iranama
කේන්දරයේ රවිගේ තැන කොතැනද? එහෙනම් පලාපල මෙහෙමයි!
අපේ පියවි ඇසට පෙනෙන ග්‍රහයන්ගෙන් ප්‍රධානතම ග්‍රහයා රවිය. ඉතාමත් උෂ්ණ අධික රශ්මියකින් යුතු අති විශාල ගිනි බෝලයක් වැනි රවි ග්‍රහයාගේ විශ්කම්භය සැ. 866,000 ක් වන අතර එය මීටර් වලින් 1,385,600 ක් පමණ වෙයි. පොළවේ සිට හිරුට දුර කිලෝ මීටර් 14,880,000 ක් වේ. හිරුගේ රශ්මිය පොළවට පතිත වීමට මිනිත්තු අටක පමණ කාලයක් ගතවෙයි. ග්‍රහ මණ්ඩලයේ රජු යයි සලකන රවි ඒ ඒ භාවවලදී වෙනස් අන්දමින් ආකර්ශණ ශක්තියක් ලබාදීමෙන් ජන්මියාගේ තත්ත්වය වෙනත් ආකාරයකින් හැඩ ගස්වයි.
රවි ලග්නයේ සිටියදී උපන් තැනැත්තා උද්යෝගිමත්වේ. යහපත් ශරීර ශක්තියක් ඇතිකරවයි. ඥනවන්තය. යහපත් සෘජු ගතිපැවතුම්වලින් යුක්තවූවත්, උඬඟු බවක්ද පෙන්නුම් කරයි. කිසිම අයෙකුට හිස නොනමන තමා උසස් යයි සිතා කටයුතු කරන අතර උෂ්ණාධික ශරීරයකට හිමිකම් කියයි. රවි ලග්න භාවයේ සිටින අයට පිරිස් බලයද ඇතිවේ. යම්කිසි තැනකට හෝ ක්‍රියාවකට පැමිණිවිට අන්‍යයන්ට වඩා කැපී පෙනේ. රවි ලග්නයේ බලවත්ව සිටීම ඉතාම යහපත් වේ. ඉතා බලවත්වුවොත් ආඩම්බර ගතියක් පෙන්නුම් කරයි.
රවි දෙවැන්නේ සිටියදී උපන් අය කථා බහුලවෙයි. බලවත්නම් දීප්තිමත් යහපත් ඇස් ද, දුර්වලනම් ඇස් රෝගද ඇතිවිය හැකිය. ඉක්මන් කෝප සහගත බව නිසා එයින් පාඩු හා හානි ද ඇතිකර ගනී. තමා සතු ධනය නියම මාර්ගයේ යොදවයි. භාර්යාව නිසා නොයෙකුත් අවුල් ඇතිවෙයි. ලාභ පතා කරන කටයුතුවලදී යොදන උත්සාහය තමාගේ අහංකාරකම නිසා නිශ්ඵල කරගනී. ඇතැම්විට වයස අවුරුදු 25 පමණ කාලයේදී මාරක බාධකවලට පවා ගොදුරුවිය හැක.
රවි තුන්වෙනි භාවයේ සිටිවිට වික්‍රමාන්විත බව හා තේජස් බව ඇතිවේ. ලග්නය හෝ මාරක ස්ථාන අධිපතියාව, තුනේ සිටීමෙන් ආයුෂ අඩුකරන යෝග යෙදේ. බලයෙන්ද යුක්ත නම් ඉතා යහපත්වේ. රජයේ තනතුරු හා ඉසුරුමත් බවද ලබයි. ඕනෑම කාර්යයකදී දක්ෂතා පෙන්නුම් කරයි. ජීවිතය උසස් අන්දමින් ගෙනයැමට දැඩිසේ උත්සාහ කරයි. ඉතාම ප්‍රසිද්ධියට පත්ව, තම නමද ලොව පුරා ප්‍රසිද්ධියට පත්විය හැක.
හතරවැනි භාවයේ රවි සිටියොත් හෘද පීඩා, ඉඩකඩම්, වියවුල් පිළිබඳ නඩු හබ හා පවුල් ආරවුල් ආදියටද හේතුවේ. දියුණුව සඳහා විදේශ රැකියාවලටද සිත් යෙදේ. මවගේ ආයු ශක්තිය පිරිහීමට පත්කරයි. නිතර දුක්මුසුව දිවි ගෙවයි. අවුරුදු 22 න් පසු දියුණුවට පත්ව ප්‍රසිද්ධියට ද පත්වේ. ශරීරාංග විකෘති තත්ත්වයකට පත්වීමට ඉඩ ඇත.
පස්වැන්නේ රවි පතිත වුවහොත් දුප්පතෙක් විය හැක. දරුවන් අඩුවීම හෝ දරුඵල විනාශ වේ. එය ප්රබලතම අපල තත්ත්වයයි. හෘදයාබාධ වරින්වර සෑදේ. කොයිම දෙයක වුවත් අමුතු වෙනසක් දැකීමට කැමැති වෙයි. ඥනවන්ත වන අතර මන්ත්‍ර ශාස්ත්රයේ දැනීම ඇතිවේ. ළදරු රෝග නිසා කුඩා කාලයේ විපත්ද ඇතිවිය හැකිය.
