iranama
ගෙදර වාස්තු දෝෂවලින් ජීවිතයම බේ්‍රක්
අද ලිපියට පාදක වුණ නිවෙස හදාගෙන යන අවස්ථාවේදී වාස්තු පරීක්ෂා කළ අවස්ථාවක්. මෙම නිවෙසේ හිමිකරු විදේශ රැකියාවක නියුතු අයෙක්. හම්බ කළ දේ මූලිකවම නිවෙස වෙනුවෙන් වියදම් කර ගොඩනඟමින් තිබුණා. ඔහු කෙටි නිවාඩුවකට ලංකාවට පැමිණියේ නිවෙසේ දැන් තත්ත්වය ගැන සොයා බලා අලුත් ගෙදර නැකැත් කීපයකටත් සහභාගි වෙමිනි.
නිවෙසේ ව්‍යුහය සෑහෙන දුරට එම අවස්ථාවේදී නිමකර තිබුණා. උළුවහු තැබීමට නැකැතකුත් සාදාගෙන තිබුණේ. හොඳ නැකැත් වුණත් වැරැදි තැනක ප්‍රධාන ෙදාර තිබ්බොත් ගුණයක් නැහැ. උළුවස්ස තැබීමට නියමිතව තිබූ තැන දෝෂ කීපයක් එකතු වුණ තැනක්. එම අවස්ථාවේ හෝ වාස්තු පරීක්ෂා කළ නිසා දෝෂ නොවන්නට එම කටයුතු සිදුකරගන්න හැකි වුණා.
මෙම නිවෙස ඇතුළත වූ අංගයන් දිශාගත කිරීමේදීත් නොගැළපෙන යම් දෝෂ සිදුවී තිබුණා. ඉදිකර තිබූ කාමර, අවශ්‍යතාව මත හා දිශාවන් අනුව හුවමාරු කර භාවිතයට ගැනීම නිසා අනවශ්‍ය වියදමක් සිදුවුණේ නැහැ.
නිවෙසේ අලංකාරය ලබාගන්න එකතු කර තිබූ හැඩතල නිසා අතුරු දිශා කීපයක් හිස්ව පැවතීමත් හොඳ නැහැ. ඊසාන හිස්වීමෙන් අධ්‍යාපනය, ඉදිරි කටයුතු පිළිබඳ නිසි දැක්ම ආදිය අඩාල වීමත් සිදුවිය හැකියි. ගිනිකොනේ මෙසේ අඩුපාඩු පැවතියහොත් ලැබීම් අංශය අවහිර වීම සිදුවෙයි. ආදායම් මාර්ග ඇනහිටීම, ව්‍යාපාර අඩපණ වීම, ආර්ථිකය අඩාල වීම සිදුවිය හැකියි. නිවැසියන්ගේ ජීවිතවලට බාධා එල්ල වීම සිදුවෙන්නට නිරිත හා වයඹ දිශාවන් හිස්වීම බලපෑ හැකියි.
මෙම දිශා උෟනතා මඟහැරෙන පරිදි නිවෙසකට නව කොටස් එකතු කිරීමෙන්, නිසි පරිදි නිවෙසේ මායිම් සැකැසීමෙන් නිවැසියන්ට මුහුණදීමට සිදුවෙන ගැටලු වැළකෙනවා.
මේ නිවෙසේ වාස්තු පරීක්ෂා කරන අවස්ථාවේදී සම්පූර්ණ වහල කොටස් ගසා තිබුණා. ඉහළම තිබූ වහලය වතුර ටැංකියට ඉහළින් දෝෂ වෙන ආකාරයටයි ගසා තිබුණේ. ඉතා කෙටි මුදුනක් වීමත්, වැරැදි දිශාවන්ට මුදුන් ලීය එල්ල වීමත්, නුසුදුසු ස්ථානයක මුදුන තිබීමත් ප්‍රධාන වහලයෙන් ගෙනදුන් දෝෂයි. සරල, නිවැරැදි ආකාරයට වහලය නැවත සකස් කර ගත යුතු අන්දම ඔහුට පහදා දුන්නා.
නිවෙස හදාගෙන යන අවස්ථාවේ වුණත් අතරමැද මේ වගේ වාස්තු පරීක්ෂා කර ගත්තොත් සිදුවෙන්නට තියෙන හානිකර පැති රාශියක් වළක්වා ගන්න පුළුවන්.
මේ සියලුම කටයුතු නැවතත් සංවිධානය කළ නිවෙස් හිමියා විදේශ ගත වන්නේ ඊළඟ වතාවේ ලංකාවට ඇවිත් සෞභාග්‍ය ගෙන දෙන නිවෙසක පදිංචි වීමට ඇති ආසාවෙන්.
සිවිල් ඉන්ජිනේරු වාස්තු විද්‍යාවේදී ගයාන් එරමුදුගොඩ
Wmqgd .ekSu u