Life
කාලසටහනකට අනුව වැඩ කිරීම බොහෝ ගැටලුවලින් මිදීමට මඟක්
බොහෝ ගෘහිණියන් නිවසේදතෙම රූපයම සහ සෞඛ්‍යයට බලපාන අහිතකර පාරිසරික සාධක කීපයක් පිළිබඳව සහ ඒවායින් මිදී කටයුතු කර තමන්ගේ ශාරීරික සුවතාවය සහ සුන්දරත්වය හොඳින් පවත්වාගෙන යන්නේ කෙසේද යන්නයි අද අප සාකච්ඡා කරන්නේ.
නිවස තුළදී ගෘහිණියන්ට වැඩි වශෙයන් ම වැඩ කිරීමට සිදුවන්නේ ජලයත් සමඟ. මේ හේතුව නිසා සම මතුපිට, නියපොතු සහ සම අතර ඇඟිලි කරුවල නිතර තෙතමනය රඳා පවතිනවා. මෙය මෙම ස්ථාන නිතර ආසාදනයට ලක්වීමට එම ස්ථාන දිලීර ආසාදනවලට ගොදුරුවීමට හේතුවක්.
එසේම සම මතුපිට දද කුෂ්ට වැනි තත්ත්වයන් ඇතිවීමට ද එය හේතුවක්. ඒ වගේ ම අද බොහෝ නිවෙස්වල කාන්තාවන් Detergent (පවිත්රකාරක ද්‍රව්‍ය) බොහෝ සෙයින් භාවිතා කරනවා. රෙදි සේදීම, කුස්සියේ ද්‍රව්‍ය සේදීම, බිම පිරිසුදු කිරීම වැනි කටයුතු සඳහා. මේවා බොහෝවිට අධික ආම්ලික ස්වභාවයෙන් හෝ භාස්මික ස්වභාවයෙන් යුක්ත වූ ද්‍රව්‍ය. මේවා ජලයේ දියවූ විට ඇතිවන ද්‍රාවනයේ PH අගය අපේ සමේ PH අගයට වඩා වෙනස්. එවැනි ද්‍රව්‍ය මඟින් සමට හානි සිදුවීමේ හැකියාවක් තිබෙනවා.
ගෘහිණියගේ සෞඛ්‍යයට, රූපසෝබාවට හානි සිදුවිය හැකි තවත් එක් සාධකයක් වන්නේ අධික රස්නයයි. කුස්සිය යනු ස්වභායෙන් ම අධික රස්නය පවතින ස්ථානයක්. ඒ වගේ ම කුස්සිය බොහෝ නිවෙස්වල පිහිටා තිබෙන්නේ ආවරණය වූ ස්ථානයක; ජනෙල් දොරවල් නිතර වසා තිබෙන ස්ථානයක.
එය කුස්සිය තුළ රස්නය ඉහළ යාමට හේතුවක්. කුස්සි තුළ අධික රස්නයක් පැවතීම ගෘහිණියකගේ ශරීර සෞඛ්‍යයට සමේ තෙතමනය පහළ යාමට, සම දුර්වර්ණ වීමට සම වියළි ස්වභාවයකට පත්වීමට ප්‍රධාන හේතුවක්.
නිවෙසක පුරුෂයාට, තාත්තාට රැකියාවට ගොස් නිවසට පැමිණ සුළු වේලාවක් හෝ විවේක සුවයෙන් පසුවීමට හැකි වුවත්, ගෘහණියට අම්මාට එම හැකියාව ඇත්තේ නෑ. ඇයට විවේක ගැනීමට හැකිවන්නේ නිවසේ දවසේ සියලුම වැඩ කටයුතු අවසන් කිරීමෙන් පසුවයි; රාත්‍රී නින්දට ගිය පසුවයි. ඒ; එතරම්ම වැඩ කොටසක් වගකීම් රැසක් ගෘහිණියට පැවරී ඇති නිසයි.
එකදිගට වැඩ කිරීමෙන් ගෘහිණිය මානසික ආතතියටත් මානසික මෙන් ම ශාරීරික වෙහෙසටත් පීඩනටයත් පත්වීමට ඉඩ තිබෙනවා. මානසික ආතතිය වැඩි වූ විට ශරීරය තුළින් stress hormone ශ්‍රාවය වෙනවා. නිතර නිතර ආතතියට ලක්වී නිතර නිතර මානසික වෙහෙසට පත්වන විට ආතතියට ලක්වන විට ඉහත හෝමෝන නිතර නිතර ශ්‍රාවය වීමට පටන්ගන්නවා. එය ගැටලු රැසකට ම හේතුවක්.
ශාරීරික රෝගාබාධ රැසකට ම අත වැනීමක්. විශේෂයෙන් ශරීරයේ සීනි මට්ටම ඉහළ ගොස් දියවැඩියා රෝගයට ගොදුරුවීම, රුධිරයේ කොෙලාස්ටරෝල් මට්ටම ඉහළ යාම, සමවියළී රැළි වැටීම, නින්ද යාමේ අඩුකම, පෝෂණය අඩුවීම, අතපයේ වේදනාව වැනි තත්ත්වයන් ඇති වෙනවා.
සාමාන්‍යයෙන් ගෘහිණියකට අනාගත සැලසුම් බොහොමයක් තිබෙනවා. ඒ නිසා බොහෝ ගෘහිණියන් නිතර සිටින්නේ බලාපොරොත්තු කඩවීම් රැසක් සමඟ.
උදාහරණයක් හැටියට ගෙදර දොරේ කොපමණ වැඩ කළත් සැමියාගෙන් ඒ පිළිබඳ ඇගයීමක් නොලැබීම, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් කොතෙකුත් වෙහෙස වුනත් දරුවන් තමන් බලාපොරොත්තු වන අයුරින් ඉගෙන නොගැනීම, තමන්ට ම කියා පදිංචියට ස්ථිර නිවසක් නොමැති වීම වැනි කරුණු නිසා ගෘහිණියන්ගේ මනස තිබෙන්නේ පසුගාමී මානසික තත්ත්වයක.
එය ගෘහිණියගේ ශාරීරික සහ මානසික සුවයට නිරෝගී භාවයට ඍජුවම බලපෑම් ඇති කරනවා. අප මෙතෙක් සඳහන් කළේ ගෘහිණියගේ මානසික සහ ශාරීරික සුව සෙතට නිවසේදී සිදුවිය හැකි බලපෑම් පිළිබඳව. ඉතා සුළු ක්‍රියා මාර්ගයකින් ඇතැම්විට මෙම බලපෑම් වලින් මිදීමේ හැකියාව තිබෙනවා.
ගෘහිණියක් තමන්ගේ නිවසේ කාලසටහනකට අනුව වැඩ කිරීමට පුරුදු වුණොත් එය බොහෝ ගැටලුවලින් මිදීමට මඟක්. එකම වැඩක දවස තිස්සේ ම යෙදෙන්නේ නැතිව කාලය කළමනාකරණය කරගැනීමෙන් ගෘහිණියන්ට බොහෝ ප්‍රශ්න විසඳාගත හැකියි.
උදාහරණයක් ලෙස දවසකට වේල් දෙකක් බත් කන්නේ නම් එම වේල් දෙකට ම ඇති වෙන්න බත් පිස ඒ ඒ වේල් සඳහා වෙන් වෙන්ව එළවළු මාළු පිනි පිසගත හැකියි. මෙහිදී එක් වේලකදී බත පිසීමට ගතවන කාලය ශ්‍රමය ඉතිරි වෙනවා.
දිනපතා තමන්ගේ සහ දරුවන්ගේ රෙදි මදින්නේ නැතිව රෙදි මැදීම සතියේ එක් දිනකදී හෝ දෙකකදී සිදු කළොත්, කාලයත් විදුලි බිලත් බොහෝ ඉතිරිකරගන්න පුළුවනි.
ඉහතින් සඳහන් කළ අධික රස්නයෙන් සිදුවන හානි අවම කර ගැනීමට කුස්සියේ දොර ජනෙල් විවෘත කර තැබීමත් හොඳින් වාතාශ්‍රය ලැබෙන පරිදි කුස්සිය තිබෙන ස්ථානය සැලසුම් කර තිබීමත් ඉතා වැදගත්.
එසේම අධික රස්නයක් පිටවන දර ලිප් වෙනුවට ගෑස් ලිපක් භාවිතා කිරීමෙන් අධික රස්නයෙන් සමට වන හානිය වළක්වාගන්න පුළුවනි. බොහෝ කාන්තාවන්ට රෙදි සේදීමට ගන්නා සබන් කුඩු ආදිය අසාත්මිකයි.
ඒ වගේ ම අතපය නිතර ජලයට නිරාවරණය වීම සමේ දිලීර ආසාදන වලට හේතුවන බව ඔබ දන්නවා. මෙයින් මිදීමට රෙදි සේදීමේදී රබර් ග්ලව්ස් භාවිතා කළ හැකියි. එසේම පාදවලට සබන් දියර නොවැටෙන සේ රෙදි භාජනය උසකින් තබාගෙන සේදිය හැකියි. ඊට අමතරව කුස්සියේ වැඩ කරන විට
Wmqgd .ekSu is