Health
කොයි හාල් ද කන්න හොඳ
සහල් අපගේ පෝෂණ රටාවට විශාල අනුබලයක් ලබා දෙන ප්‍රධාන ආහාරයකිග ශක්තිය නිපදවා ගැනීම සඳහා අවශ්‍ය පෝෂක කොටස් ලබා ගත යුත්තේ පිටතින්යග කාබෝහයිඩ්රේට්ල ලිපිඩල ප්‍රෝටීන යන පෝෂක ශක්ති ප්‍රභවයන් සහල්වල අඩංගුයග මින් ශක්තිය ලබා දීම ප්‍රධාන කාර්යය වන්නේ කාබෝහයිඩ්රේට් හා ලිපිඩ යන පෝෂකවල පමණිග මේ ශක්තිය ලබා ගැනීමට තුඩුදෙන සහල්වල පරිභෝජනය ඔබ තුළ නිසිලෙස පවත්වා ගත යුත්තේ ඇයි දැයි විමසා බැලීම බොහෝ සෙයින් වැදගත් කරුණකිග අප භාවිතයට ගන්නා සහල් වර්ග බොහෝ ඇතග
විවිධ සම්බා සහල් වර්ග
කීරි සම්බාල වීදුරු සම්බාල සුදු කීරි සම්බා යන බොහෝ සම්බා වර්ග මෙලෙස පොලිෂ් කරන ලද සහල් ඝනයට අයත්යග පොලිෂ් කිරීමේදී මෙහි පැවැති ගුණාත්මක කොටස් පහව යාමක් සිදු වේග එහි දී ජීර්ණ ක්‍රියාවලියේ දී ඉක්මනින් ග්ලුකෝස් බවට හැරී දියවැඩියාව වැනි බෝ නොවන රෝග තත්ත්වවලට මඟ සලසයිග
සහල් පොලිෂ් කිරීමේදී එහි පවතින තන්තු කොටස් ඉවත් වේග ජීර්ණ ක්‍රියාවලිය පහසු කිරීමට මෙම තන්තු ස්වභාවය බොහෝසෙයින් ඉවහල් වේග හොඳින් මල බුරුල් කර යාමට ද තන්තු පැවතිම ඉතා ප්රයෝජනවත්යග අප ලබා ගන්නා බත් ප්‍රමාණය එළවළු වලට සාපේක්ෂව වැඩි නිසා ලැබෙන සිනි ප්‍රමාණය ද මේ අනුව වැඩි වේග
එවිට සිරුරේ රුධිරගත සීනි වැඩිවීමෙන් දියවැඩියා රෝග තත්ත්වයට මුහුණ දීමට පහසුවෙන් හැකිවන නිසා පොලිෂ් කරන ලද සහල්වර්ග ආහාරයට ගැනීමේදී වඩා සැලකිලිමත් වීමට වගබලා ගත යුතුයිග
සම්බා සහල්වල තෙල් ප්‍රමාණය ද වැඩියිග එබැවින් ඒවා තැම්බු විටදී ලැබෙන ගුණය තැම්බූ කැකුළු සහල් තරම් ගුණ නැතග
රතු කැකුළු සහල්
බොහෝ සාමාන්‍ය ජනතාව මෙම සහල් වර්ගවලට යොමු වී ඇති බව පෙනී යන තව කරුණක්ග විශේෂයෙන් රතු කැකුළුවල පවතින පිට පොත්තේ කුරුටු සහිත කොටස තු පෝෂ්‍ය පදාර්ත හා තන්තුමය බව හොඳින් ඇතග නමුත් එය පරිභෝජනයේදී එම පිටපොත්තේ කොටස ඉවත් වී යන්නේ සහල් සෝදන ක්‍රියාවලියට පත් වූ විටයිග සහල් සේදිය යුතුමයිග
