iranama
කාම අපරාධ
අනතුරු සහ ග්‍රහයෝ
පසුගිය මැයි 30 වැනි දින සිට සිකුරු කටක රාශි ගතවී ජුලි 05 වැනි දින සිංහ රාශියට පැමිණියාය. යළි ජුලි 25 වැනි දින ආපසු හැරෙමින් (වක්රවෙමින්) අගෝස්තු 13 වැනි දින වන විට සිකුරු යළි කටක රාශියට ආපසු පිවිසියාය. සිකුරු සුරූපී තරුණියක් ලෙස ජ්‍යෝතිෂය පිළිගනී. ඇය මෙසේ කටකයට යන විට ජුලි 31 වැනි දින කුජ තනියම සීතල කටක රාශියට පැමිණ සීතලෙන් පීඩාවට පත්ව සිටියේය. අගෝස්තු 13 දා කටකයට පැමිණි සිකුරුට එහිදී කුජ මුණ ගැසෙන්නේය.
කුජ වනාහී හැඩි දැඩි අයෝමය පුරුෂයෙකි. එසේම කම්මලේ ළිපෙන් ගිනියම් වන යකඩයක් සේ උණුසුම් ග්‍රහයෙකි. කටකය වනාහී වතුර අයිස් බවට පත්කළ හැකි ස්ථානයකි. එතනට එන කුජගේ පැවැත්මට අදාළ ජීව ශක්තිය වූ උණුසුම් බව උදාසීන වෙයි. එනිසා කුජ කාටකයේදී නීච වන ග්‍රහයා වෙයි.
ගැමි වහරක මෙසේ සඳහනක් තිබේ. උඳුවප් මහ දුරුත්තේ බිරින්දැවරුන් වැඩි පිරිසක් ගැබ් ගන්නා බවය. එනම් සීතල කාලයක් තුළය. මේ ගැමි අදහස තුළ ඇත්තේ කාම රාගයන්ගේ උද්දීපනයක් ඇතිවන කාලයක් වූ බවකි. සීතලේ තනිවම කටක රාශිය තුළ සිටි කුජට අගෝස්තු 13 දා සිකුරු නම් සුරූපිනිය හමුවන්නේ හුදෙකලාවේමය. වෙන කිසි ග්‍රහයෙක් කටකයේ නොසිටි විටකය. මෙසේ වෙද්දී ජුලි 17 වැනි දින තවත් ගිනි ග්රහයෙක්වූ රවි ද මේ දෙදෙනා අතරට එක්විය.
විශ්ව කේන්ද්‍රයට අනුව රවි 05 වැන්න අධිපති වෙයි. 05 වැන්න තුළ අනියම් ලිංගික සේවනය, පැහැරගෙන යැම් දූෂණය කිරීම් ආදී සියලු ක්‍රියා උපදින තැනය. එයටද අධිපති රවි සිකුරු හා කුජට එක්විය. මේ අතර ජුලි මස 20 වැනි දින බුධ ග්‍රහයාද කටක රාශියට පැමිණ කුජ, සිකුරු, රවි යන තිදෙනාට එක්විය.
කටක රාශි ගතවන බුධගෙන් විකාශනය වන්නේ කෲර කපටි නුවණකි. බුධගේ ස්වභාවය වන්නේද ළඟ සිටින ග්රහයින්ගේ ගතිගුණවලටම ඔහුද හැරී යැමය. රවි, කුජ, ශුක්‍ර තිදෙනාට අගෝස්තු 04 වන දින දක්වා බුධගේ කපටි නුවණ රිසිසේ පවත්වා ගැනීමට හැකිවිය. එනිසා මේ ග්‍රහ බල හතර එකට එක්වී විශ්ව කේන්ද්‍රයේ 04 වැන්න තුළ සංයෝග වෙමින් මෙවන් ප්‍රතිඵලයක් විකාශනය කළේය.