හයවැන්නේ රවි සිටියහොත් සතුරන් අඩුකරයි. වික්‍රමාන්විත බව හා ශරීර ශක්තිය ඇතිකරයි. යහපත් දරු මුණුබුරන් ඇතිවේ. ඉගෙනීමට වඩා දක්ෂ බැවින් හයේ රවි සිටින්නෝ උගතුන්, පණ්ඩිතයන් හා ආචාර්යවරුන් බවට පත්වනු ඇත. එසේ ඉහල තත්ත්වයන්ට පත්වූවද, අන් අයද තමාට සමානව සිතයි. එම හේතුව මත සියල්ලන්ගේම ආදර ගෞරවයට පාත්රවේ.
හත්වැන්න රවි ග්‍රහයාට සුබ නොවේ. ඔවුන්ගේ විවාහය කල්පසුවේ නැතිනම් අවුල් වියවුල් සහිත කරයි. විරුද්ධ ලිංගිකයන්ගේ අපහාසයට හා අවමානයට ලක්වේ. ඇවිදීමට ප්‍රියවේ. විරුද්ධ ලිංගිකයන්ගෙන් ලැබෙන ධනය නිසා ඔවුනට යටත්වීමට සිදුවෙයි. අර්ශස් රෝගවලට හේතුවේ. මුත්‍රා රෝග හෝ ලිංගික රෝගද වැළඳිය හැක. තම බිරිඳ හෝ සැමියා හැර වෙනත් අයට ආදරය කිරීමට පෙළඹේ. දුරගමන් යෙදීම නිසා දුර පළාත්වලින් විවාහද සිදුවේ.
අටවැන්නේ රවි සිටින විට දරුණු ක්‍රියා නිසා රජයෙන් හෝ නීතියෙන් දඬුවම් ලබයි. සොරුන් නිසා තමාගේ ධනයට හානි පැමිණේ. ලිංගික රෝග ඇතිවිය හැක. දරුඵල අඩුවේ. ශරීර සෞඛ්‍ය අතින් දුර්වල බෙලහීනයෙකුවේ. වයස අවු. 10 ට පෙර හිසේ රෝග, ඇස්වල ආබාධ තදින්ම වැළඳීමට ඉඩ ඇත. එසේ වුවත් දීර්ඝායුෂ හිමිවේ. කෙලෙහිගුණ නොසලකන මුල් නැයින් ගැන නොසලකන ගති ඇතිවෙයි.
රවි නමයේ සිටින විටදී සමාජයේ කවුරුත් ප්‍රියකරයි. උත්සාහයෙන් ධනය උපයයි. උපතින්ම ආමාශ රෝග වැළඳීමට ඉඩ ඇත. ආගමික සිරිත් විරිත් ගරුකරයි. ගුප්ත විද්‍යාත්මක කටයුතුවලට ලැදියාවක් ඇතිවේ. ඉඩ කඩම්, දේපළ ආදිය හිමිවේ. රජයේ රැකියාවලට හිමිකම් ඇත. කෝලාහලවලට ප්‍රිය අහංකාර ගති ඇත්තෝ වෙති.
රවි දශවෙනි භාවයේදී ස්වඋත්සාහයෙන්ම බලය, වික්‍රමය ඇතිකර ගනී. මව, භාර්යාව හෝ සැමියා දූ පුතුන් හා මිතුරන් නිසා පසුතැවිලි වීම් ඇතිවෙයි. ශරීර සෞඛ්‍ය ඉතා යහපත් වේ. ඉගෙනීමට අති දක්ෂයෝය. සංගීතයට ප්‍රියතාවයක් ඇත. ගම් නායක හෝ එවැනි ප්‍රභූ තත්ත්වයකට පත්වෙති. පුද්ගලික කීර්තිය හා තමා ගැන ප්‍රසිද්ධියද බලාපොරොත්තු වන්නෝ වෙති.
එකොලහේ රවි සිටින අයගේ ශරීර සෞඛ්‍ය උසස් අන්දමින් පවතී. නොපසුබට උත්සාහයෙන් ධනය උපයති. යහපත් ප්‍රතිපත්ති ගරුකරන නිහතමානි ගතිගුණ ඇති යානවාහන ලබා සැපවත් දිවියක් ගතකිරීමට ලැබෙන උසස් ගති ඇත්තෝ වෙති. රවි එකොළහේ සිටීමෙන් සියළු අරිෂ්ට යෝග භංගවේ. උසස් මිතුරන් ඇසුරට පත්වෙයි. ලෞකික දියුණුවටද ඉතා යහපත්ය.
රවි දොළොස්වැන්නේ සිටියදී උපන් අයගේ ජීවිතය මුළු කාලයට වඩා පසු කාලය යහපත්වේ. රවිගේ දශා කාලයේදී නඩුහබවලට පටලවයි. ඇස්වල රෝග ඇති කරවයි. පියාටද විපත් සහිතයි. සතුරු කරදර රජයෙන් හෝ නීතියෙන් දඬුවම් ලබයි. තම උවමනාවෙන්ම නොයෙක් කරදර ඇතිකරගනී.
රවි භාව දොළහේ සිටිවිට ඇතිවන තත්ත්වයන් මෙසේ දක්වන ලද නමුත් මෙම තත්ත්වයන් රවිගේ බල දුබලතාවය අනුව වෙනස්විය හැක. එසේම භාව ගැන බැලීමේදී ලග්නයේ සිට මෙන්ම සඳු සිටින තැන සිටද ගැන බලා නිවැරදිව තීරණ ගත යුතුවේ.
Wmqgd .ekSu