Health
කනෙන් අව පැහැති දියරයක් ගලනවා
සිතා අරඹේපොළ
මාළඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල
උගුර කන නාසය පිළිබඳ
විශේෂඥ ශල්‍ය වෛද්‍ය
පුද්ගලයකුගේ කනෙන් ස්‍රාවයක් ගලන්නේ නම් එය ඉතාමත් අසහනකාරී තත්ත්වයක් වනවාට කිසිදු සැකයක් නැතග බොහෝදෙනා ඒ පිළිබඳ මැසිවිලි නගන්නේ එය පීඩාකාරී තත්ත්වයක් වන බැවිණිග මෙය සුලබ රෝගී තත්ත්වයක් වන අතර කුඩා දරුවන්ට මෙන්ම වැඩිහිටියන්ට ද බහුලව වැළඳෙන රෝගයක් ලෙස හඳුන්වාදිය හැකග
කනෙන් දියර ගැලීම සුව නොවන රෝගයක් ලෙස ඇතැමුන් බියෙන් සහ සැකයෙන් පසුවන අතර දීර්ඝකාලීනව මෙම රෝගී තත්ත්වය පැවතීමට ද බලපාන හේතු පිළිබඳ සාකච්ඡා කිරීමටයි අද බලාපොරොත්තු වන්නේග මේ සඳහා මාළඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ උගුරල කනල නාසය පිළිබඳ විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය සම්බන්ධ කර ගත්තාග
ඇතැමුන්ගේ එක කනකින් ස්රාවය ගලන අතර සමහරකුගේ කන් දෙකෙන්ම ස්රාවය ගැලීම සිදු වේග
යම්කිසි පුද්ගලයකුගේ කනෙන් දියරයක් ගැලීමේදී ඒ හා සබැඳි අනෙකුත් පරිවාර රෝග ලක්ෂණ පිළිබඳ සැළකිලිමත් වීම ඉතා වැදගත් කරුණකිග විශේෂයෙන්ම රෝගියාට ඇසීමේ දෝෂයක් මෙන්ම හෝ ගානා ශබ්දයක් සහ අධික වේදනාවක් ඇතිවෙන්නට මේ තත්ත්වය බලපෑ හැකග
කන හෝ එහි රෝගී තත්ත්වයන් පිළිබඳ කතා කිරීමේදී කනෙහි ව්‍යුහය පිළිබඳ දැනුවත් වී සිටීම වැදගත් වේග කන කොටස් තුනකින් යුක්ත වන අතර පිටත කනල මැද කන ඇතුළු කන මේ කොටස් තුන වේග
පිටත කනෙහි ඇතිවන ආසාදන විශේෂයෙන් බැක්ටීරියා සහ දිලීර කනට ඇතුළු වීම නිසා කනෙහි ස්රාවයන් ගැලීම බහුල ලෙසම සිදුවන තත්ත්වයකිග කුඩා දරුවන්ට හෝ වැඩිහිටියෙකුට මෙවැනි තත්ත්වයක් උදා වූ විට කනෙහි දැඩි වේදනාවක් ඇතිවීම වැළැක්විය නොහැක්කකිග
බලපාන හේතු
නිතරම කනට පුළුන් කූරු cotten buds ඇතුළු කිරීමල ඇලල දොළල වැව්වල ඇති අපිරිසිදු ජලයේ ගිලී නෑමග කුරූ කටු ආදිය යොදා කන කැසීම මෙයට මූලිකව බලපාන හේතුන් වේග
කඩිනම් ප්‍රතිකාර කිරීමේ අවශ්‍යතාවය
මෙවැනි තත්ත්වයක් උද්ගත වූ විට කඩිනම් ප්‍රතිකාර වෙත යොමුවීම අතවශ්‍ය වේග කඩිනම් ප්‍රතිකාර වෙත යොමු නොවීමෙන් කන අවට ඉදිමිමල ඉතා අධික වේදනාව හා ඇසීමේ දුබලතාවයන් ද අවසානයේදී ඇති වන්නට බොහෝවිට ඉඩකඩ පවතීග
