඉන්න මෙයා කරන්නේ ඥානය දියුණු කරන එක තමයි. ඔය ගුප්ත විද්‍යාව එහෙම ඔයාලට හොඳට පිහිටනවා.
ඉඩ කඩම් දේපළ වගේම අම්ම ගැන කියන හතරවෙනි භාවයේ ඔයාලට දීප්ත ග්‍රහයො නැහැ. ගුරුට අයිති මෙතනින් කියන දේවල්වලින් ඔයාලට අඩු පාඩුවක් පේන්නෙත් නැහැ.
වර්තමාන පිං පෙන්වන 05 භාවයේ කුජ ඉන්නව නම් දීප්තයි. ඒ නිසාම ඔයාල හරි කඩිසරයි. එඩිතරයි. කාර්මික අංශයේ දැනුම උපතින්ම අරගෙන ඇවිත් තියෙනවා. ඒ වගේම ගුප්ත කටයුතුවලටත් දක්ෂකම තියෙනවා. කාමාශාව නම් ටිකක් බලවත්. ඒකනම් හරහට හිටින්න ඉඩ තියෙනවා.
ලෙඩ රෝග හා සතුරන් පෙන්වන 06 වෙනි භාවයේ ඔයාලගේ ග්‍රහයන් දීප්ත නැහැ. ඒ නිසාම මේවයින් ගැලවෙන්න ඔයාලට ටිකක් අමාරු වෙනවා.
ඔයාලගේ 07 වෙනි භාවයට සිකුරු දීප්තයි. මේ නිසාම ඔයාලගේ යුග දිවිය වගේම බාහිර සම්බන්ධතාත් හරි වාසනාවන්තයි. යමක් කමක් තියෙන හැම තත්ත්වයකින්ම ඉහළ සුරූපිනියක් සිකුරු හතේ ඔයාලට විවාහයට ලැබෙනවා.
08 වෙනි භාවයට රවි දීප්තයි. මෙතනින් පෙන්වන්නේ විපත්. ඔයාලට රාඡ්ජුරුවන්ගෙන් ලැබීම තියෙනවා. ඒත් ගින්දරින් ගිනි අවිවලින් වගේ දේවලින් ගැලවෙන්න අමාරුයි. ඒත් සමාජයේ නමක් තියන්න ඔයාලට හැකියාව ලැබෙනවට තමයි.
09 ඉතිං පෙර පින් පෙන්වන තැනනේ. මෙතන ඉන්න සඳු වගේම රාහුත් දීප්තයි. මේ දෙන්න එකට ඉන්නකොට ඔයාල ඉපදුනයි කියන්නේ හඳ රාහු අල්ලන වෙලාවක ඔයාල ඉපදුනා කියන එකනේ. ඒක හොඳ මදි තමයි. මේ දෙන්නගෙන් සඳු මෙතන හිටියොත් ඔයාල හරි වාසනාවන්තයි. කතක් නම් රූමත්ය. පුතෙක් නම් කඩවසම්ය. බොහෝ ඇසූපිරූ තැන් ඇති අයෙකි. රාහු මෙතන නම් ආත්මාර්ථකාමී නිසාම ධනය බලය රැස්වේ.
10 වැනි භාවය කියන්නේ කර්මස්ථානය නේ. මෙතන ඔයාලගේ දීප්ත ග්‍රහයො නැහැ. ඒ වුණත් බුධට අයිති මෙතන ඉන්න ඕනම ග්‍රහයෙක් ඔයාලට සුබ ඵල දෙනවා. රවි කුජ දිග්බල වෙනව වගේම රාහු වගේ ග්රහයෙකු හිටියොත් මහ දසා අතුරු දශාවන්හිදී කීර්තිය පැතිරෙන පළාතක් බබළවන නායකයෙක් වෙනවා. ඒකට හේතුව මෙතන බැබළෙන්න දීප්ත ග්‍රහයෙක් නැති එක.
11 වැනි භාවය අයස්ථානය නේ. මේ අයස්ථානයේ ගුරු තැන්පත් නම් දීප්තයි. යන යන තැන මිල මුදලින් අඩුවක් දැනෙන්නේ නැහැ. සල්ලිය බාගෙ නිතර අතේ ගැවසෙනවා. ඕනම වැඩක් කරන්න ශක්තිය වාසනාව ලැබෙනවා. යන යන තැන ගරු නම්බු සොය සොයා එනවා.
12 වැනි භාවය වැයස්ථානය නේ. මෙතනත් දීප්ත ග්‍රහයො නැහැ. ඈතින් ඉන්න ප්ලූටෝ නම් දීප්තයි. ඒත් එයා ගොඩක් ඈත ඉන්න වාමක ග්‍රහයෙක්නේ. ඒක නිසාම ඔයාලගේ විදේශ සම්බන්ධතා දුර්වල වෙනවා. ඔයාලට පාඩු වෙනවා.
කොහොම වුණත් ජීවිතය ග්‍රහයන්ටම බාර දෙන්න හොඳ නැහැ. එහෙම වුණහම ඕන තක්කඩියෙක්ට අපව රවටන්න හැකියාව ලැබෙනවනේ. තමන්ට තමන් විශ්වාස නැති එකේ එක තත්ත්වයක් තමයි ග්‍රහයන්ට ජීවිතය බාරදීම. ඒක එහෙම වෙන්නෙත් ඒ ග්‍රහයො දීප්ත නැති වුණහම තමයි. ඒ නිසා මේ ග්‍රහයො කොහොම හිටියත් අපේ ශක්තියට එක දීල ග්‍රහයන්ට දෙක දුන්නොත් ජීවිතය දිනන්න වාසනාව ලැබෙනවම තමයි.
Wmqgd .ekSu