Beauty
ගෙදරදීම ලස්සන වෙන්න
මුළුතැන්ගෙය තුළදීම මුණ ගැසෙන දේවල් යොදාගෙන අපේ රුව වඩවගන්න වගේම, සෞඛ්‍ය සම්පන්නව ඉන්නන් පුළුවන් වුණාට අපට ඒ ගැන තිඛෙන උනන්දුව අඩුයි. මේ තියෙන්නේ ඒ වගේ පහසු ක්‍රම කිහිපයක්.
අද කාලේ බොහෝමයක් කාන්තාවන් සහ පිරිමි පාර්ශ්වයට පවතින ගැටලුවක් තමයි උදරය ඉදිරියට නෙරා ඒම. මෙය දැන් තරුණ, වැඩිහිටි හැමෝම මුහුණ දෙන ප්‍රශ්නයක් වෙලා. උදෑසන අවදි වූ වෙලාවෙම හිස්බඩ උණු වතුර වීදුරුවක් බීලා ඊට විනාඩි 20 කට හෝ 30කට පසුව තේ එකක් බිව්වම උදරය නෙරා එම අඩු කරගන්න පුළුවන්.
ඒ වගේම පිපිඤ්ඤා ගෙඩි 1/2ක්, දෙහි ගෙඩි 1/2ක්, මින්චි කොළ ටිකක්, ඉඟුරු කැබැල්ලක් අරගෙන ඒවා කෑලිවලට කපලා ජෝගුවකට දමාගෙන වතුර පිරෙන්න දාලා රෑට ශීතකරණයේ තියලා උදේම අරන් එය වීදුරුවකට දාලා කෑමට පෙර දවසට දෙවරක් බිව්වමත් උදරය නෙරා ඒම අඩු වෙනවා. මාස දෙකක් විතර මේ දේ කළොත් යහපත් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්.
උදේම තේ එක බීලා ගොටුකොළ මිටක් විතර අරගෙන එය බ්ලෙන්ඩරයෙන් මිරිකා ගන්නා ඉස්මවලට දෙහි බින්දු කීපයක් දාලා සතියට තුන් පාරක් විතර බිව්වම හිසකෙස් වර්ධනය හොඳින් සිදු වෙනවා. හිස්බඩම බිව්වොත් ඉතා හොඳ ප්‍රතිඵල ලබා ගන්න හැකි වෙනවා.
අපි හැමෝම කැමැතියි අපේ සම පැහැපත් කරගන්න. ගොඩක් සල්ලි වියදම් කරලා එක එක ඛ්පඥචථ ජාති ගාලා මූණ කැත කරගන්නේ නැතිව ලේසියෙන්ම කරන්න පුළුවන් දෙයක් තියෙනවා. ඔබට කරන්න තිඛෙන්නෙ උදේම කැරට් යුෂ වීදුරුවක් හදාගෙන ඒක බොන්න විතරයි.
කවුරුවත් ගෙදර නැති වෙලාවක බඩේ අමාරුවක් හැදුණොත් මොකද කරන්නේ? බලන්නකෝ ඔයාලා වෙනදට කරන දේට වඩා මෙය කොච්චර පහසුද කියලා. ඉඟුරු කෑල්ලක් තළලා ඉස්ම අරන් ඒකට මී පැණි තේ හැදි 01ක් දාලා හොඳට කලවම් කරලා බොන්න. ඊට පස්සේ උණු වතුර උගුරකුත් බොන්න.
ගොඩක් අය කැමැතිනේ ගස්ලබු කන්න. හැමදාම ගස්ලබු කන අය පොඩි වෙනසක් කරමුද? සතියකට දෙවතාවක් වගේ ගස්ලබු ඕතඥදඤ කරලා යුෂ ටිකක් බොන්න. හැබැයි සීනි දාන්නෙ නැතිව බිම්වනම් තමා ගොඩක් හොඳ, ඒ තුළින් මල බද්ධය පහසු කර ගන්න වගේම සම පැහැපත් කරගන්නත් පුළුවන් වෙනවා.
පලතුරු කියන්නේ මේ ලෝකේ ඕනෑම කෙනෙක් කන්න කැමැති දෙයක්. දන්නවද පැපොල්, කොමඩු, ඇපල් හා දොඩම් වැනි දියර පලතුරු කෑවම ශරීරයේ බර අඩු කරගන්න පුළුවන්. මේ දවස්වල කෙට්ටු වෙන්න උත්සාහ අයට නම් මේක සුබ ආරංචියක් වෙයි.
ගෘහණියන්ට තිඛෙන තවත් ප්‍රශ්නයක් තමා එළවළු සහ අල වර්ග පිසීමට ගන්නා විට ඒවායේ තියෙන කහට අත්වල ගෑවෙන එක. ඒවා යවාගන්න කරන්න තියෙන්නේ පොඩිම පොඩි දෙයක්. ඒ දෙහි, විනාකිරි හෝ ගාපු පොල් වැනි දෙයකින් දෑත් හොඳට අතුල්ලලා සේදීම පමණයි.
තරුණියන්ට ගොඩක් වෙලාවට මුහුණ දෙන්න වෙනවා ඇස් යට කළු වෙන ප්‍රශ්නයට අලිගැටපේර ටිකක් හූරලා අරන් ඒකට ජ්පඥඵඩ ර්ඪතඬ හරි කිරිපිටි හරි කලවම් කරලා ඇස් යට වගේම මුහුණෙත් හොඳින් ගාන්න. විනාඩි 20කට විතර පස්සේ හොඳට සෝදන්න. සතියට 03 පාරක් විතර කළා නම් ඒ ප්රශ්නය නැති වෙලා යයි.
කුරූලෑ මතු වෙන්න එක හේතුවක් තමා තෙල් සහිත සමක් පැවැතීම. කෝමාරිකා මදය අරගෙන ඒකට දෙහි බින්දු කීපයක් දාලා මූණේ ආලේප කරලා විනාඩි 15කට පස්සෙ හෝදන්න ඕන. ඔහොම සතියට 4 පාරක් විතර කළා නම් මුහුණෙ තියෙන තෙල් ගතිය නැති කරගන්න පුළුවන්. ඒ වගේම කුරුලෑවලින් ආරක්ෂා වෙන්නත් පුළුවන්.
දහදිය දුඟඳ ප්‍රශ්නයට අපි කවුරුත් කරන්නේ ඩියොඩ්රන්ට් වර්ගයක් පාවිච්චි කිරීම. නමුත් හොඳම දේ තමයි ගොඩක් වතුර බොන එක, ඒ වගේම ඇඟ සිසිල් කරන දේවල් බොන්න ඕන. තවත් දෙයක් තමා ඉරමුසු කුඩු ටිකක් අරන් තේ හදන විදියට හදලා පෙරා බොන්න ඕන. ඒ වගේම මුං ඇට ටිකක් පෙඟෙන්න දාලා ඒක හොඳට අඹරලා අරන් ඇඟේ ගාලා හොඳට නාන්න ඕන. මෙහෙම සතියට 04 පාරක් හරි 05 පාරක් හරි කළාම ශරීරයෙන් එන දහදිය දුඟද නැති කරගන්න පුළුවන්.
අපි හැමෝටම හැදෙන ලෙඩක් තමා ඔළුවෙ කැක්කුම. පහසු විසඳුමක් තිඛෙනවා. ඒ තමා ඔළිඳ කොළ දෙහි ඇඹුලින් අඹරලා නළල දෙපැත්තෙන් ආලේප කිරීම එහෙම කළාම හිසරදය නැත්තටම නැති වෙයි.
curtesy :http://tharunee.lk
(under the courtesy of goodhousekeeping.lk web)