Kitchen
කලවම් කොත්තුව
අවශ්‍ය ද්‍රව්‍ය
තම්බාගත් කඩල ග්‍රෑම් 200
තම්බාගත් සුදු කව්පි ග්‍රෑම් 100
තම්බාගත් රතු කව්පි ග්‍රෑම් 100
රතු බත් ග්‍රෑම් 100
නිවිති දලු ග්‍රෑම් 100
බිත්තර 2 යි
කෑලි මිරිස් තේ හැඳි 2
ලුණු රසට අනුව
ගම්මිරිස් ස්වල්පයක්
රතුලූණු ගෙඩි කීපයක්
අමුමිරිස් කරල් 2 යි
බටර් මේස හැඳි 2-3ක්
සාදන ආකාරය
නිවිති දලු, අමුමිරිස්, ලූනු සිහින්ව කපා ගන්න. සුදුසු භාජනයක් ලිිප තබා රත්වන විට බටර් දමන්න. දැන් බිත්තර කඩා දමන්න. නිවිති දලු, ලූනු, අමුමිරිස් දමා කූරු ගාමින් පිස ගන්න. ලූණු, කෑලි මිරිස්, ගම්මිරිස් එකතු කරන්න. දැන් පිසගත් බත්, ඇට වර්ග සියල්ල දමා හොඳින් කලවම් කර උණුවෙන්ම කෑමට ගන්න. පෝෂණයෙන් ඉහළ උදේ ආහාරයකි.
උපුටා ගැනීම ලක්බිම පුවත් පත ඇසුරෙනි