වහාම ප්‍රතිකාර වෙත යොමුවීමේදී පළ පුරුදු වෛද්‍යවරයකු විසින් නිරන්තර පරීක්ෂාවන් වෙත යොමුවිය යුතු වේග නියමිත හා ගැලපෙන ඖෂධ බිංදු යොදා ගැනීම අනෙත් වැදගත් කරුණයිග මේ රෝගී තත්ත්වයට ප්‍රතිකාර කිරීමේදී ඉතා වැදගත් කරුණ වන්නේ මෙම රෝගී තත්ත්වය බැක්ටීරියාවක් නිසා ඇති වූවක්දරෑ දිලීර ආසාදනයක් දැයි ඇතිවූවක් ද නිශ්චිතව සොයා බැලීමයිග
බැක්ටීරියා ආසාදනයකදී දිලීර නසන බිංදු හෝ දිලීර ආසාදනයකදී බැක්ටීරියා නසන බිංදු හෝ භාවිතා නොකළ යුතුයග එවැන්නක් සිදු වුවහොත් එය හානිදායක තත්ත්වයක් වේග එබැවින් රෝගය නිශ්චිත අයුරින් සොයා ප්‍රතිකාර කිරීම අතිශයින් වැදගත් වේග මැද කෙණෙහි ආසාදනය නිසා ඇතිවන අධික වේදනාවක් සහ ස්රාවය ගැලීම රෝගියාට දැනෙන අතර කෙටි කාලයක් තුළදී කනෙහි දියර ගැලීමට පටන් ගැනීම මැද කනෙහි ආසාදනයෙහි ලක්ෂණයග කනේ ආසාදනයක් ඇතිවීමයිග
මැද කනෙහි ආසාදන නිසා ඇතිවන ස්රාවය ගැලීම
මෙවැනි තත්ත්වයකදී රෝගියාට අධික වේදනාවක් දැනෙන අතර කෙටි කාලයක් තුලදී කනෙන් දියර ගැලීමට මැද කනෙහි ආසාදනය නිසා ඇතිවන රෝග ලක්ෂණයකිග අප නොසිතුවද නාසයේ තිබෙන යම් යම් අවහිරතා නිසා මැද කනේ ආසාදනයක් ඇතිවන අතර ඉතා ඉක්මණින් දියර එකතු වීමට මෙය හේතු වේග එසේම මේ තත්ත්වය තුළදී මැද කනෙහි පීඩනය අධික වීම නිසා අධික ලෙස වේදනාවට රෝගියා පත් වේග
එවැනි පීඩනයකින් කනෙහි බෙරය පිපිරීමකට ලක් වී දියර ගැලීමම ආරම්භ වේග
මෙවැනි අවස්ථාවක ප්‍රතිකාර කිරීමේදී ශරීරයට අවශ්‍ය ප්‍රතිජීවක හා ඖෂධ වර්ග බීමට මෙන්ම නාසයට සහ කනට දැමීම සිදු කෙරේග
ඇතැම් රෝගීන්ට දීර්ඝ කාලයක් තිස්සේ කනෙහි අවපැහැ දියරයක් ගැලීම සිදු වේ නම් එයට හේතුව වන්නේ මැද කනෙහි දීර්ඝකාලීනව පවතින ආසාදන තත්ත්වයකිග
මෙවැනි තත්ත්වයන්ට භාජනය වීමේදී එයට බලපාන හේතූන් රැසක් ඇතග ඒවා වනුයේ කෙනෙහි බෙරයේ සිදුරු ඇතිවීමල මැද කනෙහි ඇතිවන අනවශ්‍ය වර්ධනයන් විය හැකියග එබැවින් මෙවැනි රෝගීන්ට මස්දළු ඇත්දැයි පරීක්ෂා කළ යුතුයග පිටතින් කනට ඇතුළු කරන ආගන්තුක ද්‍රව්‍ය පුළුන්ල ඇට වර්ගල ටිෂූ කොළ ආදිය පිළිබඳව සහ අවට තිබෙන අස්ථිවල රෝගී තත්ත්වයන් ද සැළකිල්ලට ගත යුතු වේග සරලව විසඳාගත නොහැකි වූ විට ශල්‍යකර්මයකට බඳුන් වීමට තිබෙන ඉඩකඩ බොහෝයග
curtesy :dinamina.lk