Life
කෝටරක ප්‍රදාහය හඳුනාගනිමු
උණ, සෙම්ප්‍රතිශ්‍යාව සෑදුණු පසුව මුහුණේ සහ නළල පෙදෙසේ තරමක් කල්පවත්නා
වේදනාවක් පැවතීම බොහෝ දෙනෙකු විසින් අත්විඳ ඇති තත්ත්වයකි. කෝටරක ප්‍රදාහය
ලෙසින් හඳුන්වන මෙම රෝග තත්ත්aවය ඇති වන්නේ මුහුණේ අස්ථි තුළ ඇති ඉතා
කුඩා වා කුහර තුළ සෙම එකතුවී ඒවා අවහිර වීම හේතුවෙනි. බොහෝ විට මෙම අවහිර
වූ කෝටරක තුළ ඇති සෙම මත රෝග කාරක බැක්ටීරියා ජනනය වී රෝග තත්ත්වය උත්සන්න
වනු දක්නට ලැබේ.
රෝග ලක්ෂණ
හිසරදය ( පූර්ණව හෝ අර්ධව අවහිරවූ කෝටරක තුළ ඇතිවන පීඩනය නිසා මෙම තත්වය ඇතිවේ. ඉදිරියට නැමීමේදී මෙම වේදනාව වැඩිවන බව දක්නට ලැබේ.
මුහුණේ වේදනාව( මුහුණේ ප්‍රදාහයට ලක්ව ඇති කෝටරක සහිත ප්‍රදේශය ඉදිමීම හෝ ස්පර්ශ කරන විට වේදනාව දැනීම මෙහි තවත් රෝග ලක්ෂණයකි.
උණ( ප්‍රදාහයට ලක්ව ඇති කෝටරක තුළ ඇති සෙම මත රෝග කාරක, විශේෂයෙන් බැක්ටීරියා ආසාදනය වීම නිසා උණ ඇතිවේ.
බැක්ටීරියා ආසාදනය වීම නිසා නාසයෙන් ගලන සෙම බොහෝ විට කහ පැහැති අපැහැදිලි ස්වභාවයක් දරයි.
නාසයේ බර ගතිය සහ සිරවුණ ස්වභාවය සෙම ගලා ඒම අවහිරවීම නිසා සිදුවේ.
වැඩිපුර
සෙම සෑදීම නිසා ඒවා උගුර වෙත ගලා ඒම හේතුවෙන් උගුරේ ප්‍රදාහයක් ඇතිවීම
නිසා එහි වේදනාවක් ඇතිවේ. එමෙන්ම එසේ ගලා එන සෙම ඉවත්කිරීම සඳහා කැස්ස ද
ඇතිවේ.
දත්වල, කන්වල සහ ඇස්වල වේදනාව ඇතිවන්නේ ඒ වටා ඇති පටක සහ ස්නායු මත මෙම ප්‍රදාහය නිසා ඇතිකරනු ලබන පීඩනය හේතුවෙනි.
උණ කැස්ස සහ ප්‍රතිශක්තීකරණ පද්ධතිය ක්‍රියාත්මක වීම හේතුවෙන් සිරුරට විඩාපත් බවක් ගෙනදේ.
එකතුවෙන සෙම මත බැක්ටීරියා වර්ධනය වීම නිසා ප්රාශ්වාස වාතයේ දුගඳක් ඇතිවේ.
නහය සහ ඇස් තුළ මෙන්ම සිරුරේ සම මත කැසීම සහ කිවිසුම් යැම වැනි අසාත්මික ලක්ෂණ ද මෙහිදී දක්නට ලැබිය හැකිය.
දුම්
පානය කිරීම නිසා ශ්වසන මාර්ගයේ ඇති කෙඳිති වල ක්‍රියාකාරිත්වය අඩාල වීම
නිසා මෙන්ම වාහන දුම් සහ දූවිලිවලට නිරතුරු නිරාවරණය වීම නිසාත් ශ්වසන
මාර්ගය ආශ්‍රිතව ඇති කෝටරක අවහිරවීම හේතුවෙන්ද මෙම රෝග තත්ත්වය ඇතිවිය
හැකිය.
ප්‍රමාණවත් ලෙස ජලය පානය නොකිරීම නිසාත් පිරිටන්, සිට්‍රසීන්
වැනි ප්‍රතිහිස්ටමින් වර්ගයේ ඖෂධ භාවිතා කිරීම නිසාත් සෙමවල ඝනත්වය
වැඩිවීම හේතුවෙන් ඒවා පහසුවෙන් ඉවතට ගලායාම සිදු නොවීම නිසා කෝටරක
අවහිරවීමත් ඒ තුළ බැක්ටීරියා වර්ධනය වීමත් සිදුවී මෙම රෝග තත්ත්වය වර්ධනය
විය හැක.
වියළි වාතය එනම් ජල වාෂ්ප අඩු වාතය ආශ්වාස කිරීමත් මේ හා සමානම ප්‍රතිපලයක් ඇතිකරයි
නාසය
තුළ මස් වැදලි ඇතිවීමත්, ශ්වසන මාර්ගය ආශ්‍රිතව ඇතිවන වෙනත් ගෙඩි,
ගැටිති, පිළිකා වැනි හේතුන් නිසාවෙන්ද කෝටරක අවහිරවී එතුළ ප්‍රදාහයක්
ඇතිකළ හැකිය.
දින 30 කට අඩු කාලයක් රෝග ලක්ෂණ පවතීනම් නම් එය
සාමාන්‍ය කෝටරක ප්‍රදාහයක් ලෙසත්, දින 30 ත් දින 90 ත් අතර පවත්නා රෝග
තත්ත්වය මධ්යකාලික කෝටරක ප්‍රදාහය ලෙසත් දින 90 ට වඩා කල්පවත්නා රෝග
තත්ත්වය කාලික කෝටරක ප්‍රදාහය ලෙසත් වෛද්‍ය විද්‍යාවේ දී වර්ගීකරනය කරනු
ලැබේ. එමෙන්ම ආසාධිත කෝටරක ප්‍රදාහය සහ ආසාත්මික කෝටරක ප්‍රදාහය ලෙසින් ද
තවත් අයුරකින් වර්ගීකරනය කළ හැකිය.
රෝගය හඳුනාගැනීම බොහෝ විට සිදු
කරන්නේ වෛද්‍යවරයෙකු විසින් රෝගියා කායිකව පරීක්ෂා කිරීම මගිනි. එක්ස්
කිරණ පරීක්ෂණ, සීටී ස්කෑන් පරීක්ෂණ සහ එම්.ආර්.අයි. පරීක්ෂණ මගින් යම්
තරමක් දුරට රෝගය හඳුනාගැනීමට පහසු කිරීමක් කළ හැකි වුවද එය අත්‍යවශ්‍ය
නොවේ.
බොහෝ විට සංකූලතා ඇති නොකලද මෙනින්ජයිටිස් හෙවත් මොළයේ
මෙනින්ජි පටල ප්‍රදාහය, මොළය තුළ විසර බුබුලු ඇතිවීම, ඇස් වටා සම ඇතුළත
ආසාදනය වීම මෙන්ම එම මුහුණේ අස්ථින් ආසාදනය වීමත් කලාතුරකින් සිදුවිය
හැකිය. විශේෂයෙන්ම දියවැඩියාව ඇති රෝගීන් සහ අවයව බද්ධ කරනු ලැබ
ප්‍රතිශක්තිය අඩාල කරන ඖෂධ ගන්නා රෝගීන් ඉහත තත්ත්වයන්ට ගොදුරුවීමේ වැඩි
අවදානමක් ඇත.
ප්‍රතිකාර කිරීමේදී ආසාධිත නොවන එනම් අසාත්මිකතාව
නිසා ඇතිවන කෝටරක ප්‍රදාහයට සහ වයිරස් ආසාදිත කෝටරක ප්‍රදාහයන් සඳහා
පැරසිටමෝල් වැනි වේදනා නාශකයක් මෙන්ම සෙම දියකර හැරීම සඳහා නාසයට සේලයින්
වැනි ද්‍රවයක් දැමීම හෝ සෙම දියකර හරින වෙනත් ඖෂධ භාවිතා කළ හැක. උණුqසුම්
ජල වාෂ්ප ආඝ්‍රාහනය කිරීමත් පලදායී වේ.
බැක්ටීරියා ආසාදිත කෝටරක
ප්‍රදාහයට ඉහත ප්‍රතිකාරවලට අමතරව සුදුසු ප්‍රතිජීවකයක් ප්‍රමාණවත්
කාලයක් භාවිතා කළ යුතු වේ. කෝටරක තුළට ප්‍රතිජීවක ඇතුල්වන්නේ ඉතා කුඩා
ප්‍රමාණයක් නිසා සාපේක්ෂව වැඩි කාලයක් මේ සඳහා ප්‍රතිකාර කළ යුතු වේ.
ඖෂධ වලට ප්‍රමාණවත් ප්‍රතිචාරයක් නොලැබෙන්නේ නම් සියුම් ශල්‍යකර්මයක්
මගින් අවහිරව ඇති කෝටරක පිරිසිදු කොට කෝටරක විවර විශාල කිරීමක් සිදුකළ
යුතු වේ.
වෛද්‍ය
පාලිත බණ්ඩාර සුබසිංහ
(MBBS PERADENIYA)
වෛද්‍ය නිලධාරි
ශික්ෂණ රෝහල, මහනුවර
Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks