Life
කිරිදත් ඉක්මනින් දිරා යන්නේ ඇයි...!
දරුවකු මෙලොව ඉපදී වයස මාස හයත් නවයත් අතර කාලයේදී දත් මතු වීමට පටන් ගනී.
බොහෝ විට යටි ඇන්දේ ඉදිරිපස දත් මුලින්ම මතු වේ. ඒ සමඟම උඩු ඇන්දේ ඉදිරිපස දත්ද මතු වීම සිදු වේ.
සාමාන්‍යයෙන් වයස මාස හයත් නවයත් අතර කාලයේදී දත් මතු වීම සාමාන්‍ය සිද්ධියකි. ඇතැම් දරුවන්ගේ වයස අවුරුද්දක් පසු වන විටත් දත් මතු නොවන අවස්ථා තිබේ. නමුත් ඔවුන්ගේ මුඛය හොඳින් පරීක්ෂා කළහොත් එම දරුවන්ගේ දත් එළියට ඒමට නියමිත ස්ථාන කැපී පෙනෙන ලෙස ඉදිමුණු ස්වභාවයක් දැකිය හැකිය.
දරුවකු ඉපදී වයස අවුරුදු 2 1/2- 3 පමණ වන විට කිරි දත් පෙළ සම්පූර්ණ වේ. එම කිරි දත් ගණන 20 කි.
කිරි දත් වර්ග
ඉදිරිපසින් උඩු ඇන්දේ සහ යටි ඇන්දේ දත් හතර බැගින් වූ කෘදන්ත දත් 08 ක් මතු වේ.
එම දත්වලට දෙපසින් උඩු ඇන්දේ සහ යටි ඇන්දේ දෙක බැගින් රදනක දත් 04 ක් මතු වේ.
රදනක දත්වලට පසුපසින් උඩු ඇන්දේ සහ යටි ඇන්දේ දත් හතර බැගින් චාර්වක දත් 08 ක් මතු වේ.
කිරි දත් අතරට පුරශ්චාර්වක දත් මතු නොවේ.
කිරි දත් සියල්ලම වැටෙනවාද?
දරුවකුගේ මුඛයේ මුලින්ම මතු වන කිරි දත් සියල්ලම වැටෙනවාද කියා ඇතැම් දෙමාපියනට සැකයක් පවතී.
කිරි දත් සියල්ලම අනිවාර්යයෙන්ම වැටීමට නියමිතය.
එම දත් වැටෙන්න පටන් ගන්නේ දරුවාට වයස අවුරුදු හයේදී පමණය. එය ඊට මාස කිහිපයකට පෙර සිට හෝ අවුරුද්දක් දෙකක් පමා වී වැටීම ආරම්භ විය හැකිය.
කලාතුරකින් ස්ථිර දත් ඇන්දක කිරි දතක් දිගු කාලයක් රැඳී තිබීමට පුළුවන්. ඊට ප්‍රධාන හේතුව එම කිරි දත පිහිටන ස්ථානයට පැමිණීමට නියමිත ස්ථිsර දත වර්ධනය වී නොතිබීමය.
කිරි දත් ඉක්මනින් දිරා යන්නේ ඇයි?
කිරි දත් ඉක්මනින් දිරා යන්නේ දරුවා රෑ නින්දේදී කිරි බීම නිසා. එසේ කිරි බොන දරුවාගේ දත්වල උදෑසන දක්වා කිරි තැවරී තිබේ.
මෙලෙස දත් මත ආහාර තැන්පත්ව තිබීම මුඛයේ සිටින බැක්ටීරියා නිපදවන අම්ලවලට ක්‍රියාකාරී වීමට හොඳ පරිසරයකි. එවිට එම බැක්ටීරියා විශාල වශයෙන් අම්ල නිපදවීම නිසා කිරි දත් ඉක්මනින් දිරා යයි.
එබැවින් දරුවා කිsරි බී අවසන් වූ වහාම තෙත රෙදි කැබැල්ලකින් දත් පිස දැමිය යුතුය. එවිට දත් අතර රැදෙන කිරි ප්‍රමාණය අවම කළ හැකිය.
පැණි රස ආහාර වැඩිපුර අනුභව කිරීම නිසා එම ආහාර දත් අතර වැඩි වේලාවක් රැඳී සිටීම නිසාද දත් දිරා යැමට බලපාන අම්ල වැඩිපුර නිපද වීමට පරිසරයක් ගොඩනැඟේ.
ඒ නිසා දරුවන්ට පැණි රස ආහාර ලබාදීම පාලනය කළ යුතුය. එසේම ආහාර ගත්a පසු හොඳින් කට සෝදා හැරීමට පියවර ගත යුතුය.
Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks