Life
ගබ්සාවක් වූ පසු සැත්කමක් කරන්න ඕනෑමද?
ගබ්සා වීම ගැන කතා කරන විට අප තුළ අනිසි බියක් එකවර ඇතිවන්නට පුළුවන්. ඒත් හානි වූ කලලයක් ස්වාභාවිකව වරණය කිරීමක් සිදුවන බැවින් මෙහිදී කාන්තාවන් බොහෝ කරුණු පිළිබඳ සැලකිලිමත් විය යුතුයි.
ගබ්සාවීමක් යනු
සති 28කට වඩා අඩු කලලයක් හානි වී ස්වාභාවිකවම එය ඉවත් වීම ගබ්සාවක් ලෙස හඳුනා ගනියි. බටහිර ර ටවල නම් මෙය පිළිගැනෙන්නේ සති 24ට අඩු කලලයකට හානි වීමක් ලෙසයි. ගැබ්ගෙන මුල් කාලයේ හෝ පසු කාලයේ වුවත් මෙවැන්නක් සිදුවිය හැකියි. රෝගී හෝ අංගවිකල වැනි දුර්වලතා සහිත දරුවකු උපත ලැබීම ස්වාභාවිකවම වැළැක්වීමක් මින් සිදුවෙයි.
කලලයක් සෑදීමේ ගැටලු
මවු කුස තුළ කලලයක් නිර්මාණය වීමට ඩිම්බ කෝෂ හා ශුක්‍රාණු එක්වීම සිදුවිය යුතුයි. එලෙස එක්වීමේදී ඇතිවන ගැටලුද ගබ්සා වීමට බලපෑ හැකියි. එහිදී එක්වන වර්ණදේහවල සංඛ්‍යාවේ හෝ රටාවේ අඩු වැඩි වීමක් නිසා දරුවකු බිහි නොවීමට හෝ ගබ්සා වීමට හේතු විය හැකියි.
ගබ්සා වීමට හේතු
Wmqgd .ekSu taIshka