Beauty
කොණ්ඩය straight කිරීමට පෙර දැනගත යුතු දේ
ගැහැණු, පිරිමි හා වයස් යන මේ කිසිම භේදයකින් තොරව කොණ්ඩය straight කිරීමට පෙළඹීම වර්තමානයේ දකින්නට ලැබෙන විලාසිතාවක්. දිය ඇල්ලක් සේ හරිම ලස්සනට පහතට කඩා හැලෙන ස්වභාවය නිසයි කොණ්ඩය straight කිරීම මේ තරමටම ජනප්‍රිය විලාසිතාවක් වෙලා තියෙන්නේ.
මෙය කියවන ඔබටත් ඔබේ කොණ්ඩය ඉහත දක්වා ඇති ආකාරයට සකසා ගැනීමේ අවශ්‍යතාව ඇත්නම් ඊට පෙර පහතින් දැක්වෙන කරුණු ගැන සැලකිලිමත් වී සිටීම හරිම වැදගත් වේවි.
fb-like-beg
ස්ථිර ලෙස Straight කිරීමෙන් සිදුවන්නේ?
කොණ්ඩය straight කිරීම, රිලැක්ස් කිරීම වගේම keratine සත්කාරය කිරීම අද ඉතාම ජනප්‍රියයි. මෙවා මගින් සිදු කරන්නේ හිසකෙස්වල ස්වාභාවික රළු ගතිය නැති කරලා වඩාත් පහසුවෙන් හසුරවන්න පුළුවන් සිනිදු කෙස් කළඹක් ලබා දීමයි.
මෙහිදී සිදුවන්නේ රසායනික ද්‍රව්‍යයක් බාහිරෙන් හිසකෙස්වල ආලේප කර අවශ්‍යතාව අනුව යම් වෙලාවක් එය හිසකෙස්මත තිබෙන්නට හැර පසුව iron කිරීමයි. මේ නිසා හිසකෙස් ස්වභාවය තීරණය කෙරෙන කෙරටින් සංයුතිය වෙනස් වී නව සංයුතියක් ඇති කරනු ලබනවා. හිසකෙස් වඩාත් සිනිදු හා පහසුවෙන් හැසිරවිය හැකි ස්වභාවයක් ගන්නේ ඒ නිසායි.
කොණ්ඩය relax කිරීම
වාසි
රිලැක්ස් කරනවිට තිබූ කොණ්ඩය ස්ථිරවම ගලා හැලෙන ස්වභාවයෙන් යුතු වුවත් අලුතෙන් වැවෙන කොණ්ඩය ස්වාභාවිකව තිබූ අයුරින් වැඩීම.
ඒ නිසා පසුව ඔබට අවශ්‍ය වෙනත් ඕනෑම ආකාරයකට කොණ්ඩය සකස් කරගත හැකි වීම
කොණ්ඩය වඩා දිලිසෙන සුළු ස්වභාවයක් ගැනීම.
සැලකිලිමත් විය යුතු දේ
කොණ්ඩය කැඩී යාමේ අවදානමක් තිබීම
straightener හෝ relaxer එක අවශ්‍ය ප්‍රමාණයට අඩුවෙන් හෝ වැඩියෙන් භාවිත කර කොණ්ඩය relax කිරීම කළහොත් හිස් කබල හා හිස කෙස් වියළී යාමට ඇති ඉඩ කඩ.
කෙරටින් සත්කාරය
වාසි
Straight සහ curly යන දෙයාකාරයටම කොණ්ඩය නඩත්තු කළ හැකිවීම.
හිසකෙස් පළුදු වීම්වලට සත්කාරයක් වීම
කෙරටින් සත්කාරය රඳා පවතින්නේ මාස තුනක් වැනි කාලයක් පුරා පමණක් වීම
කොණ්ඩය වඩා සිනිදු හා දිලිසෙන සුළු කරවීම මෙන්ම කොණ්ඩය වර්ණ ගන්වනවානම් ඒ වර්ණ දීහු කාරයක් පුරා හිස කෙස් මත රැඳීම.
මෙය ඇත්තටම පෝෂණ සත්කාරයක් වන නිසා අවාසි නම් කිසිවක් නැහැ.
Blow – drying කිරීම සහ උණුසුම් කිරීම
වාසි
ඔබ හිස කෙස් සෝදන තෙක් තාවකාලිකව කොණ්ඩය කඩා හැලෙන සහ සිනිදු කොණ්ඩයක් බවට පත්කිරීම.
කොණ්ඩයට දිදුලන පෙනුමක් ලබාදීම
විවිධ කොණ්ඩා සැරසුම් අත්හදා බැලීමට අවස්ථාව සලසා දීම
අවාසි
පමණට වැඩි උෂ්ණත්වයක් යෙදුවහොත් හිසකෙස් පළුදු වීම
උෂ්ණත්වයෙන් හිසකෙස් ආරක්ෂා කරදෙන නිෂ්පාදන භාවිතා නොකළහොත් කොණ්ඩය දුබල වීමට ඇති හැකියාව
උදෑසන සූදානම් වීමට ඔබට වැඩි කාලයක් හා වෙහෙසක් දරන්නට සිදුවීම
goodhousekeeping.lk/
(under the courtesy of goodhousekeeping.lk web)