Life
'චීස්' හෘද රෝග අවදානම වළක්වයි
බාල,
තරුණ, මහළු කොයි කා අතරත් ජනප්රිය ආහාරයක් වන "චීස්" මෙතෙක් සැලකුනේ
ඒවා වැඩි වශයෙන් අනුභව කිරීම හෘද රෝගවලට අත වැනීමක් ලෙසිනි. ඒ චීස්වල
වැඩි වශයෙන් අඩංගු සංතෘප්ත මේදයන් (සැටියුරේටඩ් ෆැට්ස්) හා ලුණු
හේතුවෙනි.
සංතෘප්ත මේදයන් හා ලුණු අඩංගු ආහාර වර්ග වැඩි වශයෙන්
පරිභෝජනය කිරීම හෘද රෝග, අධි රුධිර පීඩනය, කොලෙස්ටරෝaල් වැනි රෝග වැළඳීමේ
අවදානම ඉහළ නැංවීමට හේතුවන බව බටහිර පර්යේෂකයන් විසින් මෙතෙක් සැලකුවත්
ඩෙන්මාර්කයේ කෝපන්ගේගන් සරසවියෙහි පර්යේෂකයන් පිරිසක් විසින් සිදුකරන ලද
පර්යේෂණයකදී අනාවරණය වී ඇත්තේ චීස්වල අඩංගු සංතෘප්ත මේදයන් හා ලුණු
ප්රමාණය කොලෙස්ටරෝල් හෘද රෝග හා දෙවැනි ඝනයේ දියවැඩියාව යන රෝගවලින්
පුද්ගලයින් ආරක්ෂා කරන බවයි. එමෙන්ම චීස් අනුභව කිරීමෙන් දත් දිරා යැම
වළක්වන බවද පර්යේෂකයින් විසින් අනාවරණය කර ගෙන තිබේ.
Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks