Life
කොළ පැහැති පලා වර්ග ආහාරයට ගැනීමෙන් අත් වන වාසි
විටමින් k යනු රුධිරය කැටි ගැසීම සඳහා උපකාරී වන වයසට යාමේදී ඇතිවන රෝගාබාධ රැසකට එරෙහිව ක්‍රියා කරන සිරුරට අවශ්‍යම විටමිනයක්.
පර්යේෂණවලින් ඔප්පු කර ඇති පරිදි විටමින් k අඩු වීම හෘද රෝග,අස්ථි බිඳීම් සහ වකුගඩු ආබාධ ඇති වීමට හේතු වේ.
කොළ පැහැති පලා වර්ග කෝප්පයක් (250ml) මගින් දිනකට අවශ්‍ය විටමින් k ප්‍රමාණය ලබා ගත හැකිය. ගෝවා කොළ, නිවිති, මුකුණුවැන්න, ගොටුකොල ආදි ඕනෑම කොළ පැහැති පළා වර්ගයක් ඔබට මේ සඳහා ගන්න පුළුවන්.
හැමදාම මේ විදියට පලාවර්ග කෝප්පයක් ආහාරයට ගන්න පුළුවන් නම් ඔබටත් ලෙඩ රෝග නැතිව තරුනව ඉන්න පුලුව වේවි.
කොලෙස්ටරෝල් අඩු කරයි
අබ කොළ සහ ගෝවා කොලවල සිරුරේ කොලෙස්ටරෝල් අඩු කිරීමේ හැකියාව තියනවා.
ආමාශය මගින් කොලෙස්ටරෝල් භාවිතයෙන් මේද දහනයට උපකාරී වන පිත්ත අම්ල නිෂ්පාදනය කරයි.
මෙම පිත්ත අම්ලය පළාවල ඇති තන්තු සමග එකතු වීමේන් ඒවා ශරීරයෙන් බැහැර වී යයි.
එනිසා අමාශයට නැවතත් කොලෙස්ටරෝල් භාවිත කර පිත්ත අම්ල සැදීමට සිදු වේ.
එයින් සිරුරේ කොලෙස්ටරෝල් මට්ටම පහත වැටේ.
පර්යේෂණ අනුව අබ කොළ සහ ගෝවා කොළ මේ සඳහා වැඩි වශයෙන් උපකාරී වන බව සොයාගෙන ඇත.
පෙනීම වර්ධනය කරයි
දීප්තිමත් සහ ඇසට දර ගත නොහැකි ආලෝකයක් ඇති විට ඇස එම ආලෝකය පෙරා අවශ්‍ය ආලෝකය ලබා ගනී.
නැතිනම් ඇසට හානි සිදු වේ.
මෙම ක්‍රියාවලියට අවශ්‍ය පෝෂක ගෝවා, අබ කොළ සහ නිවිති ආදියේ අඩංගු වේ. තවද, ඇසේ සුද ඇති වීම වැලක්වීමටත් ඔබට දැකිය හැකි දුර ප්‍රමාණය වැඩි කිරීමටත් මෙය උපකාරී වේ.
ඔබේ ශරීරයට අවශ්‍ය ශක්තිය ලබා දෙයි
මෙම පළා වර්ග බොහොමයක විටමින් B5 අඩංගු වේ.විටමින් B මගින් ආහාරවල ඇති කබෝහයිඩ්රේට් ග්ලූකෝස් බවට පත් කිරීම සිදු කරයි.
එමගින් ශරීර ශක්තිය ඇති කරයි.
ශරීරය විටමින් B ගබඩා කර තබා නොගනී.
එනිසා ඔබට දිනපතාම මෙම පළා වර්ග ආහාරයට ගත යුතුය.
කැල්සියම් අවශ්‍යතාවය සපුරයි
පළා වල එන තිත්ත රසය ශරීරයට ඉතා ගුණදායක වේ.
එනම් එහි කැල්සියම් ඇත.
සාමාන්‍ය කාන්තාවකට දිනකට කැල්සියම් 1000mg අවශ්‍ය වේ.
නිවිති හා අබ කොළ ආදියේ ද කැල්සියම් අධිකව අඩංගු වේ.
එයින් ඔබගේ කැල්සියම් අවශ්‍යතා සපුරා ගත හැක.
බඩවල් ආශ්රිත පිලිකා අවම කරයි
මෙම කොළ පැහැති පලාවර්ග වල බඩවැල් ආශ්රිත පිළිකා අවම කිරීමේ හැකියාවක් ඇති බව නවතම පර්යේෂණවලින් සොයාගෙන ඇත.
විශේෂයෙන්ම ගෝවා මල්, නිවිති හා අබ කොළ ආදියේ මෙම ගුණය ඉහල බව කියවේ.
(under the courtesy of smartlady.lk web)