Life
කෙට්ටු වෙන්න ජිම් එකට යන්න ඕනෙ නැහැ..
නිරෝගීව ඉන්න අපි හැමෝම කැමැතියි. අප විසින් ලබා ගන්නා නොයෙකුත් ආහාර නිසා අපගේ ශරීරයෙහි ස්කන්ධය වැඩි වෙනවා. මේ තුළින් නිරෝගී බවක් නම් ඇති වන්නේ නැහැ. ඊට පස්සේ අපිට වුවමනා වෙන්නේ කොහොම හරි අපේ ශරීරයේ බර අඩුකරගන්න විතරයි. ට්රථ එකකට ගිහින් ශරීරයේ නියමිත ප්‍රමාණයට සකසා ගන්නවාට වඩා සුවදායීි ක්‍රම මඟින් අපේ ශරීරයේ ස්කන්ධය අඩු කරගන්න පුළුවන්. මෙම පුංචි ඉඟි කිහිපයකට ඔබත් අවධානය යොමු කළොත් එමඟින් යහපත් වූ ප්‍රතිඵල අත්කරගන්න පුළුවන් වෙනවා.
01. දිනකට ඔබ ලබාගත යුතු කැලරි ප්‍රමාණය ගැන සැලකිලිමත් වෙන්න. දිනකට කැලරි 500ක් පමණ ලබා ගැනීමෙන් ඔබගේ බර සතියකට කිලෝ 1කින් පමණ අඩු වෙනවා.
02. ආහාර තෝරා ගැනීමේදී නුවණක්කාර වෙන්න.
03. දිනකට ඔබ ලබා ගන්නා ධාන්‍ය සියල්ලෙන් 50%කින් කාබෝහයිඩ්ඩේ්‍රට් ලැබෙනවා. දිනපතා ධාන්‍ය වර්ග ආහාරයට තෝරා ගන්න.
04. ප්‍රෝටීන ලබා ගැනීමට නම් තෙල් රහිත රතු මස්, කළුකුම් මස්, කුකුළාගේ ළය පෙදෙසේ මස් සහ බෝංචි ලබා ගැනීම යෝග්‍ය වෙනවා. මෙමඟින් ශරීරයේ බර අඩුවීම සිදුවෙනවා.
05. මේදය රහිත හෝ මේදය අඩු කිරි ආශි‍්‍රත නිෂ්පාදන ආහාරයට පුරුදු වෙන්න.
06. ශරීරයට හිතකර තෙල් වර්ග කිසියම් සීමාවකට අනුව භාවිත කරන්න. උදාහරණ ලෙස ඔලිව් තෙල්, කැනෝලා තෙල්, මත්ස්‍ය තෙල් ආදියේ වැඩිපුර ඔමේගා 3 සහ ඔමේගා 6 අඩංගු වෙනවා. ඒවා මඟින් ශරීරයේ බර අඩු වෙනවා.
07. දිනපතාම නැවුම් එළවළු ආහාරයට ගන්න. ඒවා තුළ විටමින්, ඛනිජ ලවන බහුලව ඇතුළත් වෙනවා. දෛනිකව පළමු ආහාර වේලට පෙර එළවළු ආහාරයට ගැනීම වඩාත් යෝග්‍ය වෙනවා.
08. දිනකට වතුර වීදුරු 8-10 ක් පානය කරන්න. බඩගිනි එන හැම වෙලාවකම වතුර වීදුරුවක් බොන්න පුරුදු වෙන්න. සමහර වෙලාවට ඔබගේ මොළයට වැරැදිලා පිපාසය වෙනුවට කුසගින්න දැනෙන්න හරිනවා.
09. බඩ පිරෙනකල් කන්න. බඩගින්න නැතිවෙනකල් ආහාර ලබා ගැනීම නවත්වන්න එපා. මොකද බඩ පිරිලා කියලා මොළයට තේරුම් යන්න හරියටම විනාඩි 20ක් විතර යනවා.
10. දිනකට ලබා ගන්නා ආහාර පිළිබඳ ඔබ සටහන් තබා ගැනීමට පුරුදු වෙන්න. අනිවාර්යයෙන්ම ලබාගත් ආහාර ප්‍රමාණය සටහන් කර ගන්නත් අමතක කරන්න එපා.
Wmqgd .ekSu u