Life
කිරිකැටියාගේ ඇඳුමට නුසුදුසුම පාට මෙන්න
අලුත උපන් බබාලට ලස්සන ලස්සන පාට වලින් චුටි චුටි ඇඳුම් අන්දවන්න අම්මා නම් හිතන්න පටන් ගන්නේ පොඩි එකා පයින් ගහන්න පටන් ගන්නත් කලින් ඉඳන්. සිනිඳු හැමට නොරිදෙන්න තුනී මල් පීස් රෙදි අරන් ඇඳුම් පොඩි මහන්නේ අනාගතේ ගැන දහසකුත් එකක් බලාපොරොත්තු හිතේ පුරෝගෙන.
නමුත් අපි මොන දේ කලත් මේ ලෝකෙට අලුතින් ආපු දරුවාගේ සෞඛ්‍යය ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද ලොකු අයට වගේ නෙමෙයි අසනීපයක් වුනත් දරුවෙක්ට එක කියාගන්න බැහැනේ.
අද අපි ඔබට කියන්නට යන්නේ අලුත් බබාලට ඇඳුම් අන්දවද්දී සැලකිලිමත් විය යුතු කාරණයක් ගැන. ඒ තම ඇඳුම් වල වර්ණය.
ඔබ දන්නවාද අලුත් බබාලාගේ අන්දවන ඇඳුම් වත් දරුවාව ඔතා තබන නැප්කින් හෝ සපත්තු තොප්පි වැනි කිසිම දෙයක් කහ තැඹිලි වැනි වර්ණ වලින් නොතිබිය යුතු බව.
ඉපදුනු ගමන් දරුවන්ගේ අක්මාවේ වර්ධනයේ අඩු වීම් සහ තවත් කාරනා ගණනාවක්ම නිසා ඇති විය හැකි තත්වයක් තමයි දරුවා කහ වීම. මේ සඳහා දරුවා රෝහලේදී නිල පාට ආලෝකයකට නිරාවරණය කිරීම (Phototherapy) මගින් ප්‍රතිකාර ලබා දෙනවා. ප්‍රතිකාරය ඉතා සරල වන්නේ ඒ තත්වය ඉක්මනින් හඳුනාගන්නට පුළුවන් වුනොත් පමණයි.
මෙය වෛද්‍ය විද්‍යාවේ Neonatal Jaundice ලෙස හඳුන්වනවා. මේ නිසා දරුවාගේ පැහැයේ ඇති වන වෙනස් කම් ගැන ඔබ වඩාත් සැලකිලිමත් විය යුතුයි. දරුවාගේ ඇඟේ තිබිය යුතු රෝස පැහැය අඩු වූ වහාම රෝහලකට ගෙන යාම මගින් ඔබට දරුවාව පහසුවෙන් සුව කරගන්නට හැකි වේවි.
මෙසේ කහ වීම සිදු වන්නේ ලේ වල බිලිරුබින් කියන සන්ගටකය වැඩි වීම නිසා. මේ ද්‍රව්‍යය මොලය ඇතුළු ස්නායු පද්ධතියට හානිකරයි. බිලිරුබින් ඉවත් කිරීමට අදාළ එන්සයිම ක්‍රියාකාරී නොවූ විටයි කහ වීම සිදු වන්නේ.
ඉතින් Phototherapy මගින් සිදු කරන්නේ මේ එන්සයිම සක්‍රිය කිරීමක්. මෙය මුල් අවස්ථාවේ නොකළහොත් දරුවාට පිටතින් ලේ ලබා දීම දක්වා තත්වය දරුණු වෙන්නට පුළුවන්.
ඉතින් ඔබ හිතනවා ඇති Neonatal Jaundice සමග ඇඳුම් වල ඇති සම්බන්ධය කුමක්ද කියා. ඇත්තටම දරුවාට අන්දවන ඇඳුම් නිසා දරුවාගේ සමේ පැහැයේ වෙනස් කම් ඔබට හඳුනා ගන්නට නොහැකි වෙන්නට හෝ වරදවා හඳුනා ගන්නට පුළුවන්.
දරුවාට කහ පාට තැඹිලි පාට ඇන්දවීම මගින් වැඩි කහ පාටක් හැමට එක වනවා. ඒ වගේම රතු පාට වැනි පාට මගින් වැඩි රෝස පැහැයක් එක වනවා.
මේ නිසා පුංචි බබාලාගේ ඇඳුම් සුදු පාටට හුරු වනවා නම් තමා වඩාත්ම හොඳ. පොඩි මල් මෝස්තරයක් තිබුනාට කමක් නැහැ. නමුත් සුදු පාට ක්‍රීම් පාට වගේ පාටින් ඇඳුම් බෙඩ් ෂිට් ආදිය මුල් සති කිහිපය තුල යොදා ගැනීමට ඔබ සැලකිලිමත් විය යුතුයි.
Wmqgd .ekSu taIshka