Life
ගැබ්ගෙල පිළිකා හඳුනා ගත හැකි පැප් පරීක්ෂාව
ගැබ්ගෙල පිළිකා වැළැක්වීම සඳහා දියුණු රටවල භාවිතා කරන පැප් පරීක්ෂාව මගින් එම රටවල ගැබ්ගෙල පිළිකා ඇතිවීමේ අවදානම වළක්වාගෙන තිබේ. වයස අවුරුදු 35 දී විවාහක සහ ලිංගික සබඳතා පවත්වන සෑම කාන්තාවක් ම පළමු පැප් පරීක්ෂාව සිදු කර ගත යුතු ය.
රජයේ රෝහල්වල පැවැත්වෙන සුවනාරි සායන මගින් පැප් පරික්ෂාව නොමිලේ සිදු කර ගත හැකි ය. මේ සඳහා පවුල් සෞඛ්‍ය සේවිකාව සමග සාකච්ඡා කිරීම ද වැදගත් වෙයි.
පැප් පරීක්ෂාව මගින් පිළිකාවක් ඇති වීමට පෙර හඳුනා ගත හැකි ය. ගැබ්ගෙල පිළිකා වැළඳීම ඉතාම භයානකවන අතර පැප් පරීක්ෂාව කෙරෙහි උනන්දුවීම වැදගත්වන්නේ ඒ නිසා ය.
යම් කාන්තාවක් ගැබ්ගෙල පිළිකාවකට ගොදුරු වී ඇත්නම් ලිංගික සම්බන්ධයකින් පසුව රුධිරය වහනය, ඔසප් චක්‍ර 02 ක් අතරතුර අසාමාන්‍ය රුධිර වහන, යෝනි මාර්ගයෙන් දුගදක් සහිත ශ්රාවයක් පිටවීම වැනි ලක්ෂණ ඇති වෙයි.
ඒ හේතුවෙන් වයස අවුරුදු 35 ට වැඩි කාන්තාවන් පැප් පරීක්ෂාවට යොමුවීමෙන් ගැටළු වළක්වාගත හැකි ය. පැප් පරීක්ෂාවේ දී යෝනි මාර්ගයෙන් උපකරණයක් ඇතුළු කර ගැබ්ගෙල සෛල සුළු ප්‍රමාණයක් ගෙන රසායනාගාර පරීක්සාවකට ලක් කරන අතර එය වේදනාකාරී පරීක්ෂාවක් නොවේ.
Wmqgd .ekSu taIshka