SexEducation
ගර්භණී සමයේ ලිංගික සංසර්ගය නරක ද?
ගර්භණී සමයේ මුල් කාලයේ ඔබට ඔක්කාරය, වමනය හා ඇගේ පතේ රුදාව බොහොම තදින් දැනේවි. ඒ කාලයේ ඔබ ලිංගිකව එකතු වීම ගැන සිතන්නේවත් නැතිව ඇති. ඒත් සමහර කාන්තාවන්ට එහෙම නැහැ. සමහර ගර්භණී කාන්තාවන්ට ලිංගික ආශාවන් වඩාත් තදින් දැනෙනවා. පිරිමි අයටත් මේ තත්වය කිසි වෙනසක් නැහැ. සමහර පිරිමින්ට ගර්භණී කාන්තාවන් ලිංගිකව ඉතා ආකර්ශණීය වෙන අතරේ සමහර අයට එසේ නැහැ. ඒත් බොහෝ පිරිමින් ගර්භණී සමයේ ලිංගිකව එකතු වීමට බිය වෙන්නේ ඔබට හෝ ඔබේ කුස තුල සිටින දරුවාට හානියක් වේවි යැයි බිය නිසා.
හොඳ කාලයක් හෝ නරක කාලයක් තියෙනවා ද?
ගර්භණී සමයේ මුල් කාලයේ ඔබට විවිධ අපහසුකම් දැනෙනවා. මේ ඔබගේ පලමු ගර්භණී වීම නම් මේ දේවල් ඔබට ඉතා අලුත් අත්දැකීම් විය හැකියි. ඔබ කලින් ගර්භණීවී හිටියත් ඔබට ඒ කාලයේ දැනුනු අපහසුතා දැන් මතක නැතිව ඇති. ඔබට ඔබේ සැමියා වැලඳ ගැනීම පවා සමහර විට අපහසුකමක් විය හැකියි.
ගර්භණී සමයේ දෙවන ත්‍රෛමාසිකය වන විට ඔබට කලින් තිබුනු අපහසුතා මගහැරිලා. ශාරීරිකව ඔබ සනීපෙන්. ඔබේ යෝනි මාර්ගයේ ශ්‍රාවයන් දැන් ටිකක් වැඩියි. ඔබේ ලිංගික අවයවවලට රැධිර ගලා ඒම වැඩිවෙලා. ඒ නිසා ලිංගික වින්දනය දැන් වෙනදාට වඩා වැඩියි. ඔබේ කුසත් තවම එතරම් ලොකු නැති නිසා ඔබට මේ කාලයේ ලිංගිකව එක්වීම වඩා පහසුයි සහ ආශ්වාදජනකයි. සමහර කාන්තාවන්ට මේ කාලයේ දී වඩාත් ලිංගික ආශාවන් වැඩියෙන් දැනෙනවා. ඔබේ ශරීරයේ ඇතිවන හෝමෝනමය වෙනස්කම් එයට හේතු වෙනවා.
ඔබේ ගර්භණී සමයේ තුන් වන ත්‍රෛමාසිකයේ දී ඔබ නැවතත් කලින් වගේම ශාරීරික අපහසුතාවලින් පෙලෙන්න පටන් ගන්නවා. ඔඛෙ කුසත් මේ වෙන විට විශාල වෙලා. ඒ නිසා ප්‍රායෝගිකව ලිංගිකව එක්වීම අපහසු වෙන්න පුලුවන්.
දරු ප්රසූතුයට ආසන්න කාලයේදී ලිංගිකව එක්වීම හා සුරාන්තයට පත්වීම :දරට්ිප- මගින් චරදිඒටක්බාසබ නම් රසායනය නිදහස් වෙනවා. මෙමගින් ප්රසූතු වේදනාව ඉක්මන් විය හැකියි.
ඔබේ සැමියා ඔබට හෝ කුස තුල සිටින දරුවාට හානියක් වේයැයි සිතා ඔබ හා ලිංගිකව එක් වීමට බිය වන්නේ නම් ඔහුට මෙසේ පැහැදිලි කර දෙන්න. ඔබේ කුස තුල සිටින දරුවා ජලය හා පටක වලින් සැදුනු ආරක්ෂක ආවරණ වලින් වැසී සිටින කෙනෙක්. ඒ නිසා ඔඛෙ ගර්භණීභාවය අවදානම් තත්වයන්ගෙන් තොර නම් ලිංගිකව එක්වීම හැම අතින්ම අනතුරු රහිතයි. කෙසේ වෙතත් යම් යම් තත්වයන් තුලදී ගර්භණී සමයේ ලිංගිකව එක්වීම අනතුරුදායක බව මතක තබාගත යුතුයි. ඒ තත්වයන් ගැන සොයා දැනගන්න. ඔබේ වෛද්‍යවරයා සමග සාකච්ඡා කරන්න.
