Beauty
කෙස් ගැලවෙනවා වැඩි නම් මෙන්න උපදෙස්
.
කාන්තාවකගේ සුන්දරත්වය ඔප් නංවන පංච කල්‍යාණය අතරින් කේශ කල්‍යාණයට
හිමිවන්නේ වැදගත් තැනක්. හිසකෙස් අකලට වැටීම, සිනිඳු වීම, ගැලවී යාම
ස්ත්‍රී පුරුෂ ඕනෑම කෙනෙකුට වර්තමානයේ තිබෙන බරපතළ ප්‍රශ්නයක්. හිසකෙස්
ගැලවෙන එක, හිසකෙස් කැඩෙන එක බොහෝ දෙනෙකුට ප්‍රශ්නයක් වුණත්, එදිනෙදා ගතකරන
කාර්ය බහුලත්වයත් එක්ක බොහෝ දෙනෙක් හිසකෙස් ගැන අවධානය යොමු කරනවා අඩුයි.
ඒත් නිරෝගී කෙස් කලඹක් සකසා ගැනීම සඳහා ඔබේ දැනුවත්භාවය අත්‍යවශ්‍යයි.
පුද්ගලයකුගේ කෙස් ගසක් වර්ධනය වන ආකාරය ගැන අපි දැනගෙන සිටීම මෙහිදී ඉතාමත් ම වැදගත්. කෙස් ගසක් වර්ධනය වීම අවධි තුනකින් සිදු වෙනවා.
1. වර්ධක අවධිය (Anagen Phase)
2. නිසල අවධිය (Resting Phase)
3. ගැලවී යාමේ අවධිය (A falling Phase) යනුවෙන් ඒ අවස්ථා හඳුන්වනවා.
නීරෝගි පුද්ගලයකුගේ හිසේ කෙස්ගස් ලක්ෂයක් පමණ තිබෙනවා.දිනකට හිසකෙස් ගස් 100 ක් පමණ ගැලවී යාම සාමාන්‍ය තත්ත්වයක්.
සාමාන්‍යයෙන් නිරෝගි පුද්ගලයකුගේ හිසකෙස්වලින් 80% ක් වර්ධක අවධියේත්,
5% ක් නිසල අවධියේත් ඉතිරි 15% ගැලවී යාමේ අවධියේත් පවතිනවා. කෙස් ගසක්
මසකට සෙන්ටිමීටර 1 ක් හෝ 2 ක් පමණ ප්‍රමාණයකින් දිගින් වර්ධනය වෙනවා.
Wmqgd .ekSu