Beauty
ගෙදරදීම උඩුතොලේ රෝම ඉවත් කරන ස්වාහාවික ක්‍රම
1.කහ සහ කිරි සත්කාරය.
කහකුඩු තේ හැන්දකට කිරි ස්වල්පයක් දමා කළවම් කරන්න. එම මිශ්‍රණය මෘදුව ඔබේ උඩුතොලේ ඇඟිල්ලෙන් ආලේප කරන්න.වේළුණු පසු මෘදුව ස්කරබ් කරන්න. ඇල් ජලයෙන් සෝදාහරින්න.
2.කහ සත්කාරය
කහකුඩු සමග ජලය මිශ්‍ර කර ඔබේ උඩුතොල මත ආලේප කරන්න.පැය භාගයකට පමණ පසුව මෘදුව සම්භාහනය කරසෝදාහරින්න.
3.බිත්තර සුදුමද
බිත්තරයක සුදුමදය ගෙන කෝන් ෆ්ලවර් සහ සීනි තේ හැඳි භාගය බැගින් මිශ්‍ර කර අතේ ඇලෙන මට්ටමට එනතෙක් මිශ්‍ර කරන්න. එය උඩුතොලේ රෝම වැවුණු ස්ථානයේ ආලේප කර මිනිත්තු 30ක් පමණ වේලෙන්නට තබා ගලවා ඉවත් කරන්න.
ඉක්මන් ප්‍රතිඵල සඳහා මෙය නොකඩවා සතියට දෙවරක් බැගින් කරන්න. මසක් ගතවනවිට ඔබට යහපත් ප්‍රතිඵල දකින්නට ලැබේවි.
4.යෝගට් සහ කඩල පිටි සත්කාරය
යෝගට් කඩල පිටි සහ කහකුඩු සම ප්‍රමාණයෙන් ගෙන බඳුනකට දමා ඝන මිශ්‍රණයක් වනතෙක් හොඳින් මිශ්‍ර කරන්න.එය අනවශ්‍ය රෝම වැවෙන ස්ථානයේ ගල්වා මිනිත්තු 15ක් 20 ක් අතර කාලයක් වියලීමට ඉඩහරින්න.නැවත මෘදුව අතුල්ලමින් එය ඉවත් කර ඇල් ජලයෙන් සෝදාහරින්න.
5.තිරිඟු පිටි සත්කාරය
තිරිඟු පිටි සහ කහ කුඩු ස්වල්පයකට කිරි ස්වල්පයක් එක කර ඝන මිශ්‍රණයක් සාදාගෙන එය උඩු තොල් මත ගල්වාවියලුනු පසු ගලවා ඉවත් කරන්න.
6.
ලෙමන් ගෙඩියක් මිරිකා එයට සීනි එක කර මෘදු ආලේපයක් වනතුරු හොඳින් කවලම් කර ගල්වා මිනිත්තු 15ක් පමණ තබා ඇල් ජලයෙන් සෝදාහරින්න.
ඉහත ප්‍රතිකර්ම ත්‍රෙඩින්, ීමට්ර උ්ංසබට යන ක්‍රම වලට අමතරව ඔබට භාවිතා කළහැකි අතර වේදනාව අඩුවෙන් යහපත් දිගුකාලින ප්‍රථිඵල අත්කරගත හැකි ඒවා වේ.
curtesy :
www.wishmaya.com
(under the courtesy of goodhousekeeping.lk web)