Life
කොළ කැඳවල ගුණ හඳුනා ගනිමු
ඔබත් නිරෝගී වීමට නම් උදැසන ආහාර වේල සඳහා කොළ කැඳ එකතු කර ගන්න.
එමගින්
* ඔබේ සිරුර පැහැපත් වීම
* ශරීර ශක්තිය වැඩි වීම
* ආයු වර්ණ ලැබීම
* කොලෙස්ටරෝල් පාලනය වීම
* දියවැඩියාව පාලනය වීම සිදුවන අතර
* වෙනත් ලෙඩ රෝග සඳහාද උචිත වේ
කොළ කැඳ සඳහා භාවිතා කරන කොළ වර්ගවලින් ලැබෙන ගුණාත්මක භාවය විමසා බලමු.
*
වැල් පෙනෙළ- මොළය වර්ධනය වීම, බුද්ධිමය ධාරණ ශක්තිය වැඩි දියුණු වීම,
වාජිකරණ ගුණය වැඩි වීම, ශරීර ශක්තිය වැඩීම, සම පැහැපත් වීම සිදු වේ.
* කරපිංචා - කොලෙස්ටරෝල් අඩු කරයි, ආහාර රුචිය වැඩි වීම, සර්ප විෂ නැසීම, ආහාර දිරවීම පහසු කිරීම, පිත්ත ස්නේහය අඩු කිරීම සිදු වේ.
*
හාතවාරිය - විටමින් බී සහ ඩී අඩංගු වීම, සන්ධි වේදනා, මුත්‍රා අමාරු,
හෝමෝන අසමතුලිතාවය සමනය වීම, තරුණ පෙනුම ආරක්ෂා දීම, ප්‍රතිශක්තිය වැඩි
වීම සිදු වේ.
* පොල්පලා - මුත්‍රා ගල් දියවීම, මුත්‍රා දැවිල්ල සමනය වීම, වකුගඩු පිරිසිදු කිරීම සිදු වේ.
* තෙබු - දියවැඩියාවට, පැපොල රෝගයට, සමේ ලප කැලැල් මැකීමට, සමේ පැහැපත් බව ඇති කිරීමට සමත් වේ.
*
හීන් බෝවිටියා - ඇස් දැවිල්ල, ඇස් නිලංකාර වීම, ඉරුවා රදයට, බඩ පිපුම හා
දැවිල්ල, පාදවල නිය කුණු වීම, දියවැඩියාව, කලව හා විලුඹේ වේදනාවට ඉතාමත්
යෝග්‍ය වේ.
* මොණර කුඩුම්බිය - ශරීරය සිසිල් වීම, දහදිය දුඟද නැති කිරීම, කෑම රුචිය වැඩි කිරිමට සමත් වේ.
*
නීරමුල්ලිය - මුත්‍රා දැවිල්ල ඇතැම් අපහසුතා, වකුගඩු නාල පිරිසිදු කිරීම,
මුත්‍රා ගල් දිය කිරීම, මුත්‍රා ගල් හට ගැනීමේ අවදානම අවම කිරීමට සමත් වේ.
* කොහිල අල - අර්ශස් රෝගයට විශේෂයි. කිරි පණු රෝගයට, පිත සමනයට ඉතා ගුණ දායක වේ. ඛනිජ සංඝටක බහුල වේ.
* ගොටුකොළ - ධාරණ ශක්තිය වඩවයි. පීනස උදාරාබාධ, පණු රෝග, හිස කැක්කුම, ඇස් පෙනීමේ දුර්වලතාවයට වඩා සුදුසු වේ.
*
කුරක්කන් පිටි - ඛනිජ පෝෂක අඩංගු වේ. ශක්තිය සම්පන්න බර ආහාරයකි.
දියවැඩියා රෝගය පාලනය කිරීම, බර වැඩවල යෙදෙන්නන්ට ශක්ති ජනක පානයක් වීම
මින් සිදු වේ.
* කිතුල් පිටි - පිෂ්ඨය අධික වේ, දියවැඩියාව පාලනය කිරීම, හෘදයාබාධ සඳහාද ගුණ දායක වේ.
*
සුදු ලූනු - සර්වාංග රෝග රැසකට ගුණ දේ. වාත රෝගවලට විශේෂ වේ. කොලෙස්ටරෝල්
පාලනය වේ. ආමාශය තුළ බැක්ටීරියා විනාශ කරයි. ලේ පිරිසිදු කරයි. ආහාර
රුචිය ඇති කරයි.
* රුලං - ශරීරයේ උෂ්ණතAවය පාලනය කරයි. ගැස්ට්‍රයිටීස් රෝගයට ගුණ දේ.
* සව් - හුලං කීරියා, අල හා මඤ්ෙÆක්කා පිsටිවලින් නිෂ්පාදනය කරන අතර, රසවත් ආහාරයකි. ගැස්ට්‍රයිටීස් රෝගීන්ට ඉතා ගුණ දායක වේ.
නාගොඩ අතිරේක - විඡේරත්න
ලසන්ත අනුර ශාන්ත ද සේරම් මහතාට විශේෂ ස්තුතිය
Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks