Beauty
ක්ලියෝපැට්රා රැජිණගේ රූමත්බව රැක දුන් කිරි ස්නානය
රූමත්බව ගැන කතා කරනකොට අමතක කළ නොහැකි නමක් තමයි ‘ක්ලියෝපැට්රා’ කියල කියන්නේ. ඊජිප්තුවේ අවසන් පාරාවෝ රැජිණිය වුණ ඇයගේ රූමත්බව පිලිබඳ නොදන්නා අයෙක් නොමැති නිසයි ඒ.
දුටු දුටුවන් වසඟ කරවන සුළු වූ ඒ රූමත්බව රැක ගැනීමට ඇය දිනපතා කිරිදෙන සතුන් 700කගෙන් පමණ දොවාගත් කිරිවලින් ස්නානය කළ බව ඉතිහාසයේ සඳහන් වෙනවා.
ඇය පමණක් නොව පුරාණයේ රාජ කුමාරිකාවන් සිය සමේ අලංකාරය රැක ගැනීමට නොයෙකුත් ආකාරයෙන් කිරි භාවිතා කළ බව ප්‍රසිද්ධ කරුණක්. රූපලාවණ්‍ය කටයුතු ගැන කතා කරන විට කිරිවලට මෙතරම් වැදගත් කමක් හිමි වන්නේ ඇයි? අපි ඒ ගැන විමසා බලමු.
fb-like-beg
ඇල්ෆා හයිඩ්රොක්සි ඇසිඩ්
කිරිවල ප්‍රධාන වශයෙන්ම අඩංගුවන සංඝටකයක් තමයි මේ. ඊට අමතරව ලැක්ටික් ඇසිඩ් වලිනුත් කිරි පරිපූර්ණයි. මේ ඇසිඩ් වර්ග දෙකටම ඇති සුවිශේෂ ලක්ෂණය වන්නේ සමේ ඇති කුණු දූවිලි සහ මියගිය සෛල හොඳින් පිරිසිදු කිරීමට ඇති හැකියාවයි. ඊට අමතරව සම අකලට වයස්ගත වීම වැලැක්වීම, ලප කැළැල් දුරලීම හා සමේ තෙතමනය රැක දීමේ ගුණයත් කිරි සතුයි.
ක්ලියෝපැට්රා රැජින නම් තම කිරි ස්නානය සඳහා මී පැණිත් එකතු කරගත් බවට සඳහන් වෙනවා. ඊට අමතරව සුගන්ධවත් බව සඳහා ලැවැන්ඩර්, රෝස මල් පෙතිත් එයටම එක්කරගත් බව කියැවෙනවා. සමහරුන්ට අනුව ස්ට්‍රෝබෙරි සහ රාස්ප්බෙරි ද එයට ඇතුලත්.
අප මෙම ලිපියෙන් ඔබට කියන්නට යන්නේ ඔබේ සමේ පෝෂණය වෙනුවෙන් නිවසේදීම පහසුවෙන් සකස් කර ගත හැකි කිරි සත්කාරයක් පිළිබඳවයි.
අවශ්‍ය ද්‍රව්‍ය,
මී පැණි මේස හැඳි 2
දියර කිරි මිලි ලීටර් 100
රෝස පෙති මිටක් පමණ
සාදාගන්නා අයුරු,
දියර කිරි සහ මී පැණි එකට දමා හොඳින් මිශ්‍රවන තෙක් උණු කරන්න. නටන තෙක් උණු නොකිරීමට වග බලා ගන්න.
ඉන්පසු එය නිවෙන්නට හරින්න.
නිවුණාට පසු මී පැණි දියවී ඇති කිරි උණුසුම් වතුරට දමා එයට රෝස පෙතිද එක්කරන්න. ඉන්පසු රෙදි කැබැල්ලක් පොඟවා ගනිමින් හොඳින් ශරීරය පිරිමදින්න.
අනතුරුව සෝදා හරින්න.
Wmqgd .ekSu wo weiqfrks