Life
කිරි දෙන මවගේ පියයුරු වල ගැටළු
ගර්භනී සමයේදී හා මව්කිරි දෙන කාලයේදී පියයුරු සම්බන්ධ නොයෙකුත් ගැටළු මතු විය හැකියි. පියයුරු සම්බන්ධ ගැටළු බොහොමයක් සදහා අනිසි බියක් ඇති කර නොගත යුතු නමුත් පියයුරු වල ගැටිත්තක් ඇති බව දැනගතහොත් වහාම වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමුවිය යුතුය.
කිරි තද වීම එසේත් නැතිනම් පියයුරු තද වීම ගැන මිට පෙර ලිපියකින් අපි කතා කළා. මේ ඒ හැරුණු විට ඇති වන තත්ත්ව කිහිපයක්.
තුවාල වූ හා පැළුනු තනපුඩු
මෙය ඉතා වේදනාකාරී තත්ත්වයකි. ප්‍රධාන හේතුව දරුවා පියයුරට නිවැරදිව සම්බන්ධ නොවීමයි. තනපුඩුව පමණක් ඉරීම හේතුවෙන් දිවත් උඩු තල්ලත් අතර තනපුඩුව වැඩි වාර ගණනක් මැදීම නිසා තන පුඩුව තුවාල වේ.
දරුවා නිවැරදිව සම්බන්ධ වූ පසු ඉක්මණින් මේ වේදනාව නැති වේ. දරුවා කිරි උරන විට තන පුඩු වේදනාකාරී බව මව පවසයි නම්, තනපුඩුවෙන් ඉවත් කර සම්බන්ධය නිවැරදි කරන්න.
නිවැරදි සම්බන්ධයේදී දරුවාගේ මුව
Wmqgd .ekSu taIshka