Life
කොන්දේ අමාරුව ගැන එ තරම්ම බිය විය යුතු නැහැ
සිරුර කෙලින් තබාගෙන දෙපයට බරදී ඇවිදින සත්ත්ව කොට්ඨාසයක් වන මිනිසුන් වන අපට කොන්ද ඉතා වැදගත් ඉන්ද්‍රියයකි. එහි වටිනාකම වටහාගත හැක්කේ කොන්දේ යම් ආබාධයක් මතුවූ විටදීය. එවිට ඇවිදීමට සිරුර නැමීමට දිගහැරීමට නොහැකි වත තරම් වේදනාවක් මතු වේ. වර්තමානයේ අපට ඇතිවන රෝගාබාධ බෝවන සහ බෝ නොවන ලෙසින් වෙන් කරමින් ඒවාට ගොදුරු නොවී නිරෝaගී දිවියක් ගත කරන අයුරු පිළිබඳව වෛද්‍යවරු උපදෙස් දෙති. බෝවන රෝගවලට වඩා බෝ නොවන රෝගවලට මේ වන විට ලෝක ජනගහනයෙන් බහුතරයක් ගොදුරු වෙමින් සිටින බව අනාවරණය වී තිබේ. දියවැඩියාව, අධි රුධිර පීඩනය, තරබාරුව සහ අධික ලෙස කොලෙස්ටරෝල් සිරුරේ තැන්පත් වීම යන බෝ නොවන රෝග මින් ප්‍රධාන තැනක් ගෙන ඇත. නමුත් මෙම රෝග හා සමානව ඉතා වේගයෙන් ජනතාව ගොදුරු කරගන්නා තවත් බෝනොවන රෝගයක් බවට කොන්ද ආශ්‍රීතව මතුවන රෝග පත්ව තිබේ.
කොන්ද සැකසී ඇති අයුරු
මිනිසාගේ කොඳු ඇට පෙළ සැකසී ඇත්තේ කශේරුකා නමැති අස්ථි කැබලි 26 ක් එකමත එක පිහිටමිනි.
කොඳු ඇට පෙළ ඉතා පහසුවෙන් නැමීම දිගහැරීම සිදු කිරීම සඳහා අන්තර් කශේරුකා මඩල මඟින් අස්ථි කොටස් ඉදිරිපසින් සහ පිටුපසින් එකිනෙක බැඳ තබාගෙන සිටී. මෙලෙස කොඳුඇට පෙළ සකස් වී තිබීම නිසා එය කිs්‍රයා කරන්නේ දොරක ඇති සරනේරුවක් ආකාරයටය. එනම් ඉදිරිපසට සහ පසුපසට පමණක් නැමීම දිගහැරීම කළ හැකි ආකාරයටය.
කොඳුඇට පෙළ සිරුරේ කෙලින් තබා ගැනීම සඳහා බන්ධනි සහ මාංශපේශීවලින් බැඳී පවතී.
කොඳුඇට පෙළ මැදින් සුෂුම්නාව ගමන් කරයි. සුෂුම්නාව යනු මොළයේ සිට සිරුර පුරා සංඥ ගෙන යන ස්නායු සහිත ඉන්ද්රිය පද්ධතියයි. සුෂුම්නාවේ ඇති ඉතා සියුම් ස්නායු අන්තර් කශේරුකා මඩල අතුරින් සිරුර පුqරා ගමන් කරයි.
කොන්ද සැකසී ඇති අයුරු පිළිබඳ ඉතා සරල මෙම පැහැදිලි කිරීම අනුව කොන්දේ ක්‍රියාකාරීත්වය පිළිබඳව අපට යම් අවබෝධයක් ලබාගත හැකිය.
කොන්දේ වේදනාව මතුවීම
කොන්ද වැඩි වේලාවක් නවාගෙන කටයුතු කරන විට එකවර අධික බරක් උසුලන විට කොන්දේ ඇති මාංශ පේශී, බන්ධනී සහ අස්ථිවලට අනතුරු සිදුවිය හැකිය. එවිට කොන්දේ ක්‍රියාකාරීත්වය නිසි ලෙස සිදුකර ගැනීමට නොහැකි අයුරින් වේදනාව හටගනි. එසේ වන්නේ එකවර ඇතිවන හා අමතර බලයක් කොන්දට දරාගත නොහැකි බැවිනි.
වර්තමානයේ බහුතරයක් වූ පිරිසකට කොන්දේ වේදනාව මතුවීමට බලපා ඇත්තේ නිවැරදි ඉරියව් අනුව කටයුතු නොකිරීම නිසා කොන්දේ මාංශ පේශීන් බන්ධනී ඇදීමට ලක්වීමය. ඊට අමතරව අස්ථිවල පිහිටීම වෙනස් වීමය.
අප වැඩි වේලාවක් වාඩි වී සිsට රැකියා කටයුතු කරන විට කොන්ද කෙලින් තබාගත හැකි ආකාරයේ ආසන භාවිතා කළ යුතුය. නමුත් වර්තමානයේ බොහෝ කාර්යාලවල ඇත්තේ කොන්ද කෙලින් තබාගෙන කටයුතු කළ හැකි ආසන නොවේ. මෙම තත්ත්වය මත ලංකාවේ කාර්යාලවල රාජකාරි කටයුතු කරන බහුතරයක් පිරිස නිතර කොන්දේ වේදනාවට ලක්ව පීඩා විඳිති.
මෙම තත්ත්වය වලක්වා ගැනීමට කළ යුත්තේ කොන්ද කෙලින් තබාගෙන කටයුතු කළ හැකි අයුරින් ආසන සකස් කර ගැනීමය. එසේම එකම ඉරියව්වෙන් නොසිට විනාඩි පහළොවකට පමණ වරක් තමා සිටිනා ඉරියව්ව වෙනස් කර කොන්දට මතුව ඇති පීඩනය සැහැල්ලු කළ යුතුය.
පරිගණක ආශ්‍රීතව රැකියා කිරීමේදී බොහෝ දෙනා කටයුතු කරනුයේ තමා අසුනේ වාඩිවී පරිගණකය දෙසට කොන්ද සහ බෙල්ල නවාගෙන පරිගණකය ක්‍රියා කරවීමය. මෙලෙස දිගු වේලාවක් කොන්ද සහ බෙල්ල නවාගෙන කටයුතු කිරීම නිසා මෙවැනි රැකියාවන්හි නිරත තරුණ තරුණියන් විශාල පිරිසක් මේ වන විට නොයෙකුත් ආකාරයෙන් කොන්දේ වේදනාවනට ලක්ව සිටිති.
මෙම කොන්දේ වේදනාවන්ගේ ඇති බරපතළ කම වනුයේ මාංශ පේශී, බන්ධනි ඇදීමට ලක්වීම පමණක් නොව අස්ථිවල පිහිටීමේ යම් වෙනස්වීම් ඇතිවීම නිසා කොඳුඇට පෙළ අතුරින් ගමන් කරන සුෂුම්නාවේ ස්නායු තදවීමට ලක්වීමය. එවිට එම ස්නායු ගමන් කරන ප්‍රදේශයේ ඇති අවයවවලද වේදනාව මතු වේ.
නිදසුනක් ලෙස දැක්වුවහොත් කොඳුඇට පෙළ ඉහළ කොටස හෙවත් බෙල්ලේ ඇති අස්ථි අතරින් දැත් වෙත ස්නායු ගමන් කරයි. මෙම අස්ථි තෙරපුමට ලක්වීමෙන් කොන්දේ වේදනාවට අමතරව දැත්වල වේදනාව සහ හිරිවැටීම ඇති වේ.
මෙලෙසට කොඳු ඇට පෙළ පහළ කොටසේ අස්ථිවල ඇතිවන වෙනස්කමක් නිසා දෙපා වෙත ගමන් කරන ස්නායු තෙරපුමට ලක්වී දෙපා වේදනාව සහ හිරිවැටීම ඇති වේ.
කොන්දේ වේදනාවට ඇති ප්‍රතිකාර
වර්තමානයේ බහුතරයක් තරුණ තරුණියන්ට සහ කාර්යාලවල සේවය කරන සේවක සේවිකාවනට මතුව ඇති කොන්දේ වේදනාවට ප්‍රතිකාර ලෙස කළ යුත්තේ ඔවුන් කටයුතු කරන වැරදි ඉරියව් නිවැරදි කිරීමයි.
හදිසි අනතුරක් නිසා කොන්දට හානි සිදුව ඇති විට හෝ එකවර අධික බරක් ඉසිලීමට යැමේදී මතු වූ කොන්දේ අනතුරක් සඳහා සිදුව ඇති හානිය අනුව නිසි පරීක්ෂාවන් සිදුකර ප්‍රතිකාර කළ යුතු වේ.
එනිසා සෑම කොන්දේ වේදනාවක් සඳහාම එම්. ආර්. අයි පරීක්ෂාවක්, සී. ටී. ස්කෑන් පරීක්ෂාවක් හෝ එක්ස් කිරණ පරීක්ෂාවක් සිදු කළ යුතු නැත.
ජංගම දුරකථන භාවිතා කරමින් දිගු වේලාවක් එහි රැඳී සිටින විට බෙල්ලේ ඉරියව් එකම අයුරින් දිගු වේලාවක් පවත්වාගෙන යන්නේ නැතිව විනාඩි දහයකට වරක්වත් වෙනස් කළ යුතුය.
අධික තරබාරුවෙන් පෙළෙන පුද්ගලයින් තම ශරීර බර නිසි ප්‍රමාණයට අඩු කරගත යුතුයි. ඔවුන්ගේ එම ශරීර බර අඩු කරගන්නා තුරු කොන්දට මතුවන බලපෑම අවම කරගත නොහැකිය.
ඖෂධ සහ වේදනා නාශක පෙති භාවිතයෙන් පමණක් කොන්දේ වේදනාව අඩුකර ගැනීමට උත්සාහ නොකළ යුතුය.
උපදෙස්
කොළඹ ජාතික රෝහලේ
සන්ධි රෝග පිළිබඳ
විශේෂඥ වෛද්‍ය
ලලිත් විජයරත්න
Wmqgd .ekSu ,la�u mqj;a m; weiqfrks