iranama
ජන්මීන් ධනවත් කරවන ග්‍රහ බලපෑම්
"ධනවාන් බලවාන්".... ලෝකේ යනුවෙන් ප්‍රකාශිත වන පරිදි ධනවතා බලවතා බව පැවසෙයි. එය අද සමාජය දෙස බලන විට අපට පෙනී යන කරුණකි. ධනය ලැබීම සම්බන්ධව කරුණු සෙවීමේදී 2 වැන්නෙන් තැන්පත් ධනය ගැනත් 11 වැන්නෙන් ලැබෙන ධනය ගැනත් කරුණු සොයා බැලිය හැකිය. තමාගේ කේන්ද්‍රයේ 2 වැන්නාධිපතියා 11 වැන්නේත් 11 වැන්නාධිපතියා 2 වැන්නේත් ඇති නම් ප්‍රබල ධනයක් ලැබීමත්, තැන්පත් වීමත් එක හා සමාන වන පිහිටීමකි. මහා ධන කුවේරයන් වීමේ භාග්‍යය මෙම ග්‍රහයෝගය තුළින් උදා කෙරේ. එසේම 2 අධිපතියා ලග්නයේත්, ලග්නාධිපතියා 2 වැන්නේත් තැන්පත්ව ඇතොත් ස්වකීය උත්සාහයෙන් ධනය උපයා ධනවත් බවට පත්වනු ඇත. කටක ලග්නයේ ගුරු සඳු ලග්න ගත වීමද, වෘශ්චිකය වී සිකුරු පස් වැන්නේ වීමද මේෂ වෘශ්චික ලග්නයක් වී කුජ හෙවත් අඟහරු ග්‍රහයා ලග්න ගතව සිටීමද මිථුන කන්‍යා රාශියක්වී බුද ලග්න ගතව සිටීමද ධනු මීන වී ගුරු ලග්න ගතව සිටීමද, මකර කුම්භ වී ශනි ග්‍රහයා ලග්නගතව සිටීමද ස්වෝත්සාහයෙන් ධනවත් වීමේ දෛව වාසනාව ඇති ජන්මියෙක් බවට පත්වීමේ පිහිටීමක් වනු ඇත.
9 වැන්න අධිපතියා 9 වැන්නේ සිටීමද 9, 11 අධිපති ග්‍රහයින් රාශි මාරුකර ගෙන සිටීමද 9, 11 අධිපති ග්‍රහයින් රාශි මාරුකර ගෙන සිටීමද, 2, 11 අධිපති ග්‍රහයින් 5, 9 අධිපති ග්‍රහයින් සමග යෝගව සිටීමධ 5 අධිපතියා 5 වැන්නේ සිටීමද 11 අධිපතියා 11 වැන්නේ සිටීම හා 2 වැන්නේ සිටීමද ධනවත් භාවය ලැබීමට ඉවහල් වන ග්‍රහ තත්ත්වයන් වෙති. ලොතරැයි මගින් වාසනාව උදා කිරීමටද සමත් වනු ඇත. 5 වැන්න අධිපතියා 2 වැන්නේ හා 2 වැන්න අධිපතියා 5 වැන්නේ සිටීමද හදිසි ධනයෝග උදා කෙරෙන ග්‍රහ බලයකි. 2, 7, 8, 9, 11 රාශි ශුභ ග්‍රහ බලපෑම් තුළින් පෝෂිතවීම උසස් ධන තත්ත්වයක් ඇති කිරීමට ඉවහල් වන බව ජ්‍යෝතිෂයට අනුව පැහැදිලි වනු ඇත. 2 වැන්නට සම්බන්ධ ග්‍රහබලපෑම් අනුවද ධනවත් භාවය තීරණය කළ හැක. රවි ග්‍රහයා මේෂ සිංහ රාශියක්වී 2 වැන්නේ බලවත්ව සිටීම රජයේ අනුග්‍රහයෙන් ධනවත් භාවය ලැබීමට අතිශයින්ම ඉවහල්වනු ඇත. රජයේ සේවය කරන කොට ගෙනද ධනවත් භාවය ලැබීමට හේතු සහිත වෙයි. බුධ ග්‍රහයා 2 වැන්නේ බල සහිතව සිටීමෙන් ශාස්ත්‍රීය කටයුතු ග්රන්ථ ලේඛන කලාව ආදිය උපයෝගී කරගෙන උසස් ධන තත්ත්වයක් උදාකර ගැනීමට හැකි වනු ඇත. ව්‍යාපාරික ක්ෂේත්රයේ ද ධනවත්භාවය ලැබීමට ඉවහල් වනු ඇත. ගුරු හෙවත් බ්රහස්පතී ග්‍රහයා 2 වැන්නේ කටකයවී සිටීම ප්‍රබල ධනයෝගයකි. ධනු මීන වී යෙදීමෙන්ද ධනවත්භාවය ලැබීමට ඉවහල් වනු ඇත. ව්‍යාපාරික කටයුතු වලින්ද කොටස් මුදල් යොදවා කරනු ලබන හවුල් ව්‍යාපාර වලින්ද ධනවත් භාවය ලැබීමට හේතුවනු ඇත.
කිවි හෙවත් සිකුරු ග්‍රහයා 2 වැන්නේ උච්ච ස්වයංක්ෂේත්ර රාශියක් වී සිටීමෙන් විචිත්‍ර භාණ්ඩ අලෙවිසල් නෘත්‍ය ශාලා ආදී කටයුතුවලට සම්බන්ධ ක්ෂේත්රවලට සම්බන්ධ වෘත්තීන්වල යෙදීමෙන් උසස් ධන තත්ත්වයනට හිමිකම් කීමට හැකිවනු ඇත. සඳු 2 වැන්නේ බලවත්ව සිටීමද ධනයෝග උදා කිරීමට සමත්වනු ඇත. (2 වැන්න වෘෂභ කටක රාශියක් වීම විශේෂයි) රජයට සම්බන්ධ අනුග්‍රහය ලැබීමටද සිසිල් පැන ද්‍රව වර්ග අලෙවියෙන්ද ධනවත් භාවය ලැබීමට ඉවහල් වනු ඇත. කුජ හෙවත් අඟහරු ග්‍රහයා 2 වැන්නේ සිටීමෙන් අවි ආයුධ නිෂ්පාදන කටයුතු ඉංජිනේරු අංශ සම්බන්ධ උපකරණ අලෙවියෙන්ද (මෝටර් රථ අමතර කොටස්) උසස් ධන තත්ත්වයකට හිමිකම් කීමේ භාග්‍ය උදාවන බව සැළකිය යුතුය. ''ශනි'' හෙවත් ''සෙනසුරු'' ග්‍රහයා මකර කුම්භ රාශියක් වී 2 වැන්නේ තැන්පත් වීමෙන් ගොඩනැඟිලි ද්‍රව්‍ය අලෙවියෙන් දැව කර්මාන්තයෙන් උසස් ධන තත්ත්වයත් උදාකර ගැනීමට හැකිවන බව ජ්‍යෝතිෂයට අනුව නිගමනය කළ යුතුයි. 2 වැන්නට රාහුගේ බලපෑම අනුව නියෝජිත ධුර වැනි කටයුතු වලින්ද ව්‍යාපාරික ක්ෂේත්රයෙන්ද ධනවත්භාවය ලැබීමට හැකිවනු ඇත. මෙම ග්‍රහ ප්‍රතිඵල දෘෂ්ඨි සංයෝග ආදියට අනුව අඩුවැඩි වනු ඇත.
Wmqgd .ekSu