Life
කැටිගැසුණු උරහිස...
උරහිස අවට ඇති ඛණ්ඩරාවල් හා උරහිස් සන්ධි ප්‍රාවරයේ පරිහානියක් නිසා
ඇතිවෙන මෙම රෝගය ආයුර්වේදයේ අවබාහුක නමින් හඳුන්වයි. වාතය හා සෙම යන දෙක
දූෂණය වීමෙන් බාහුවේ පිහිටි සිරා සියල්ල වියළීමට (කැටී ගැසීම) ලක් කිරීම
හේතුවෙන් උරහිස කැටිගැසීමේ රෝගය (Frozen shoulder) යන නමද ලැබී ඇත. කඳ
ප්‍රදේශයේ හෙවත් අංශ ප්‍රදේශයේ සිට වාතය කුපිත වී අංශ ප්‍රදේශය වියළීමයට
ලක්කිරීම හෙවත් අංශශෝෂ යන අවස්ථාවට ප්‍රතිකාර නොකිරීම නිසා ද ඇතිවිය හැක.
ප්‍රධානම
ලක්ෂණය නම් උරහිසේ වේදනාව සමඟ සන්ධියේ චලනයන් අඩූ වී ක්‍රමයෙන් චලනයන්
නැතිවීමයි. උරහිස එසවීමට කරකැවීමට බැරීවේ. උරහිස ඉදිරියේ මෘදුබව ඇතිවේ.
වේදනාව රෑට වැඩි වී උඩබාහුවට පැතිරේ කාන්තාවෝ මුලින්ම පවසන්නේ කොණ්ඩය
බැඳගැනීමට අත පීටුපසට ගැනීමට නොහැකි බවයි. හිරියද ඇතිවිය හැක.
ං-කිරණ
චිත්රවල සන්ධියේ වෙනස්වීමක් දක්නට නොලැබේ. මෙහිදී අවධාරණය කළයුතු
ප්‍රධාන කරුණක් නම්, හෘදය පෙනහළු ආදී ආබාධ වලදී ඇතිවන වේදනාව සමහර විට
උරහිසේ වේදනාවක සේ දැනීමයි. එය පවරන වේදනාවකි. (Referred Pain ) එහිදී
තවදුරටත් ECG වාර්ථා , රුධිර පරීක්ෂණ ආදිය විමසා බලා එම ආදාළ ඉන්ද්‍රියට
ප්‍රතිකාර කිරීම විනා උරහිසට ප්‍රතිකාර කිරීමෙන් ඵලක් නැත.
මෙම රෝගයට ඖෂධ මෙන්ම උරහිස් සන්ධියේ තෙල් ගල්වා ව්‍යායාම කිරීමද වඩා සුදුසු ය.
අත් බෙහෙත් කිහිපයක්
*උරහිස් සන්ධියේ ශූලහර තෙල් මඳක් රත්කර ගැල්වීම.
*බැබිල , සුඳුළුණු , අරත්ත අල වැනි වාත ශාමක ද්‍රව්‍ය තම්බා බීම .
*තෙල් ගල්වා ඖෂධ පොට්ටනියකින් තැවීම.
*වාත ශාමක ද්‍රව්‍ය රත්කර එහි වාෂ්පය උරහිස් සන්ධියට ඇල්වීම.
*හොඳීන් ජලය හා දියරමය ආහාර ගැනීම.
ව්‍යායාම කිහිපයක්
(ව්‍යායාම කිරීමට පෙර රෝගී සන්ධියේ තෙල් ගැල්වීම චලනයන්ට පහසුවේ.)
1.රෙදි
පටියක් හෝ කඹයක්, ඉහළ තිබෙන බාල්කයක හෝ දොර අගුලක් හරහා දමා එහි
කෙරවලවල් දැතින් අල්ලා ඉහළ පහළ ඇදීම. (බොලොක්කයක් ආධාරයෙන් ළිඳෙන් වතුර
අදිනවා සේ.)
2.ඇඳේ සිටින විට වැලමිට සෘජුකෝණයකට නවා ඇඟිලි වහල දෙසට දිගහැර ඉන්පසු ඇඳේ ගෑවීමට තැත් කිරීම
3.රෝගී වූ අත සෙමින් සෙමින් බිත්තියේ ඉහළට හා පහල ගෙන යාම
4.අත්දෙක හිස පිටිපස්සට ගෙන වැලමිටවල් දෙක එකට ළංකිරීම හා දිග හැරීම.
Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks