Health
කල්පැනපු ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ පිළිකා කාරකයි
ජාතික විෂ තොරතුරු මධ්‍යස්ථානයේ අංශ ප්‍රධානි විශේෂඥ වෛද්‍ය
වරුණ ගුණතිලක
ඉලෙක්ට්‍රොනික හා විදුලි භාණ්ඩල පාරිභෝගික දිවිය හා අතිශයින් බැඳී තිබේග එබැවින් ඉන් මීදිම නම් අපට කෙසේවත් කළ නොහැකියග නමුත් ගැටලුව වන්නේ මෙවැනි ඉලෙක්ට්‍රොනික හා විදුලි භාණ්ඩවල තිබෙන ප්ලස්ටික් හා බැරලෝහයග
මේවාට නිරාවරණය වීමෙන් මිනිසාට විවිධ වූ සංකුලතා රැසකට මුහුණ දීමට සිදුවන බව හඳුනාගෙන තිබේග
එබැවින් එහි අහිතකර තත්ත්වයන් හඳුනාගැනීම මෙන්ම ඉන් ඇතිවිය හැකි ගැටලු අවම කර ගැනීමට සැලකිලිමත්වීම වැදගත්යග
ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය
(E Waste)
ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය යනු ආයුකාලය අවසන් වූල භාවිතයෙන් ඉවත්කළ ඉලෙක්ටේරානික උපකරණ වේග
රූපවාහිනී යන්ත්රල පරිගණකල ජංගම දුරකථනල ඡායාපිටපත් යන්ත්රල කැසට් යන්ත්රග විවිධ ඉලෙක්ට්‍රොනික සෙල්ලම් බඩුල ෆැක්ස් යන්ත්රල ගණක යන්ත්‍ර වැනි ඉලෙක්ටේරානික උපකරණ මීට අයත් වේග
මෙවැනි ඉලෙක්ට්‍රොනික උපාංගවල විවිධ විෂ රසායන අඩංගුවන අතර ආයු කාලය අවසන් වු හා භාවිතයෙන් ඉවත් කළ විද්‍යුත් උපකරණල අවිධිමත් ලෙස පරිසරයට බැහැර කීරිමෙන් මිනිස් සෞඛ්‍යයට මෙන්ම පරිසරයටද විවිධ හානිකර රසායන මුසුවීම සිදුවිය හැකග එම විෂ ද්‍රව්‍ය පරිසරයට මුදාහැරීමෙන් මිනිස් ජීවිතවලට සේම අනිකුත් සතුන්ගේ පැවැත්මටද හානිකර බලපෑම් ඇතිවේග
බ්‍රෝමීනිකෘත ද්‍රව්‍ය
මෙම ද්‍රව්‍ය ගිනිගැනීම් වැළැක්වීම් සඳහා ප්ලස්ටික් සමඟ මිශ්‍ර කරනු ලැබේග මෙම බ්‍රෝමීනිකෘත ප්‍රතිරෝධක හෝර්මෝන ක්‍රියාකාරීත්වයට බාධා ඇති කරයිග විශේෂයෙන් කුඩා දරුවන් මේවාට නිරාවරණය වීමෙන් තයිරොයිඩ් ග්‍රන්ථියේ මෙන්ම ස්නායු ආබාධ ගැටලුවලට ගොදුරු වීමේ අවදානමක් සහිතයග
කැඩිම්යම්
මේවා මළ බැඳීම් වැළැක්වීමේ ආලේපනයක් ලෙස පරිගණක ස්විචවලට
(Switches) යොදා තිබේග මීට අමතරව නිකල් කැඩිමියම් බැටරිවල අඩංගු වේග පුද්ගලයකු අධිකව කැඩ්මියම්වලට නිරාවරණය වීමෙන් පෙණහලු ආබාධවලට මෙන්ම මරණයට පවා ගොදුරු විය හැකි වේග එසේම කුඩා ප්‍රමාණවලින් දිගුකාලීනව මීට නිරාවරණය විමෙන් වකුගඩු ආබාධ හෝ රුධිර පීඩනය වැනි තත්ත්ව හට ගැනීමේ අවදානමක් ද සහිතයග
ආසනික්
ආසනික් පරිගණක චිප්වල මෙන්ම ආලෝකය මුදාහරින ඩයෝඩවල අන්තර්ගත පිළිකා කාරකයක් ලෙස හඳුනාගෙන තිබේග මෙමඟින් සමේ හා පෙණහලු පිළිකාවලට ලක්වීමේ වැඩි අවදානමක් පවතීග
ක්‍රෝමියම්
ප්ලාස්ටික් ශක්තිමත් කිරීමට මෙන්ම වර්ණක නිෂ්පාදනයේදී ද භාවිත කරයිග මේවා ශරීරගතවන විධි හා ප්‍රමාණ අනුව විවිධ රෝගී තත්ත්ව ඇති කිරීමේ අවදානමක් පවතීග ආශ්වාස විමේදී පිළිකාකාරයක් ලෙස ක්‍රියාත්මක වීමේ හැකියාව ද පවතීග
ලෙඩ් :ඊයම්-
කැතෝඩකිරණවල ලෙඩ් අඩංගුවන අතර පෑස්සීමේ කටයුතුවලදී ද භාවිතා වේග ඊයම්වලට නිරාවරණය වීමෙන් ආහාර අරුචියග මස්පිඬු වේදනාවල හිසේ කැක්කුම ආදී තත්ත්වද හටගත හැකිවේග මේවාට දිගුකාලීනව නිරාවරණය වීමෙන් ස්නායු පද්ධතියේ ක්‍රියාකාරීත්වය අඩපණවිය හැකි වේග
එමෙන්ම පුද්ගලයකු අධිකව මීට නිරාවරණය විමෙන් මොළයේ ආබාධයන්ට ගොදුරු මේ හැකියාව මෙන්ම මරණය පවා සිදුවීමේ අවදානමක් සහිතයග ඊයම් බහුලව අඩංගු භාණ්ඩ අතර කැතෝඩකිරණ රූපවාහිනී (CRT television) කැතෝඩකිරණ මොනිටර (CRT Monitor) ජංගම දුරකථන ඇතුළු තොරතුරු හුවමාරු තාක්ෂණික මෙවලම් බැටරි වර්ගල ශීතකරණ ඇතුළු විදුලි උපකරණ හඳුනාගත හැකග
ඉලෙක්ට්‍රොනික භාණ්ඩවල අඩංගු බැරලෝහ භාවිතය අවම කළ හැකි ක්‍රම
අපගේ එදිනෙදා කටයුතුවලදී පැතලි තිර මොනිටර භාවිත කිරීමල පැතලි තිර සහිත (Flat Screen) රූපවාහිනී භාවිත කිරීම මෙන්ම පැරැණි ඉලෙක්ට්‍රොනික භාණ්ඩ ඒවායේ අවශ්‍යතාවක් සහිත පාසල් හෝ එවැනි ආයතනවලට පරිත්‍යාග කිරීම සහ එවන් භාණ්ඩ පිළිස්සීමට ලක් කිරීමෙන් වැළකීම ගත හැකි ක්‍රියාමාර්ග වේග
දැනට දිවයිනේ මෙවැනි භාණ්ඩ එකතු කිරීමේ මධ්‍යස්ථාන පවතීන අතර මෙවැනි ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය ඒවාට භාරදිය හැකි වේග තවද ආයු කාය අවසන් වූ භාවිතයෙන් ඉවත් කළ ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය අක්‍රමවත් ලෙස පරිසරයට මුදා හැරීමෙන් මිනිසාටත් පරිසරයටත් ගණනය කළ නොහැකි තරම් අහිතකර බලපෑමක් සිදු වේග
එසේම මෙම බැරලෝහ සහිත ප්ලාස්ටික් පරිසරයට මුදහැරීමෙන් සිදුවන හානිය අවම කරගත හැක්කේ ප්රතිචක්රීයකරණය කිරීමෙන් පමණකිග එබැවින් සුවදායක පරිසරයක් නිර්මාණය කර ගැනීමේ හැකියාව ඇත්තේ අපට පමණකිග එබැවින් මේ පිළිබඳ අතිශයින් සැලකිලිමත් වීම හා ඒවා නිසිලෙස බැහැර කිරීමට දායක වීම පමණකිග
සමුද්‍රිකා වර්ණකුල
curtesy :dinamina.lk