නමුත් එසේ කරන විට පිට පොත්තේ පවතින ඉතාමත් ගුණ අධික පෝෂක ඉවත් වීම සුලබ තත්ත්වයකිග නමුත් අප පුරුදු වි ඇති පරිදි රතු සහල්වල කොතරම් පිට කුරුට්ට ගියත් ආහාරයට ගන්නේ එසේ ගුණාත්මක කොටස් පහවූ සහල් ඇටයෙනිග එම නිසා එවැනි සහල් වර්ග භාවිතාවේදී නිවුඩ්ඩ ගැන සැලකිලිමත් වීම වඩාත් සුදුසුයිග මන්ද යත් නිවුඩ්ඩ නොමැතිව පරිභෝජනයේ දී ඉක්මනින් ග්ලුකෝස් බවට පත්වීම ඉක්මන් වන නිසා යග නිරෝගි ඔබ ඉක්මනින් දියවැඩියා රෝගියකු බවට පත් වීමට ඉඩකඩ වැඩි කිරීම මෙමඟින් සිදු වේග වැඩියෙන් පාහින ලද සුදු හා රතු කැකුළු සහල් කොතරම් ගුණයයි සිතා ආහාරයට ගත්තත් ජීර්ණයේදී සිදුවන යම් රෝගවලට තුඩුදිය හැකග
තම්බපු හාල්
තම්බන ලද සහල් වර්ග බොහෝවිට රතු කැකුළු සහල් වර්ග අද වෙළඳපොලේ දක්නට ඇතග ඒ විතරක් නොව සුදු කැකුළු හා විවිධ සුදු සහල් වර්ග ද තම්බපු ඒවා අපට ලබා ගත හැකියිග
තම්බන ලද සහල් සිරුරට ලබාගත් සැනින්ම දිරවන්නේ නැතග තම්බන ලද සහල් පරිභෝජනය සඳහා රෝගියෙකු නම් දිනකට පීරිසි කෝප්ප 1 පමණ සෑහේග සහල් තම්බන විට සිදුවන්නේ සහල් ඇටයේ පිට කුරුට්ටේ පවතින සියලුම පෝෂක කොටස් අභ්‍යන්තර ඇටයට උරා ගැනීමයිග මෙහි දී කුරුට්ටේ පවතින සියලුම පෝෂ්‍ය පදාර්ථ සහල් ඇටයේ අභ්‍යන්තරයට එකතු වේග එවිට තම්බපු සහල් ගුණයෙන් ඉහළයග
බොහෝවිට මෙම ඝනයේ සහල් අතරට රතු කැකුළු ප්‍රධාන පෝෂක කොටස් අඩංගු තත්ත්වයට පත් කිරීමට සහල් තැම්බීම ඉවහල් වේග බොහෝ සෙයින් මෙම ඉක්මන් ජීර්ණය නිසා ඇතිවිය හැක්කේ දියවැඩියා අවදානමයිග
ඕනෑම සහල් වර්ගයක් තම්බන ලද ඒවා නම් ඒවා ආහාරයට ගැනීමට වඩාත් යෝග්යයග ක්ෂුද්‍ර ඛනිජ ලවනල කාබෝහයිඩ්රේට්ල ප්රෝටීන්ල විටමින් වර්ගල ලිපිඩ ලබාගත හැකි පෝෂක කොටස්යග නිසි ශක්තිය ලබා ගැනීමට ජීර්ණය ඉක්මනින් සිදු නොවන තැම්බූ සහල් ආහාරයට ගැනීම සුදුසුයිග
රතු කැකුළු සම්බා
මෙහි ගුණාත්මක භාවය වැඩි වන්නේ සහල්වල පවතින රතුපාට කුරුට්ට :නිවුඩ්ඩ- නිසා යග නමුත් පමණට වඩා සේදීමක් සිදුවුවහොත් එම නිවුඩ්ඩ පහව යා හැකියග
එවිට එහි පවතින පෝෂ්‍ය පදාර්ථ හීන වී යයිග නමුත් මෙහි පවතින කාබෝහයිඩ්රේට් අඩු වන්නේ නැතග එබැවින් රතු කැකුළු සම්බා ආහාරයට ගැනීමේ දී කුරුට්ට සහිතව නිවුඩ්ඩ මනා ගුණාත්මක බවින් යුතු බව සලකන්නග
සුදු සහලල දුඹුරු සහල්ල රතු කැකුළුල රතු සම්බා කැකුළුවල ජලයල ප්රෝටීන්ල මේදයල කාබෝහයිඩ්රේට්ල තන්තුල සීනිල කැලිසියම්ල යකඩ අඩංගුයග
Wmqgd .ekSu