Life
කනකොට එන කෑම ප්‍රශ්න
ඇති විය හැකි ප්‍රශ්න හා ඒවාට පිළිතුරු.
බර, සීනි හා කොලෙස්ටරෝල් පාලනය ස`දහා කළ යුතු නිසි ආහාර පාලනයේ ප්‍රධාන සැලකිල්ල පිළිබ`දව දැන් ඔබ ඉතා හො`දින් දැනුවත්ය. ඒ අප සුදුසු ආහාර පිළිබ`දවත් නුසුදුසු ආහාර පිළිබ`දවත් සුදුසු ආහාර වලින් ගත යුතු ප්‍රමාණ පිළිබ`දවත් ඒ ප්‍රමාණ වලින් කුසත් හො`දින් පුරවාගෙන නිසි පෝෂණය ලබාගැනීම පිළිබ`දවත් ඉතා පුළුල්ව, සවිස්තරාත්මකව ඉගෙන ගත් බැවිනි. එම ප්‍රධාන සැලකිල්ලට අමතරව ආහාර පාන පිළිබ`දව ඔබට තවත් බොහෝ අතුරු ප්‍රශ්න රාශියක් පැන නැගිය හැකිය. එසේ පැන නැගිය හැකි සියලුම අතුරු ප්‍රශ්න වලට පිළිතුරු දැන් අපි සාකච්ඡා කරමු.
කොස් දෙල් අල බතල ආහාරයට ගැනීමේදී කුමන උපදෙසක් පිළිපැදිය යුතුද?
බර වැඩි සහ තරබාරු අයටත් කොස්, දෙල්, අල, බතල ආහාරයට ගත හැකිය. නමුත් මෙහිදී විශේෂයෙන් සැලකිලිමත් විය යුතු කාරණයක් තිබේ. කොස්, දෙල්, අල, බතල යනු පිෂ්ඨය බහුල ආහාර කාණ්ඩයකි. එසේම බත්ද පිෂ්ඨය බහුල ආහාරයකි. එසේ නම් වෙනදා ආහාරයට ගන්නා බත් ප්‍රමාණය සමග කොස් දෙල් අල බතල විශාල ප්‍රමාණයක් ආහාරයට එකතු කරගතහොත් පිෂ්ඨය නියමිත සීමාව ඉක්මවා යාම අපේ අරමුණට යාමට බාධාවක් විය හැකිය. එබැවින් කොස්, දෙල්, අල, බතල ආහාරයට එකතු කර ගැනීමේදී අනිවාර්යයෙන්ම ඊට අනුරූපව බත් අඩු කොට ආහාරයට ගත යුතුය.
ඒ ස`දහා ප්‍රායෝගිකව මෙසේ කටයුතු කරන්න. කොස් අ`ඩුකෝප්පයක් ආහාරයට එකතු කර ගැනීමේදී ඊට අනුරූපව බත් අ`ඩු කෝප්ප භාගයක් වෙනදා එම ආහාර වේලට ගන්නා බත් ප්‍රමාණයෙන් අඩු කරන්න. අල, බතල, මඤ්ඤොක්කා සාමාන්‍ය තරමේ කෑලි තුනක් ආහාරයට එකතු කර ගන්නා විට බත් අ`ඩුකෝප්ප භාගයක් වෙනදා එම ආහාරවේලට ගත් බත් ප්‍රමාණයෙන් අඩු කරන්න. තනිකරම වේලකට කොස් ආහාරයට ගන්නවා නම් අඬු කෝප්ප 2 1/2 ක් උපරි§ම වශයෙන් 3 ක් ආහාරයට ගත හැකිය. තනි කරම අල, බතල, මඤ්ඤොක්කා ආහාරයට ගන්නවා නම් ඔබ තම්බන්නට කපන තරමේ කැබලි 6 - 8 අතර ප්‍රමාණයක් ආහාරයට ගත හැකිය.
එසේම කොස්, දෙල්, අල, බතල ව්‍යාංජනයක් හෝ මැල්ලුමක් සේ ආහාරයට ගන්නා විට එයින් තරමක් වැඩිපුර ආහාරයට ගැනීමට බොහෝ දෙනා පුරුදුව ඇත. එසේ එවැනි දේ වැඩිපුර ආහාරයට ගන්නවා නම් ඊට අනුරූපව බත් තරමක් අඩුකර ආහාරයට ගැනීම නුවණට හුරුය.
තේ පානය කළ යුත්තේ කෙසේද?
තේ පානය ගුණදායක බැවින් ඉන් වැළකී සිටිය යුතු නැත. නමුත් තේ වලට සීනි සහ කිරිපිටි එකතු කළ විට තේ වල ගුණය නැති වනවා පමණක් නොව එය අගුණ පානයක් බවටද පත් වෙයි. එසේ නම් බර අඩුකරගන්නා අය තේ පානය කළ යුත්තේ කහට වශයෙනි. ලා පාටට සාදාගෙන බාගෙට නිවුන පසු නිකම්ම වුවද තේ පානය කළ හැකිය.
එහෙත් නිකම්ම පානය කළ නොහැකි නම් රෝස්ට් කරන ලද කඩල ඇට කීපයක් සපා හෝ වෙනත් ඕනෑම නරක නැති ආහාරයකින් ස්වල්පයක් සපා කහට ටික පානය කළ යුතුය. නමුත් මීට ඉහතදීත් කියා ඇති පරිදි බොහෝ දෙනා සිදුකරනු ලබන හකුරු හෝ රටඉඳි සමග තේ පානයත් සීනි ටිකක් අල්ලට ගෙන කා තේ පානයත් යන දෙකම අවැඩදායක බව අවධාරණය කළ යුතුමය.
හරිත තේ (ඨරුeබ එea) වඩා ගුණදායක වන අතර එය මිලට ගෙන පානය කළ හැකි අයට එය භාවිතා කළ හැකිය. නමුත් අසවල් හරිත තේ වර්ගය වෙනුවට අසවල් වර්ගය හො`දයි යන අදහස නම් නිෂ්පාදන සමාගම් විසින් ඇතිකළ තත්වයක් පමණක් බව අවබෝධ කර ගත යුතුය. ගුණය ඇත්තේ හරිත තේ වල මිස වෙළ`ද නාමයේ නොවේ.
මීට පෙරද ස`දහන් කර ඇති පරිදි තේ වෙනුවට බෙලිමල්, රණවරා, ඉරමුසු, පොල්පලා ආදී ඔසුපැන්ද මාරුවෙන් මාරුවට භාවිතා කළ හැකිය. ඒවා කහට ගතියෙන් අඩු නිසා පානය කිරීමට අමතර ආහාර විශාල ප්‍රමාණයක් අවශ්‍ය වන්නේද නැත. කෙනෙකුට අවශ්‍ය නම් කෝපි ද සීනි කිරි§පිටි නොදමා ඉද හිට පානය කළ හැකි මුත් කෝපි වල අධික කැෙµaන් ප්‍රමාණයක් අඩංගු වන නිසා දිනපතා කෝපි කෝප්ප කීපයක් පානය කිරීම නම් සුදුසු නැත.
ආහාර වේල් අතරට එන ''පොඩි බඩගින්නට'' කුමක් කළ යුතුද?
ප්‍රධාන ආහාර වේලක් රැගෙන පැය දෙක තුනක් යන විට බොහෝ දෙනාට නැවත බඩගින්නක් දැනේ. විස්කෝත්තු සමාගම් සහ කෙටි කෑම නිෂ්පාදකයන් ''පොඩි බඩගින්න'' යනුවෙන් හ`ඳුන්වන්නේ මෙයයි. සාමාන්‍යයෙන් මෙය දැනෙන්නේ උදේ වරුවේ 10. 00 පමණ සහ සවස් වරුවේ 4. 00 පමණය. මේ වේලාවට අහිතකර නොවන සේ සාදාගත් ආහාරයකින් තරමක් ගැනීමේ වරදක් නැත.
ක්‍රීම් ක්‍රැකර් අප පෙන්වා දී ඇති පරිදි ඉතාම හානිකර බැවින් පොඩි බඩගින්නට විස්කෝත්තු සමාගම් නියම කරන පරිදි ක්‍රීම් ක්‍රැකර් කෑවොත් ඔබ අමාරුවේ වැටෙනවා නියතය. විස්කෝත්තු අවශ්‍යම නම් තිරි`ගු ඇටයේ කුරුට්ටද යොදා සාදා තිබෙන විස්කෝත්තු වර්ගයක් වන ''බ්‍රෑන් ක්‍රැකර්'' දවසට උපරිමය දෙකකට යටත්ව භාවිතා කළ හැකිය. එනම් දවල් තේ වෙලාවට එකක් සහ සවස තේ වෙලාවට එකක් වශයෙනි.
රෝස්ට් කරන ලද හෝ තම්බන ලද කඩල අහුරු භාගයක්ද ප්‍රධාන ආහාර වේල් අතරට එන පොඩි බඩගින්නට ආහාරයට ගත හැකිය. හාල්පිටි ආප්පයක් භාවිතා කළ හැකි අතර ඊට අධික පොල්කිරි§ ප්‍රමාණයක් යෙදීම නම් සුදුසු නැත. තරමක කුරහන් හැලපයක් භාවිතා කළ හැකි අතර එය සෑදීමේදී සීනි, පැණි අධිකව එකතු නොකළ යුතුය. පොල් එකතු කරන්නේ නම් වරක් මිරිකා කිරි ගතිය අඩු කළ පොල් විය යුතුය. හාල්පිටි සහ මුං ඇට පිටි මිශ්‍ර කර සාදාගන්නා අධිකව සීනි නොයෙදූ තරමක අග්ගලා ගෙඩියක්ද ප්‍රධාන ආහාර වේල් අතරට ආහාරයට ගැනීම ස`දහා සුදුසුය. කුඩා ප්‍රමාණයේ පැණි ආප්පයක් හෝ වණ්ඩු ආප්පයක්ද ඔබට භාවිතා කළ හැකි අතර ඒවාද සාදා ගත යුත්තේ පැණි ඉතා අවම ප්‍රමාණයක් එකතු කර ගැනීමෙන් සහ වරක් මිරිකන ලද පොල් යොදා ගැනීමෙන්ය.
කෙසෙල් ගෙඩියක්, මධ්‍යම ප්‍රමාණයේ පැපොල් කෑල්ලක් අන්නාසි කෑල්ලක්, පේර ගෙඩියක් වැනි පලතුරක්ද පොඩි බඩගින්නට සුදුසුය. නමුත් කෙසෙල් ආහාරයට ගන්නා විට දිනකට මධ්‍යම ප්‍රමාණයේ ගෙඩි 4 ක උපරිමයට යටත් විය යුතුය. ඇම්බුන් වැනි විශාල ප්‍රමාණයේ කෙසෙල් ගෙඩි දිනකට 2 නොඉක්මවිය යුතුය.
රෑට ඉදිආප්ප වැනි විකල්ප ආහාරයක් ගන්නවා නම් කොපමණ ගත හැකිද?
අප පවසන්නේ ඔබට තුන් වේලටම සුදුසුම වන්නේ රතු නාඩු බත් බවයි . මීට වසර කීපයකට පෙර ආහාර පාලනයක යෙදෙන අයට ලැබුණ වෛද්‍ය උපදේශය වූයේ රාත්‍රියට කුරහන් ආහාරයක් ගැනීමය. නමුත් දැන් එසේ උපදෙස් ලබානොදෙන අතර රාත්‍රියටද සුදුසුම වන්නේ අප පෙර සාකච්ඡා කළ සීමාවට යටත්ව බත් ආහාරයට ගැනීමය. නමුත් වෙනසකට, විවිධත්වයකට වෙනත් එවැනි විකල්ප ආහාරයක් සතියකට වරක් දෙකක් රාත්‍රී ආහාරයට ඔබට ගත හැකිය. නමුත් ඒවායේ පහත දක්වන සිමාවන් ඉක්මවා යාම නුසුදුසුය.
ඉඳිආප්ප - 5
ආප්ප - 2
පිට්ටු කෑලි - 1 ක් අ`ගල් 3 ක් උස
අ`ගල් 6 ක විශ්කම්භය සහිත අ`ගල් කාලකට වඩා ඝණකම් නොවන රොටියක්
අ`ගල් 6 ක විශ්කම්භය සහිත අ`ගල් කාලකට වඩා ඝණකම් නොවන තෝසයක්
මේවා සකසා ගැනිමේදී හාල්පිටි, කුරහන් පිටි, උළුඳු පිටි වැනි දේශීය පිටි වර්ග භාවිතා කළ යුතු අතර පාන් පිටි භාවිතා නොකළ යුතුය. රොටී පිට්ටු ආදියට පොල් එකතු කර ගැනීමේදී එය වරක් මිරිකා කිරි§ අඩු කළ පොල් විය යුතුය. සමහරුන් එවිට රස නැතැයි කියා තර්ක කරතත් එසේ සකසාගත් ආහාරවල කන්නට බැරිකමක් නැත. එය අත්හදා බැලීමෙන් ඔබටම අත්වි`ඳිය හැකිය.
මෙම ප්‍රමාණයන් ගෙන් කුස පිරෙනවා මදිනම් කුස පුරවාගැනීම ස`දහා පියලි වර්ගයක්, පලා වර්ගයක්, එළවළු වර්ග කීපයක් ආදිය එක්කොට මැල්ලුමක් සේ විශාලව ව්‍යංජනයක් සකසා ගත යුතුය. මෙහිදී ඔබේ ගෙවත්තෙන් සහ අවට පරිසරයෙන් සපයාගත හැකි වස විසෙන් තොර කොහිල අල, කොහිල ද`එ, කෙසෙල් මුහ, කොස් ඇට, පලාවර්ග, හතු වර්ග ආදියට මුල් තැන දෙන්න. එය පිස ගත යුත්තේ දියකිරෙන් ය. රස සාදා ගැනීම ස`දහා රම්පේ, කරපිංචා, කුළු බඩු, ