Health
ගංවතුර ව්‍යාසනයට මුහුණ දුන් ඔබටයි
කැලණිය විශ්ව විද්‍යාලයේ මනෝ වෛද්‍ය අංශයේ කථාකාචාර්ය රාගම ශික්ෂණ රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය
ආසිරි රොද්‍රිගු
සිත්නනගගග
ඔබ පොතක් කියවනවා කියාග නමුත් එහි එක් පරිච්ඡේදයක් ඔබේ සිත් ගන්නේ නැහැග එය ඉතාම නීරසයිග එසේ වූණත්ල ඔබ පොත කියවීම නවතා නොදමන්නේ එහි එක් පරිච්චේඡේදයක් ඔබේ සිත් නොගත් පමණින් සමස්ත පුස්ථකයම එලෙස නීරස නොවන නිසයිග
මඳක් බලන්න අපේ ජීවිතත් ඉතාමත් අපූරුවට මේ උදාරහණය සමඟ ගලපාගන්නට පුළුවන්ග ජීවිතයේ මොනතරම් අමිහිරි අත්දැකිම්වලට මුහුණ දෙනවාදරෑ ඒවා පැහැදිලි කළ උදාහරණයේ තිබු නීරස පරිච්ඡේද හා සමානයිග එසේ වූණත් ඔබත් මමත් අපි කවුරුත් ජීවිතය නමැති පුස්තකය ඉවත දමනවාදරෑ දිගින් දිගටම කියවනවාදරෑ
රටතුළ ඇතිවන ව්‍යසනකාරී තත්ත්ව මානසික ගැටලු වලට හේතුවක් දරෑ
මේ වන විට අප රට තුළ වරින් වර ඇතිවන ව්‍යසන තත්ත්වයන් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට වෙන් කළ හැකියිග මේවායින් කොටසකට හේතුව මිනිසා විසින් සිදුකරනු ලබන ක්‍රියාකාරකම් වන අතර ඉතිරිය සඳහා හේතු වන්නේ ස්වභාවික තත්ත්වයන්යග මේ සඳහා ඉතා මෑත කාලීනව දක්නට ලැබෙන උදාහරණ ලෙස මීතොටමුල්ල ආශි‍්‍රත ඇති වූ සිදුවීම හා ගංවතුරල නායයාම් හේතුවෙන් ඇති වූ ව්‍යසනකාරී තත්ත්වයන් පිළිබඳ පැහැදිලි කළ හැකියිග කෙසේ වෙතත් මේ කුමන ආකාරයකින් හෝ පුද්ගලයාගේ ජීවිත මෙන්ම දේපළ වලට ඇති කරනු ලබන පීඩාකාරී ස්වභාවය නිසා මානසික වශයෙන් කඩා වැටීම ඉතාමත් ස්වභාවිකව ඇතිවන තත්ත්වයකිග මේ අතර නින්ද නොයාමල නුරුස්සන ස්වභාවයල අවිනිශ්චිත බවල හිතේ විසිරුණු ස්වභාවයල අධික තිගැස්මල හිසරදය වැනි පීඩාකාරී මානසික මෙන්ම කායික තත්ත්වයන් ඉතා සුලබව දැක ගත හැකිවේග මෙවැනි ගැටලු ඉතාමත් කෙටි කාලීන වන අතර ප්‍රතිකාර කිරීමේ අවශ්‍යතාවක් ද නොමැතග ඒ වගේම මෙවැනි ව්‍යසනකාරී අවස්ථාවකට මුහුණ දීමෙන් පසුව සපිරෙන මුලික අවශ්යතාවන්ල සාමූහික බවල හිතවත්කම් මෙන්ම ව්‍යසනයට ලක් නොවූ ජනතාව තමා සමඟ සිටිනවා යන හැඟීම ඔවුන් මුහුණ දුන් අත් දැකීම නිසා ඇති වූ පීඩාකාරී බව තව තවත් අඩු කිරීමට හේතුවකිග
දීර්ඝ කාලීනව මානසික ගැටලු ඇතිවෙනවාදරෑ
ඉහත පැහැදිලි කිරීමට අනුව මෙවැනි පීඩාකාරී තත්ත්වයකට මුහුණ දුන් අයට ඇතිවන මානසික ගැටලු තාවකාලිකව යටපත් වුවද ඇතැම් ඒවා දීර්ඝ කාලීනව බලපෑම් ඇති කර විය හැකියිග සිදු වූ විපතෙන් පසුවටත් තමා අත් විදි දරුණු මතකයන් නැවත නැවතත් සිහිනට නැඟීමල රාත්රියේදී භයානක සිහින දැකීමල නිතර ඇතිවන තිගැස්මල විපත පිළිබඳ සාකච්ඡා කිරීමට ඇති නොහැකියාව හෝ අකමැත්ත ආදී රෝග ලක්ෂණ මෙහිදී දැකගත හැකිවේග මෙම තත්ත්වය traumatic Stress Disoder ලෙසින් හැඳින්වේග
මීට අමතරව සිතෙහි නිතර ඇතිවන දුක් සහිත බව තෙහෙට්ටුවල පෙරදී සිතට සතුටක් අතිව වන දේ පවා එපා වීමල නින්ද නොයාම කෑම අරුචියල නිතර ඇතිවන අසුබවාදී සිතුවිලි ආදී විෂාදය
(Depression) නමැති රෝගයේ ලක්ෂණ ද මේ සමඟ ඇති විය හැකියිග
අත් මිදීමට සිදු කරන්නේ කුමක්දරෑ
ඇතැම් අය මෙම මානසික ගැටලු වලින් අත්මිදීමට යැයි සිතා මත් පැන් හා මත් ද්‍රව්‍ය වලට යොමුවීම හේතුවෙන් තමාට ඇති වූ ගැටලු සිතින් මඟ හැරීමට උත්සාහ කරනු ලැබේග නමුත් එවැනි ක්‍රම මඟින් සිදු වන්නේ තත්ත්වය තව තවත් දරුණු වීම පමණිග කෙසේ වෙතත් මෙවැනි මානසික පීඩාකාරී තත්ත්වයන් එදිනෙදා ජීවිතයට දැඩි බලපෑම් එල්ල කළ හැකි නිසා එම රෝගී තත්ත්ව හඳුනා ගැනීම වගේම අදාළ ප්‍රතිකාර කරා යොමු වීමද ඉතාමත් වැදගත්ග
විශේෂයෙන් ආගමික වශයෙන් වැඩි නැඹුරුවක් ඇති කර ගැනීමල සමාජීය සබඳතා හා සමතුලිත පෞරුෂය මෙවන් ව්‍යසන වලින් පසුව ඇතිවන මානසික ගැටලු වලින් ආරක්ෂා වීමට උපකාරී වේග
මානසික ගැටලු ඇතිවන්නේ ව්‍යසනයට මුහුණ දුන් අයට පමණදරෑ
ඉහත පැහැදිලි කළ මානසික ගැටලු අදාළ ව්‍යසනකාරී තත්ත්වයට ගොදුරු වූ අය පමණක් නොව ඒවා සියැසින් දුටුල ගලවා ගැනීමේ හා ආපදා සේවාවන් සැපයූ වෙනත් පුද්ගලයන්ට වගේම නිළධාරීන්ට පවා ඇතිවිය හැකියිග ඊට හේතුව ඔවුන් ද එම අවස්ථාවල තම ජීවිත පවා අවදානමට ලක්කරමින් ආපදා තත්ත්වයට මුහුණ දීම මෙන්ම එම අනතුරුවලට මුහුණ දුන් පුද්ගලයන් සමඟ නිරන්තරව ගැටීම නිසා ඇතිවන කායික මානසික විඩාවයිග
ඔබට කළ හැක්කේ කුමක්දරෑ
මේ වන විට මෙවැනි විවිධාකාර ආපදා තත්ත්වය නිසා බොහෝ අත්දැකීම් වලට අප රට වැසියන්ට මුහුණදීමට සිදු වී තිබේග යම් ලෙසකින් එවැනි අත්දැකිම් ලැබු අය ඕනෑතරම් ඔබගේ සමීපතමයන් වශයෙන් ද සිටීමට එවැනි විටෙක ඔවුන්ගේ මානසික පීඩාව අවම කිරීමට යම්තාක් දුරකට හෝ දායක විය හැකියිග
එසේ ඔබ විසින් ලබාදෙන උපකාර ප්‍රථමාධාර” (Phycholiyical Frist
aid හැඳින්වේග
මනෝ වෛද්‍යමය ප්‍රථමාධාර
Phychological Frist aid
01- අනතුරට මුහුණ දුන් තැනැත්තාට කරුණිකව හා සාවදානව සවන් දීම
02- ඔවුන් ඔබට පවසීමට කැමති දේ බලකිරීමකින් පැවසීමට ඉඩ ලබා දීමග මෙමඟින් ඔබ විසින් ඔවුන් මානසික පීඩනය බෙදාහදා ගැනීමකට සමාන කාර්යය සිදු කරනු ලැබේග
03- වචනයෙන් පමණක් නොව හැසිරීමෙන් පවා එම පුද්ගලයාගේ තත්ත්වය ඔබට සහ කම්පනය (Empathy) වන බව ඇඟවීමග නමුත් මෙම හැසිරීම ඔවුන්ට ඔබ දක්වන අනුකම්පාවක් ලෙස නොදැනීමට වගබලා ගත යුතුයිග
04- පීඩාවට පත් වූ තැනැත්තාගේ මූලික භෞතික අවශ්‍යතා :ආහාරල ජලයල සුරක්ෂිත නවාතැන්ල ප්‍රමාණවත් සුවපහසුවල අන් අය සමඟ සම්බන්ධ වීම- සඳහා ඔබට හැකි උපරීම උපකාරී වන්නග ඒවා සපයා ගත හැකි මාර්ග වෙත ඔවුන්ව යොමු කරවන්නග
05- ඔවුන් හුදකලා වී නොමැති බව සහ උපකාරයට තවත් බෝහෝ පිරිස් සිටින බව අගවන්නග
06- යථාර්ථවාදීව ඔවුන්ව හැකි තරම් ධෛර්යමත් කරන්නග
07- ඔවුන්ට අහිමි වූ දේ නොව ඔවුන් සතුව ඉතිරිව පවතින ශක්තීන් හා ඔවුන්ට හිමිවන උපාකාර තුළින් යළි ජීවිතය ගොඩනඟ ගැනීමට හැකියි යන සිතුවිලි වලින් ඔවුන්ව ශක්තිමත් කිරීම හා ඊට හැකි සෑම ආකාරයකින්ම ඔබට උපකාර කළ හැකියිග
නුවන්ත කුලරත්න
curtesy :dinamina.lk