Life
ගර්භණී සමයෙහි පාදයේ ඇතිවන ඉදිමුම් තත්වය
පාදයෙහි සහ වළලුකර වල ඇතිවන ඉදිමීම් ගර්භණී සමයේ සිටිනා ඔබ වැනි මව් වරුන් අතර නිතර ඇතිවන තත්වයකි. නමුත් එය ඔබට හෝ දරුවාට කිසිසේත්ම බලපෑමක් ඇති නොවනා ඉතා සුලබ හා බිය නොවිය යුතු තත්වයකි.
මෙය සුලභ ලෙස සිදු වනුයේ නිවුන් දරු උපතක් බලාපොරොත්තු වන හෝ ගැබනි සමයේ 6 වෙනි මස හා දරු උපත අතර කාලයේ පසුවන මව්වරුන් අතරයි.මෙය ඔබ හට තරමක් අපහසුකාරී තත්වයක් වන්නට පුළුවන්. මෙම ඉදිමීම් හා අපහසුතාවය අඩුකරගැනීමට ඔබ විසින්ම එදිනෙදා ජීවිතයෙහි ක්‍රියාවෙහි යෙදවිහැකි ඉතා පහසු සරළ ක්‍රියාකාරකම්ද පවතී.
ගර්භණී සමයේ පාදවල ඉදමීම සිදුවන්නේ ඇයි?
මෙහිදී සිදුවනුයේ පාදයෙහි පටක අතරෙහි අතිරේක තරල තැන්පත් වීමයි. නමුත් ගර්භණී සමයෙහිදී සිදුවන මෙවැනි ඉදිමීම් ඉතා සාමාන්‍ය තත්වයන්ය. මන්දයත් ගර්භණී ඔබගේ සිරුර වෙනදාට වඩා වැඩි ජල ප්‍රමාණයක් මෙම කාල සීමාවේදී සිරුර තුල තබාගැනීමට උත්සහ කරන නිසයි. මෙම තත්වය නිසා ඔබගේ රුධිරයේ පවතින අතිරේක තරල පටක අතර ඇති අවකාශයට නිකුත් කෙරිමෙන් රුදිරය තම නියත සංයුතිය පවත්වා ගැනිමට උත්සහ කරයි. තවද සිරුරේ පහල කොටසේ සිට හදවත දක්වා රුධිරය රැගෙන යන අධර මහා ශිරාව මත ඔබගේ වැඩෙන ගර්භාශය මගින් ඇති කරන පීඩනය නිසා රුධිර ගැලීම මන්දගාමී කර රුධිරයෙහි වන අතිරේක ජලය පටක තුලට වැඩි වැඩියෙන් ගමන් කිරීමට පෙළඹේ.
මෙම තත්වය පාලනය කර ගත හැක්කේ කෙසේද?
මෙම ඉදිමීම් අඩුකරගැනීමට එදිනෙදා ජීවිතයේදී ඔබ විසින් සිදුකළ හැකි ක්‍රියාකාරකම් රාශියකි. ඔබ මෙම සමයේදී දවසේ සිටගෙන සිටිනා කාලය හැකි පමණින් අඩු කරන්න. බොහෝ වෙලාවක් එකම ඉරියව්වෙන් සිට ගෙන සිටීමට සිදුවන ක්‍රියාකාරකම් මගහරින්න. ඔබ සිටගෙන සිටින විට හැකිවිටකදී පදයේ වළලුකර වටාකාරව කරකවන්න. ඔබට හැකිනම් හොඳම දෙය නම් බිම දිගාවී පාද සිරස්ව තබාගෙන සිටින්න.
ඔබ නිදාගන්න විට හැකිනම් වම් ඇලයට නිදියන්න. එවිට පෙර සඳහන් කල අධර මහා ශිරාව වෙත ඇති පීඩනය අවම වේ. එමගින් හොඳ ලේ ගමනගමනයකට අවස්ථාව සැලසේ. හැකිනම් නිදියන විටදී ඔබගේ පාද තරමක් උඩින් තබාගන්න මෙය සඳහා සරළව කොට්ට කිහිපයක් භාවිතාකළ හැක. සම්පීඩන මේස් පළදින්න. ඔබට වෙළඳපොළෙහි ඔබගේ කලවා පෙදසට ආධාර කරන මේස් ද සුලබව සොයාගත හැකියි.
ඔබ ශාරීරික ක්‍රියාකාරකම් පවත්වාගෙන යාම පිළිබන්ධව සැලකිලිමත් වීමද වැදගත්ය. ඔබගේ දිනචර්යාවට දෛනිකව ඇවිදීම අංගයක් ලෙස එකතු කරගන්න. වෛද්‍ය වරයාගේ අනුමැතිය ලබාගැනීමෙන් පසු පාපැදි පැදීම හෝ පිහිනීම මගින් ඔබට ඔබගේ පාද ඉදිමීම් අඩු කරගැනීමට මෙන්ම විනෝද වීමටද අවස්ථාවක්ද ලබාදේ යි. තවද හැකිපමනින් සිහිල් ව සිටීමත්, ඉදමුම් ස්ථාන ශීත ජලයෙන් සෝදා හැරීමත් ප්‍රයෝජනවත් වෙයි.
කකුල් ඉඩමීම යම් අවදානමක පෙර ලකුණක් ද?
කෙසේ වෙතත් ගර්භණී සමයේදී ඉදිමුම් ආශ්රිත