ලිංගික ඉරියවු
ඔබේ කුස ක්‍රමයෙන් විශාල වනවාත් සමගම සාම්ප්‍රදායික ප්බ-දබ-එදච ඉරියවුවෙන් ලිංගිකව එක්වීම ඔබට අපහසු වේවි. අනෙක් කාරණය නම් ගර්භණී සමයේ අවසාන කාලයේදී ඔබ උඩුබැලි අතට සිටීම හොඳ නැහැ. උඩුබැලි අතට සිටින විට ඔබේ ගර්භය ඊට පිටුපසින් තිඛෙන විශාල රුධිරවාහිනී තදින් තෙරපනවා. එවිට ඔබගෙ හෘදයට එන ලේ ප්‍රමාණය හා හෘදයෙන් පිටවන ලේ ප්‍රමාණය අඩුවී ඔබට ක්ලාන්ත ගතියක් හෝ හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇති විය හැකියි. මෙය .ිමචසබැ යහචදඑැබිසඩැ ිහබාරදපැ. නමින් හඳුන්වනවා.
අවදානම් තත්වයන්
ගබ්සාවීම්, ගැබ්ගෙලේ දුර්වලතාවයන්, යෝනි මාර්ගයෙන් ලේ වහනය වීම්, යෝනි මාර්ගය සම්බන්ධ ආසාදන, .අ්එැර ඉ්ට. කැඩීම හා වැදෑමහ පහතින් පිහිටා තිබීම යන තත්වයන් වලදී ලිංගික සංසර්ගය අනතුරුදායක විය හැකියි.
ගර්භණී සමයේ මුල් මාස තුන ඇතුලත සිදුවන ගබ්සාවීම් බොහෝවිට සිදුවන්නේ දරුවාගේ ජානමය පිහිටීමේ වෙනසක් නිසා. වෛද්‍ය පරීක්ෂණ මගින් ඔප්පු වුනු ජානමය ගැටලුවක් නැතිනම්, ඔබ මේ ගැන හේතු රහිතව බියවිය යුතු නැහැ. මෙවැනි තත්වයන්වලදී ගර්භණීභාවය රැක ගැනීමට සමහර විට කලහැකි දෙයක් නැහැ.
දෙවන ත්‍රෛමාසිකය තුලදී වන ගබ්සාවීම් බොහෝ විට සිදුවන්නේ ආසාදන හෝ ගැබ්ගෙලේ දුර්වලතාවයක් නිසා. ගැබ්ගෙලේ දුර්වලතාවයක් යන්නෙන් අදහස් වන්නේ, ඔබේ කුස තුල සිටින දරුවා වැඩෙන විට එම බර හා පීඩනය දරාගත නොහැකිව ගැබ් ගෙල විවෘත වීමයි. මෙහිදී ඔබේ වෛද්‍යවරයා ඔබව ිජ්බ පරීක්ෂණයකට ලක්කර අවශ්‍ය නම් ජැරඩසජ්ක ජසරජක්ටැ සැත්කමට බඳුන් කරනු ඇති. ලිංගිකව එකතුවීම මේ තත්වයේ දී අනතුරුදායකයි.
සංසර්ගයෙන් පසු සුරාන්තයට පත්වීමේදී ඡරදිඒටක්බාසබ නම් රසායනය නිපදවීම නිසා සමහර විට ප්‍රසූති වේදනාව ඇති විය හැකියි. ඔබ නිසි කලට පෙර ප්‍රසූති වේදනාව ඇති වීමට අවදානමක් ඇති කෙනෙක් නම් ගර්භණී සමයේ අවසාන කාලයේ ලිංගිකව එක් වීම අනතුරුදායකයි.
ඔබේ වැදෑමහ පහතින් පිහිටා ඇති නම් ලිංගිකව එක්වීමේදී අධිකව රුධිර වහනය විය හැකියි. මෙය .චක්ජැබඒ චරුඩස්. නමින් හැඳින්වෙනවා. මේ තත්වය ිජ්බ පරීක්ෂණයේදී දැනගත හැකියි.
නිසිකලට පෙර ඔබේ අ්එැර ඉ්ට කැඩී ඇත්නම් ලිංගිකව එක්වීමේදී ආසාදනයන් ඇතුලු විය හැකියි. දුගඳ හමන ශ්‍රාවයන් ඇති වීම ආසාදනවල තවත් රෝග ලක්ෂණයක්. අනාරක්ෂිත සංසර්ගය නිසා විවිධ ආසාදන ඔබට, ඔබේ කුස තුල සිටින දරුවාට මෙන්ම ඔබේ සැමියාටද වැලඳිය හැකියි.
අවසාන නිගමනය
සාමාන්‍ය හා කිසිම අවදානම් තත්වයක් නැති ගර්භණීභාවයකදී ලිංගිකව එක්වීම ගැටලුවක් නැහැ.