iranama
කාන්තාවගේ මුහුණ පුර සඳ වුවත් ලග්නයේ සඳු ඊට වෙනස්ය
කාන්තාවකගේ මුහුණ පුරසඳක් බවට පැරණි කවියෝ උපමා කොට තිබේ "පුර සඳ ලෙස ඔබ සම කළ මගෙ මුහුණේ... යනාදි වශයෙන් වත්මන් ගීතද දක්නට ලැබේ.
නමුත් අද මේ ලිපියෙන් කීමට උත්සාහ දරන්නේ ජ්‍යෝතිෂයට අනුව කාන්තා කේන්ද්‍රයක චන්ද්‍රයා තැන්පත් වී සිටින තැන අනුව (භාවය අනුව) එම කාන්තාවගේ ගතිගුණ කෙබඳුදැයි විග්රහ කිරීමටය. කේන්දරයක භාව දොළහකි. එය පහසුව පිණිස පළමුවැන්න, දෙවැන්න වශයෙන් දොළොස් වැන්න දක්වා නම් කෙරේ.
කාන්තා කේන්දරයක චන්ද්‍රයා සිටින්නේ එකෙහිනම් එම කාන්තාව කලබල සුළුය. එක් කාර්යයක් කිරීමට අදහස් දහයක් පහළොවක් පටලවාගැනීම නිසා වැඩ අවුල් කරගන්නීය. වැඩ කිරීමට වඩා සිතුවිලි පටලවා ගැනීම නිසා වැඩ අතපසු කරගනී. නමුත් මේ කාන්තාව පියකරු මුහුණකින් යුක්තය. දුටුවන් මන බන්දත් ඇගේ සිතුවිලි චංචලය. දෙවැනි භාවයේ චන්ද්‍රයා සිටින කාන්තාවකට සිදුවන්නේ කාහටවත් දෙවැනි වීමට අකැමති බවකි. නමුත් ස්වාමියාට හා දරුවන්ට හොඳින් සැලකීමට මේ කාන්තාව අමතක නොකරයි. ඇයට සහෝදර පල අඩුවිය හැකිය. සිටින සහෝදරයින් පිළිබඳව එතරම් විශ්වාසයක් නොමැත.
චන්ද්‍රයා සිටියේ ඔබේ කේන්දරයේ තුන්වැන්නේ නම් සහෝදර සහෝදරියන්ට ඉතාම හිතවත්ය. වැඩ කටයුතු ඉතා පිළිවෙළකට කිරීමට කැමැතිය. රස බොජුන් කෙරෙහි දැඩි සැලකිල්ලක් මෙන්ම අලුත් ඇඳුම් පැළඳුම් කෙරෙහිද සුවඳ විලවුන් කෙරෙහිද ඇල්මක් දක්වයි.
ඉතා හොඳ නිවසක් තනාගෙන සැනසිල්ලේ ජීවත් වීමට අධිෂ්aඨාන කරන්නේ චන්ද්‍රයා හතරවැන්නේ සිටින කාන්තාවෝය. ගෙදර දොර පිළිවෙළකට තබා ගැනීමටද උත්සාහ කරයි. ස්වාමියාට එතරම් ආදරයක් නොදක්වයි. සිතන්නේ තමා ගැනම පමණකි.
පස්වැන්නේ චන්ද්‍රයා සිටින කාන්තාවට ප්‍රේම සබඳතා බහුලය. විවාහයෙන් පසුවද ප්‍රේම සබඳතා ඇතිකර ගනී. චපල කතුන් ලෙස සලකන්නේ මේ පස්වැන්නේ චන්ද්‍රයා සිටින කාන්තාවෝය.
මට සතුරන් ඇතිවෙයිද? සතුරන් මට පහරදෙයිද? කිසිවකු හෝ මාව මරාදමයිද? ආදී වශයෙන් තළිය තුළ භයානක කිඹුලන් දකින්නේ කේන්දරයක හයවැන්නේ චන්ද්‍රයා සිටින කාන්තාවෝය. කවුරුන් කෙසේ කීවද යථාර්ථය පිළිගන්නට මේ කාන්තාව සූදානම් වන්නේ නැත.
හැම තැනකම නායකත්වය ඉල්ලා සිටීමටත් ඒ වෙනුවෙන් දැඩි අරගලයක නිරත වන්නේත් චන්ද්‍රයා හත්වැන්නේ සිටින කාන්තාවෝය. නමුත් එවැනි කාන්තාවකට නායකත්වයද දැරිය නොහැක. සැමදේම තමන්ට හැකි බව මේ කාන්තාව නිතරම සිතයි.
අටවැන්නේ චන්ද්‍රයා සිටින කාන්තාව නිතරම මිත්‍යා මත පිළිගැනීමට කැමති ආගම කෙරෙහි දැඩි නැඹුරුතාවකට පත්වන තැනැත්තියකි. ඇතැම් අවස්ථාවලදී සෑම කටයුත්තක් කෙරෙහිම අන්තගාමී වීමටද පෙළඹේ. මේ නිසා විවිධ රෝගාබාධයන් තමන් වෙත ළඟා කරගැනීමද ඇය සිදුකර ගනී.
විදෙස් රටක ජීවත්වීමට නිතරම ඇඟිලි ගණින කාන්තාවගේ චන්ද්‍රයා නවවැන්නෙහි පිහිටා තිබිය යුතුය. සියරට දේ සිරිසැපදේ යන සිතුවිල්ල කිසිවිටෙකත් මේ කාන්තාවට නොගැලපේ. සෑම දෙයක්ම සිතන්නේ තම රටට පරිසරයට ගැලපෙන පරිද්දකින් නොවේ. නමුත් කරුණාව, දයාව මෛත්‍රීය පිරි කාන්තාවකි.
දසවැන්නේ චන්ද්‍රයා සිටින කාන්තාවගෙන් පිළිබිඹු වන්නේ චරිතය මුල්කරගෙන ඇය ජීවත් වීමට කැමති බවකි. මේ නිසාම ඇතැම් විට විවාහය සිදු නොවීමක් හෝ කල්පසුවීමක් සිදුවිය හැකිය. අන්‍යයන් කෙරෙහි විශේෂයෙන්ම පිරිමි පාර්ශවය පිළිබඳව සැකසංකා පහළ කරගන්නා තැනැත්තියකි. එකොළොස්වැන්නේ චන්ද්‍රයා සිටින කාන්තාව මුදල් වියදම් කිරීමේදී ඉතා පරෙස්සම් වෙයි. ඒ ගැන දෙවරක්ම සිතයි. තමන්ගේ ප්‍රශ්නවලට පිළියම් සෙවීමට එතරම් උත්සාහ නොගනියි. සියල්ලම ඉබේ සිදුවනතුරු බලා සිටියි. මුදු මොළොක් බවක් ඇතත් ඇතැම් විට ගන්නා තීරණ දරදඬුය. එහෙත් එම තීරණවලින් කිසිවිටකත් සිත් තැවුලක් ඇතිකර නොගනී.
වියදම් ගැන බොහෝ දුරට කල්පනා කොට තැවෙන කාන්තාවගේ කේන්දරයේ චන්ද්‍රයා තැන්පත් වන්නේ දොළොස් වැන්නේය. මේ නිසාම ඇය මානසික පීඩනයට පවත්වන්නේය. සතුටින් සිටි දවසක් නොමැති තරමට ඇයට ප්රශ්නය. ප්‍රශ්න එකක් නොව ඇයට ඇත්තේ ප්‍රශ්න පත්තරයකි.
මෙම භාව දොළහේ චන්ද්‍රයා සිටින තැන පමණක් නොව ඕනෑම කාන්තාවක් තමන්ගේ ලග්නයට අනුව චන්ද්‍රයා උච්චද, නීචද යන කාරණය මුලින්ම සලකා බැලිය යුතුය. කාන්තා කේන්දරයක සඳු හෙවත් චන්ද්‍රයා උච්ච වූ විට ඇය ලෝකෝත්තර දියුණුව කරා පියමං කරයි. සිය ලාමක බව තුළින් අවදානමට ගොදුරු වෙයි.
කාන්තාවකගේ කේන්දරයේ චන්ද්‍රයා නීච වූ විට ඇය ලෝකය හඳුනා ගැනීමට උත්සාහ දරයි. ජය පරාජය කුමක්දැයි වටහා ගනී. මෙලොව ජීවිතය යහපත් කරගැනීමට වෙර දරණ බැවින් ඉතා හොඳ පවුල් සංස්ථාවක් ගොඩනගා ගැනීමට වෙහෙස දරයි.
මේ අනුව තමන්ගේ ලග්නයට අනුව සඳු
Wmqgd .ekSu