Beauty
ක්ලියෝපැට්රා බිසවගේ රූපලාවන්‍ය සත්කාර
ඊජිප්තුවේ ක්ලියෝපැට්රා රැජින ඉතිහාසයේ සිටි තවත් එක් වඩාත් ලස්සන කාන්තාවක් ලෙස පොත්පත් වල සදහන් වේ. සියවස් ගණනාවක් පුරා ජනතාව ක්ලියෝපැට්රා බිසවගේ ගේ සුන්දරත්වය ගැන අගය කර ඇත. මෑත කාලයේදී මා කියවූ පොතක ඇය කල ඉතා වටිනා රූපලාවන්‍ය දින චර්යාවන් තිබු බව සදහන් වී තිබුණා. ඉතිහාසයේ සඳහන් ආකාරයට ක්ලියෝපැට්රා බිසව රූපලාවන්‍ය සඳහා බොහෝ ස්වභාවික දේ භාවිතා කර ඇත. මේ සඳහා රෝස වතුර, කෝමාරිකා,කිරි සහ මී පැණි ස්නානය වැනි දේ ගැන සදහන් වේ.
ස්නානය සඳහා
ඇයට ඉතාමත් සුන්දර පැහැපත් සමක් තිබු බව සදහන් වන අතර ඇගේ දීප්තිමත් සමේ රහස වී ඇත්තේ කිරි සහ මී පැණි ස්නානය. මෙය ඇය එදිනෙදා කල පිළිවෙතක් ලෙස සදහන් වේ. මෙය සම ස්වභාවිකව ලෙස මෘදු කිරීමට සහ නැවුම් මිහිරි සුවඳක් ඇතිකිරීමට උදව් වී තිබේ.
මුහුණට (face pack)
කෝමාරිකා සමග මීපැණි මිශ්‍රකර මුහුණේ සම සඳහා භාවිතා කර තිඛෙනවා. අදටත් රූපලාවන්‍ය ගැන කතා කරන විට කෝමාරිකා විශේෂ තැනක් ගනී. මෙය සම සිසිල් කර සමට තෙතමනය ලබාදේ. ඒ වාගේම මී පැණි සම පැහැපත් මුහුණේ සම රැලි වැටීම අවම කර ගැනිමට භාවිතා කර තිඛෙනවා.
මුහුදු ලවණ (salt scrub)
ක්ලියෝපැට්රා බිසව ඇයගේ සම exfoliate කිරීම සඳහා ලුණු හා ඔලිව් තෙල් බාවිතා කර ඇති බව සඳහන් වෙනවා.
රෝස ජලය (Rose water facial toner)
සමේ මෘදු හා සුමට බව තබා ගැනීම සඳහා රෝස ජලය භාවිතා කිරීමට ඇය ප්‍රිය කර බව සදහන්. උදෑසන සහ සවස රෝස වතුර යොදා මුහුණ පිස දැමීම ඇයගේ දින චර්යාවේ අමතක නොකළ දෙයක් වී ඇත.
(under the courtesy of goodhousekeeping.lk web)