Life
කාන්තාවන්ගේ මුහුණේ රෝම කූපවර්ධනයට බලපාන හේතු රැසක් තිබේ
ප්රශ්නය -
වෛද්‍යතුමනි, මාගේ වයස අවුරුදු 48 කි. රුධිර සීනි මට්ටම 180කි. උස අඩි 05 යි අඟල් 06 කි. බර කිලෝග්‍රෑම් 95 කි. පෞද්ගලික අංශයේ විධායක ශ්‍රේණියේ රැකියාවක නිරතව සිටින මා හට දැනට වසරක පමණ සිට ලිංගික ප්‍රාණවත් බව ප්‍රමාදයක් ඇති බව දැනේ.මාගේ මෙම ගැටලුවට හේතුව දියවැඩියා රෝගයද? එසේත් නැතිනම් මාගේ ලිංගික හෝමෝනවල දුර්වලතාවක්ද?
පී. ජයවර්ධන - ඇරැව්වල
පිළිතුර -
ඔබ සඳහන් කර ඇති ඔබගේ රුධිර සීනි මට්ටම පරීක්ෂා කළේ නිරාහාරව සිටද, ග්ලූකෝස් ගැනීමෙන් පසු ද කියා සඳහන් කර නොමැති බව නිසා ඔබ දියවැඩියා රෝගියකු දැයි කියා එකවර තීරණය කළ නොහැකිය. නමුත් ඔබගේ ශරීර බර අනුව සහ ඔබ සඳහන් කර ඇති අනෙක් රෝග ලක්ෂණ අනුව ඔබ දියවැඩියා රෝගයට ගොදුරුව ඇතිබව අනුමාන කළ හැකිය.
ඔබ පවසන ලිංගික දුබලතාවට හේතුව ලිංගික හෝමෝන ගැටලුවක් ද එසේත් නැතිනම් දියවැඩියා රෝගයේ ප්‍රතිඵලයක් ද කියා නිශ්චිතවම දැනගත හැක්කේ නිසි වෛද්‍ය පරීක්ෂණවලින් පසුය.
මෙවැනි දුර්වලතා නිරීක්ෂණය කිරීම සඳහා වූ පරීක්ෂාවන් දැන් ශ්‍රී ලංකාවේ සිදුකරනු ලබයි.
එවැනි පරීක්ෂාවක් නිසි වෛද්‍ය උපදෙස් මත සිදුකර ගත යුතුය. ඉන්පසු රෝගයට අදාළ හේතුව හඳුනාගෙන නිවැරදි ප්‍රතිකාර ලබා ගැනීමෙන් මතුව ඇති ලිංගික දුර්වලතා සුව කරගත හැකිය.
ප්රශ්නය -
35 හැවිරිදි දෙදරු මවක් වන මම වසර පහක පමණ කාලයක තිස්සේ තයිරොක්සීන් හෝමෝන පෙති මිලි ග්‍රෑම් 125 ක් දිනපතා ගන්නෙමි. මාගේ මාස් ශුද්ධිය සිදු වන්නේ දින 35 කට හෝ 40 කට වරක්ය.
වෛද්‍යතුමනි, මට ඇති ගැටලුවනම් මාගේ මුහුණේ නිකට පෙදෙසේ රෝම කූප මතුවේ.සම අවපැහැ ගැන්වී ඇත.මේ සඳහා මා නිතර රූපලාවන්‍යාගාර වෙත ගොස් රෝම කූප ඉවත් කරගැනීම සහ සම පැහැපත්කර ගැනීමේ ප්‍රතිකාර ලබා ගන්aනෙමි. නමුත් ඉන් නිට්ටාවට සුවයක් නැත. මෙය දැන් මට මහත් වදයකි. වෛද්‍යතුමනි මා කළ යුත්තේ කුමක්ද?
ජී.රාජපක්ෂ - රාගම
පිළිතුර -
බැලූ බැල්මට ඔබට ඇත්තේ හෝමෝන ආශ්රිත රෝගයක් යෑයි සිතිය හැකිය. නිවැරදි රෝග විනිශ්චයකින් පසු ඔබට මතුව ඇතිරෝග තත්ත්වයට ප්‍රතිකාර කිරීමෙන් ඔබ පවසන ඔබගේ ඔය ගැටලුව නිට්ටාවට සුව කර ගැනීමට පිළිවන.
වර්තමානයේ බොහෝ කාන්තාවන් ඔබ මෙන් මුහුණේ රෝමකූප වර්ධනය වන බව පවසමින් ඒවා නොයෙකුත් ක්‍රම මගින් ඉවත් කර ගැනීමට යොමුවීම සුලභව දක්නට ලැබේ.
එවැනි ගැටලුවලට බලපාන හේතු කිහිපයක් ඇත. එක් හේතුවක් වනුයේ පොලිසිස්ටික් ඕවරියන් සින් ෙඩ්රාඩ් (ඡදකහජහිඑසජ දඩ්රස්බ Sහබාරදපැ) නමැති රෝගයයි.
මීට අමතරව ටෙස්ටෙස්ටරෝන් නැමැති ලිංගික හෝමෝනයේ අධි ක්‍රියාකාරීත්වයත් එවැනි ගැටලු සඳහා බලපානු ඇත.
එසේම ටෙස්ටෙස්ටරෝන් හෝමෝනය හා සමානව ක්‍රියා කරන හෝමෝනවල ක්‍රියාකාරීත්වය වැඩිවීමත් හේතු වේ.
එබැවින් නිවැරදි රෝග විනිශ්චයකින් පසු නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත යුතුය. එවිට ඔබට පමණක් නොව ඔබ වැනිම ඔය ගැටලුවෙන් පීඩා විඳින අනෙකු=ත් කාන්තාවන්ටද රෝග නිධානයටම ප්‍රතිකාර ලබා ගැනීමෙන් රෝගය නිට්ටාවට සුවකර ගත හැකිය.
වැඩිදුර උපදෙස් ලබා ගැනීම සඳහා 0777066678 ක්ෂණික ඇමැතුම් අංකය මගින් වෛද්‍යතුමන් හමුවීම සඳහා දිනයක් සහ වේලාවක් වෙන්කර ගත හැකිය.
Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks