Life
කොලෙස්ටරොල් අඩු කරන එන්නතක් නිපද වේ
හෘද රෝගවලට ගොදුරු වීම වැළැක්වීම සඳහා රුධිරගත කොලෙස්ටරොල් මට්ටම අඩු
කරලිය හැකි එන්නතක් සාර්ථක අන්දමින් නිපදවීමට ඔස්ටි්රයාවේ වියානා වෛද්‍ය
සරසවියෙහි පර්යේෂකයින් පිරිසකට හැකි වී තිබේ.
මෙම එන්නත මීයන්
යොදාගෙන සිදුකළ පර්යේෂණවලදී සාර්ථක ප්‍රතිඵල අත්කර ගෙන ඇති අතර මේ වන විට
එන්නත මිනිසුන් සම්බන්ධයෙන් අත්හදා බැලීම ආරම්භ කර ඇතැයි ''යුරෝපියන් හාට්
ජ(ර්)නල්'' සඟරාව පවසයි.
කොලෙස්ටරොල් මට්ටම අඩු කරලන මෙම එන්නත
මේද ස්ථරයන්a හෘදය වස්තුවෙහි ධමනිවල තැන්පත් වීම නතර කිරීම සඳහා නිපදවා
ඇතැයි පර්යේෂකයෝ සඳහන් කර සිටිති.
මෙම එන්නත ස්වෙච්ඡා සේවකයින් 72
දෙනෙකු යොදාගෙන මිනිස් ශරීරයට එය සාර්ථක අන්දමින් යොදා ගත හැකි ආකාරය
පිළිබඳව මෙම දිනවල අත්හදා බැලීම් සිදුකෙරේ.
මෙම පර්යේෂණය මෙහෙයවන
ව්‍යවහාරික විද්‍යාවන්ගේ පර්යේෂණ පිළිබඳ නෙදර්ලන්ත සංවිධානයේ වෛද්‍ය
ගුන්තර් ස්ටාµaලර්ට අනුව මනුෂ්‍යයින් සඳහා මෙම කොලෙස්ටරොල් මට්ටම අඩු
කරලන එන්නත ආරක්ෂිත හා ඵලදායි අන්දමින් ප්‍රතිකාරයක් වශයෙන් යොදාගත හැකි ද
යන්න නිශ්චිතව දැන ගැනීම සඳහා තවත් වසර ගණනාවක් මෙම එන්නත පර්යේෂණයට
භාජනය කළ යුතුව ඇත.
මෙම එන්නත තවත් වසර හයකින් ප්‍රතිකාරයක් වශයෙන්
එළිදැක්වුවද එයින් ජනතාව කොලෙස්ටරොල් සඳහා බලපානු ලබන අධික මේදය සහිත
ආහාර වැඩියෙන් ආහාරයට ගැනීම හා ව්‍යායාම කිරීමෙන් වැළැකීම අදහස් නොවන බව
ඔහු සඳහන් කර තිබේ.
මෙම කොලෙස්ටරොල් මට්ටම අඩු කරන එන්නත නිර්මාණය
කර ඇත්තේ රුධිරය තුළ නරක ලිපෝප්රොaටීන්, කොලෙස්ටරොල් (බෑඩ්
කොලෙස්ටරොල්) හෙවත් එල් ඩී එල් හට ගැනීමට අවස්ථාව සලසන ''පී සී එස් කේ
9'' නමැති ප්‍රොaටීනයට පහර දීම සඳහා ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට ආධාර
කිරීම සඳහා බව පර්යේෂකයෝ පවසති.
මීයන් සම්බන්ධයෙන් මෙම එන්නත අත්හදා
බැලූ අවස්ථාවේදී ඔවුනගේ රුධිරගත නරක කොලෙස්ටරොල් ප්‍රමාණය මාස 12 ක
කාලයක් තුළදී සියයට 50 ක් දක්වා ප්‍රමාණයකින් කපා හැරීමටත්, ධමනි තුළ
මේද ස්ථරයන් තැන්පත් වීමෙන් ආරක්ෂා කිරීමටත් එන්නත සමත් බව හෙළි වී තිබේ.
නරක
කොලෙස්ටරොල් හෙවත් එල් ඩී ඒ හෘද රෝග වැළඳීමේ අවදානම ඉහළ නංවන බව වෛද්‍ය
මතය වී තිබේ. හොඳ කොලෙස්ටරොල් හෙවත් එච්. ඩී. එල්. යහපත් අයුරින් ක්‍රියා
කරන අතර රුධිරයෙහි පවතින වෙනත් වර්ගවල කොලෙස්ටරොල් අක්මාව දක්වා
ප්‍රවාහනය කිරීමට එය උපකාරී වේ. අක්මාවේදී එම කොලෙස්ටරොල් බිඳීමට ලක්
වේ.
රුධිරගත කොලෙස්ටරොල් මට්ටම ඉහළ යැමට හේතුවන සාධකයන් අතර වැරැදි ආහාර පුරුදු අධික මත්පැන් පානය, දුම්පානය හා ක්‍රියාශීලීs නොවීම වේ.
දැනට
අධික කොලෙස්ටරොල් රෝග තත්ත්වයක් පවතින්නන්ට කොලෙස්ටරොල් මට්ටම අඩු
කරලන ''ස්ටැටින්ස්'' වර්ගයට අයත් බෙහෙත් වර්ග නිර්දේශ කෙරෙන අතර ඒ හරහා
හෘද රෝග වැළඳීමේ අවදානම අඩු කරලීම සිදු වේ. මෙම බෙහෙත් ඵලදායී හා මිලෙන්
අඩු වුවද ඒවා සැම දෙනාටම ප්‍රතිඵලදායක නොවන බව අනාවරණය වී තිබේ.
දැනට
ස්වෙච්ඡා සේවකයන් 72 දෙනකු යොදා ගෙන මෙම එන්නත සම්බන්ධයෙන් සිදු කරනු ලබන
අත්හදා බැලීම මෙම වසර අවසානයේදී නිම වීමට නියමිතය. මෙම අත්හදා බැලීම
අවසානයේ තවදුරටත් එය මිනිසුන් සම්බන්ධයෙන් අත්හදා බැලීමට අදාළ ආරක්ෂාව
පිළිබඳ හා අතුරු ආබාධයන් පිළිබඳ ප්‍රශ්න මතුවේ දැයි විමසා බැලීම සිදු වේ.
මෙම
නව එන්නත පිළිබඳව අදහස් දක්වන බ්‍රිතාන්‍ය හෘද රෝග පදනමෙහි මහාචාර්ය
ශ්‍රීමත් නිලේෂ් සාමානි පවසනුයේ ජනතාවගේ කොලෙස්ටරොල් මට්ටම පාලනය කිරීම
සඳහා නව මාර්ග සෙයා ගැනීම අත්‍යවශ්‍යයෙන්ම වැදගත් බවයි. තවමත් මීයන්
සම්බන්ධයෙන් පමණක් සාර්ථකව අත්හදා බැලුවද මෙම එන්නත ඉදිරියේදී මිනිසුන්ගේ
අධික කොලෙස්ටරොල් මට්ටම අඩු කර හෘද රෝග වැළඳීමේ අවදානම අඩු කරලීමට හේතු
වනු ඇතැයි ඔහු සඳහන් කර සිටී.
Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks