Life
කෝපි පානය කිරීමෙන් සැලසෙන වාසි 7ක්
කෝපි කියන්නේ ගොඩක් දෙනෙක් පානය කරන්න අකමැතිම බීමක්. සමහරු ඉන්නවා දවසකට දෙතුන් වතාවක් පවා කොපි පානය කරන. හැබැයි ඉතින් ඕනෑම දෙයක් ඕනෑවට වඩා හොඳ නෑ. ඒ නිසා කෝපිවලට ඇබ්බැහි වීම හොඳ නැති වුණත් කෝපි පානය කිරීම නිසා සැලසෙන වාසිත් බොහොමයක් තියෙනවා.
කෝපි වල ප්‍රතිඔක්සිකාරකයන් හා සිරුරට හිතකර පෝෂක වර්ග අන්තර්ගත වෙනවා. ඒ වගේම කෝපි වල කාබනික සංයෝතයන් මෙන්ම vitamin B, riboflavin, pantothenic අම්ලය, පොටෑසියම්, මැග්නීසියම්, මැංගනීස්, නියසීන් හා කැෆේනුත් අඩංගුයි. කෝපි මඟින් හෘදය නීරෝගී කරන අතරම, 2 වන වර්ගයේ දියවැඩියාව ඇති වීමේ අවධානම ද අඩු කරයි. මානසික නීරෝගීභාවයට ද කෝපි හොඳ ඔසුවක් කියලයි කියන්නේ.
එහෙනම් මේ ලිපියෙන් අපි බලමු කලින් කිව්වා වගේ කෝපි පානය කිරීම නිසා සැලසෙන වාසි මොනවද කියලා..
01. සිහින් සිරුරක් ලබා ගැනීම
කුසගින්න පාලනය කිරීමට කෝපිවලට හැකියාව තියෙනවා. ඒ වගේම බඩවැල්වල සීනි ප්‍රමාණය උරා ගැනීම, සිරුරේ මේදය වේගයෙන් දහනය කිරීමටත් කෝපි ආධාර වන බව විද්‍යාඥයන් විසින් සොයාගෙන තිබෙනවා.
02. සමේ පිළිකා ඇතිවීම පාලනය කිරීම
කෝපිවල අඩංගු ප්‍රතිඔක්සිකාරකවලට සම මත ඇති වෙන පිළිකා පාලනය කිරීමේ හැකියාවක් තිබෙන බව පැවසෙනවා.
03. ඇල්සයිමර් රෝගය ඇති වීමේ අවදානම අඩු කිරීම
ඇල්සයිමර් රෝගය ඇති වීමේ අවදානම 20%න් කෝපි පානයෙන් අඩු කිරීමට පුළුවන්ලු. මොළයේ ඇතිවන ප්‍රදාහ වැළැක්වීමට කෝපිවල අඩංගු කැෆේන් සහ අනෙකුත් රසායන ආධාර වෙනවා.
04. නිරෝගී හෘදයක්
කෝපි හෘදයට ඉතා ගුණදායී වෙනවා. දෛනිකව කෝපි පානය කිරීම මඟින් හෘදය ආශ්රිත බොහෝ රෝග වලින් මිදීමට අවස්ථාව සැලසෙන බවයි පැවසෙන්නේ.
05. අක්මාව රැකදීම
කෝපි වල අන්තර්ගත ප්‍රතිඔක්සිකාරකයන් මඟින් ජීර්ණ පද්ධතිය ආශ්රිත ප්‍රදාහයන් වළක්වනවා. දෛනිකව කෝපි පානය කිරීම මගින් සිරෝසිස් හා non alcoholic fatty liver වැනි තත්වයන්ගෙන් වැළකීමට හැකියාව ලැබෙනවා.
06. මාංශ පේශි උත්තේජනය කිරීම
මාංසපේශි උත්තේජනය කර සවිමත්ව පවත්වා ගැනීමට උපකාර කරන්න කෝපිවලටපුළුවන්. ඒ වුණත් මතක තබා ගත යුතු දේ තමයි කෝපිවල කැෆේන් ශරීරය විඩාබර කරන බව. ඒ නිසා දිනකට කෝපි කෝප්ප තුනකට වඩා බොන එක නම් සුදුසු නැති බව කියන්නම ඕන.
07. දියවැඩියා අවදානම අඩු කිරීම
කෝපි පානය කිරීම නිසා ලැබෙන polyphenol හා chlorogenic අම්ල මඟින් දියවැඩියා රෝගීන්ගේ රුධිරගත ග්ලූකෝස් මට්ටම පාලනය කරනු ලබනවා.
Wmqgd .ekSu ,xldoSm mqj;am; weiqfrks