එනම් උගත්කමෙන්, ධනයෙන් උසස් වුවත් ලඡ්ජා බිය දෙකෙන් තොරව සොරකමත්, පරදාර සේවනය, දූෂණය වැනි කාමරාශී බලයක් ජනිත කිරීමය. එකී දිනවල උපත ලද ස්ත්‍රී පුරුෂ කේන්ද්‍රවලට මේ තත්ත්වය ග්‍රහණය වී තිබේ. එසේම වර්තමානය වූ මේ කාලයේද එවැනි ග්‍රහ පිහිටීම් ඇති, එකී ග්රහයෙකුගේ මහ දශාවත් අතුරු දශාවත් ගෙවන යම් යම් පුද්ගලයන් තුළිණ දූෂණ හා කාම අපරාධ රටපුරා ප්‍රචලිත විය.
අපට අනාවරණය වන්නේ එයින් කීයක්ද? ඒ එකක් දෙකක් පමණි. ළමා අපයෝජන, දූෂණය, දූෂණය කර මරාදැමීම වැනි බිහිසුණුකම් පසුගිය කාලයේ අසන්නට ලැබෙන්නේ මේ රවි, කුජ, ශුක්‍ර, බුධ සංයෝගය එවැනි දේවලට විශ්ව බලය විවර කළ බැවිනි. එවැනි ග්‍රහ පිහිටීම් ඇති පුද්ගලයන් ආගමික වශයෙන් මනා ලෙස මානසික සංවර්ධනයක් ලැබූ අය හැර අනෙක් අයට මේ විශ්ව බලය හමුවේ එවැනි තත්ත්වයන්ට පත්වීමට ඉතාමත් පහසු වේ. අද වර්තමාන මිනිසා ආගමික සංවර්ධනයකට අනුව හැසිරෙන්නෝ නොවෙති. එනිසා තණ්හාව හා රාගයම අත්තනෝමතිකව සිත්තුළ පිරී ඇත.
ඉතාම ළාබාල දැරිවියන් පවා බිහිසුණු ලෙස කෙළෙසා දමා බිහිසුණු ලෙසම මරා දමන තරමට සිත් තියුණු වූයේ ආගමික ආධ්‍යාත්මයක් මනස තුළ නැති බැවිනි. විශ්වයේ එවන් බිහිසුණ ශක්ති නිපදවෙන විට ඒ බිහිසුණු සිදුවීම් මිනිසා තුළින් දහනය වෙයි.
බෞද්ධ රටක බෞද්ධ ආධ්‍යාත්මය මිනිස් සිත් තුළ නොමැති වීම ප්‍රධාන හේතුව වෙයි. එනිසා කුඩා දූදරුවන් සිටින දෙමාපියන් තම දරුවන් ආගමික ආධ්‍යාත්මයක් ඔවුන්ගේ හදවත් තුළ උද්පාද කළ යුතුය. අද පවත්නා සමාජ චාරිත්‍ර, සමාජ සංස්කෘතිය, සංකරවූ සිරිත් විරිත්, මාධ්‍යය, විලාසිතාව, කතාබහ, හැසිරීම් ආදී සියල්ලට මැදිවී සිටින දරුවන්ට දහම් පාසලක අද පවතින තත්ත්වය ප්‍රමාණවත් නැත.
කර්මය, කර්ම විපාක, හතර අපාය වැනි දේවල් සිතට කාවද්දා තිබිය යුතුය. එසේ වීමෙන් මෙවන් විශ්ව කිරණ ඇතිකරන ග්‍රහ සංයෝජන හමුවේ ඔවුන් එවන් බිහිසුණු තත්ත්වයන්ට පත්නොවනු ඇත. එසේම මේ ග්‍රහ සංයෝජනය තුළ හදිසි අනතුරු වැඩිකරවා පිහිටීමක්ද පවතී. එනම් ඒ මෝටර් රථවලට සිදුවන අනපේක්ෂිත හදිසි අනතුරුය.
විශේෂයෙන් සිකුරු වාහනවලට කාරක ග්‍රහයෙකි. එනිසා වාහන සම්බන්ධයෙන් සිකුරුට විශේෂ අයිතිවාසිකමක් පවතී. එසේම කටක රාශිය තුළ සිකුරු කුජගෙන් ලැබුවේ පීඩාවකි. එනිසා කාම රාග සම්බන්ධව අනිසි බලපෑම් සේම වාහන සම්බන්ධයෙන්ද අසුබ විය. කුජ ග්‍රහයා වනාහී චණ්ඩ ප්රචණ්ඩ බව උරුම ග්‍රහයාය. කඩන-බිඳින, පොඩිකරන. ලේ හලන, මරා දමන ගතිද ඔහුතුළ පවතී.
එබැවින් පසුගිය කාලය තුළ වාහන අනතුරු හා පුද්ගලයන් මිය යැම් වර්ධනය වූ යුගයකි. මේ ග්‍රහ සංයෝගය පැවතියේද විශ්ව කේන්ද්‍රයේ 04 වැනි භාවය තුළය.
එම රාශියෙන් ගේ දොර, ඉඩකඩම්, යානවාහන ආදිය පෙන්නුම් කරන ස්ථානය වීමද සුවිශේෂ වෙයි. එනිසා දරුණු රිය අනතුරු ද එයින් ජීවිත හානි ගැනද අපට අසන්නට ලැබුණි. එසේම දැඩි සුළං හේතුවෙන් නිවාස කැඩීබිඳී යැම්ද අපි ඇසුවෙමු. ඒ කුජ සිකුරු දෙදෙනා 04 වැනි භාව ගතවූ හේතුව අනුවය. එවැනි දේවල් ජුලි සිට මේ අගෝස්තු හා සැප්තැම්බර් දක්වා කාලය තුළ වැඩිවූයේ මේ ග්‍රහ බලය මතය.
පසුගිය ජුලි 17 වැනි දින මෙම කටකය තුළ කුජ සිකුරු ග්‍රහ සංයෝගයට රවි ග්‍රහයාද සම්බන්ධ විය. රවි යනු සූර්යා හෙවත් විශ්වයේ රජතුමාය. රවි සාමාන්‍යයෙන් ආර්ක් වෙල්ඩින් එකේ මතුවන ගිනි ගුලිය බඳුය. ඒ දෙස අපට ඇසින් බලාසිටිය නොහැක. එයද රවිගේ පෞරුෂ බලය වේ. කටක නම්වූ සීතල රාශියට පැමිණෙන මේ රාජ්‍ය කාරකයාගේ එකී පෞරුෂයද දුර්වල වෙයි. එක්වූයේ කුජ ශුක්‍ර නම් ඉහත කී ග්‍රහ සංයෝගයටය.
එහි ප්‍රතිඵලයක් ලෙස පසුගියදා ජනාධිපති අරක්ෂක අංශයේ නිලධාරීන් පිරිසක් රැගත් සුපිරි ජීප් රථයක් මාරාන්තික අනතුරකට ලක්කර හයදෙනෙකුගේ ජීවිත විනාශකර දැමීමේය. තණ්හාව හා රාගය මිනිස් සිත්වලට පුබුදු කරන මේ ග්‍රහ පිහිටීම තුළ කෙතරම් බිහිසුණු බවක් පවතින්නේද, ඉදිරියට කොපමණ නම් එවැනි ග්‍රහ පිහිටීම් ඇති වේද? අපි අහස දෙස විමසිලිමත් වීමට වඩා අපගේ චිත්ත සංතාන අධ්‍යාත්මික බලයකින් පරිපූර්ණ කරනු පිණිස බුද්ධිමත් වෙමු.
ජ්‍යෝතිෂවේදී අගලවත්තේ බී. හේරත්
Wmqgd .ekSu