Health
ගෙදර හීලෑ බල්ලා වුණත් සපා කන්න පුළුවන්
කොළඹ ජාතික රෝහලේ ප්ලාස්ටික් ශල්‍ය විශේෂඥ වෛද්‍ය
තුෂාන් බෙනරගම
බලු සුරතලුන් හා නිවෙසේ සාමාජිකයන් අතර තිබෙන්නේ මොනතරම් අපූරු බැඳීමක් දරෑ සමහර විටෙක ඒ බැඳීම් අවුරුදු ගණන් පැරණි විය හැකියග ඉතා විශ්වාසසවන්ත විය හැකියග නමුත් ඒ විශ්වාසය නිසාම අනපේක්ෂිත මොහොතකදි බලු සුරතලුන් වෙතින් අනතුරට ලක්වන අවස්ථා ඉතා බහුලව හඳුනාගත හැකග ඊට හේතුව කුමක්දරෑ ඉතාමත් විශ්වාසවන්තව නිවසේම ඇති දැඩි කරන බල්ලන් පවා හුරු පුරුදු රැකබලාගන්නන් සපා කන්නේ ඇයිරෑ
අපට බහුලව හඳුනාගත හැකි සිදුවීමක් නම් නිවසේ ඇති දැඩි කරන බල්ලන් හට වඩාත් සමීපව සිටින කුඩා දරුවන්ව සපා කන අවස්ථායග
කොළඹ ජාතික රෝහලේ ප්ලාස්ටික් ශල්‍ය විශේෂඥ වෛද්‍ය තුෂාන් බෙනරගම මහතා ඒ පිළිබඳ දැක්වූ අදහස් මෙසේයග
බොහෝවිට කුඩා දරුවන් තමයි නිවෙසේ ඇති කරන බල්ලන් සමඟ වැඩිපුර ඇසුරට යන්නේග දරුවන් බල්ලන් සමඟ සෙල්ලම් කරනවාග උන්ගේ කනට ඇඟිලි දමනවාග කටට අත දමනවාග එසේම බල්ලන් සමඟ සෙල්ලම් කළ ද නොකළ ද ඕනෑම මොහොතක බල්ලන් හපා කෑමක් සිදු කළ හැකියිග විශේෂයෙන්ම කුඩා දරුවන් හට මේ පිළිබඳ වැටහීමක් නැහැග
ඇල්සේෂන්ල Pit Bull Terrier, Bullmastiff, doberman pinscher වැනි ප්‍රමාණයෙන් විශාල බලු විශේෂ අපට නිවෙස්වල දැකගත හැකියිග
වෙනත් රටවල නම් යම් බලු විශේෂ ඇති දැඩි කිරීමට අවසර ගැනීමේ ක්‍රමවේදයක් ඇතග එසේම නිවෙස්වල ඇති දැඩි කිරීමට තහනම් බලු විශේෂ ද ඇතග
තවද බල්ලකු විසින් පැන සපා කෑමේදී බොහෝදුරට අනතුරට ගොදුරුවන්නේ මුහුණයග එසේම නහයල කටල කනල ඇස මේ ඕනෑම ස්ථානයක් බල්ලාගේ සපා කෑමට ලක්විය හැකග මෙහිදී ඇතිවන තුවාලයේ බරපතලකම අනුව කැළැල් ඇතිවිය හැකග ප්‍රතිකාර සිදු කිරීමෙන් පසුව ඉතිරි වන කැළැල් 100්‍ර ක් යථා තත්ත්වයට පත් කිරීමේ හැකියාව නැතග නමුත් ප්‍රතිකාරයේදී හැකි කරම් කැළල අවම වන ආකාරයෙන් ප්‍රතිකාර කිරීම සිදු වේග බොහෝවිට මෙවැනි අනපේක්ෂිත අනතුරක් නිසා ඇසට ස්ථීර තුවාල සිදුවිය හැකග
මෙවැනි හේතුන් මත විශේෂයෙන්ම කුඩා දරුවන් ලොකු බල්ලන් සමඟ ඇසුරට යොමු කිරීම හැකිතාක් වැළැක්විය යුතුයග එසේම මෙවැනි බල්ලන් සිටින අසල්වැසි නිවෙස්වලට කුඩා දරුවන් යැවීම වැළැක්විය යුතුයග
සුනඛයන් හා මිනිසා අතර බැඳීම ඈත අතීතය තෙක් දිවෙන බව අපි දනිමුග එබැවින් බල්ලන් විශ්වාසවන්ත සතුන් ලෙස අපි හැමවිටම හඳුනා ගනිමුග එනමුත් බල්ලන් කිසිදු අවස්ථාවක සපා නොකයි යන විශ්වාසය සහතික කළ නොහැකග අවුරුදු ගණන් නිවසේ ඉතා මිත්‍රශිලීව හැදී වැඩුණ ද ඕනෑම මොහොතක බල්ලකු විසින් නිවසේ හොඳින් දන්නා හඳුනන පුද්ගලයකු පවා සපා කෑමේ හැකියාව සහිතයග
විශේෂයෙන්ම නිවසට පැමිණි අලුත් සාමාජිකයකු එසේත් නැතිනම් නිවසේ සිටින අලුත උපන් බිළිඳකුට අවධානය යොමු වීම වැනි කවර හේතුවක් මත හෝ නිවසේ සාමාජිකයන්ගේ අවධානය යොමුවන කල බල්ලන් හට එය හොඳින් වැටහේග එවැනි අවස්ථාවල බල්ලන් හට නැවත ඒ අවධානය තමා වෙත යොමු කරවා ගැනීමේ අවශ්‍යතාව තදින් පවතීග එවිට බල්ලන් අවධානය දිනා ගැනීමට යම් යම් අයුරින් උත්සාහ දරයිග
තවද ඉහත දැක්වූ ආකාරයේ බඳු විශේෂ සපා කෑ විගස උන්ගේ මුඛය තදින් වැසී සවි වේග එවැනි අවස්ථාවලදී ද සිදුවන අනතුර වඩාත් බරපතළ තත්ත්වයකට පත්විය හැකග
එබැවින් මෙවැනි අනතුරු අවමකර ගැනීමට හෝ වළක්වා ගැනීමට නිරන්තරයෙන් සැලකිලිමත් වීම වැදගත් වේග කිසිවිටෙක බල්ලා නිවසේ ඇති දැඩි වන හීලෑ සතකු බව සලකා හෝ විශ්වාසකර උන්ට වඩාත් සමීප වීමට හෝ අනවශ්‍ය ආකාරයෙන් හිරිහැර කිරීමට හෝ කටයුතු නොකළ යුතුයග
බලු සුරතලුන් අපේ මනස සුවපත් කරන බව සැබෑයග නමුත් ඒ සෑමවිටකම අප සැලකිලිමත් හා ප්‍රවේසම් විය යුතුමයග
විශේෂයෙන්ම කුඩා දරුවන් මෙවැනි බල්ලන් සමඟ ගැවසීමේදී කල්පනාකාරී විය යුතුයග
සමහර විටෙක මෙවන් අනපේක්ෂිත අනතුරක් නිසා ඇතිවන ප්‍රතිඵලය ජීවිත කාලයටම බලපෑ හැකග මෙවැනි අනතුරු නිසා ඇතිවන කැළැල් 100්‍රක් සැකසිය නොහැකි වේග කළ හැක්කේ කැළැල් උපරිමව අවම වන ලෙස ප්‍රතිකාර සිදු කිරීම පමණයග
බලු සුරතලුන් අපගේ මනස සුවපත් කරයිග අපි උන්ට කරුණාවන්ත වෙමුග රැකබලා ගනිමුග එනමුත් සැමවිටම අපගේ ආරක්ෂාව පිළිබඳව ද සැලකිලිමත් වෙමුග
curtesy :dinamina.lk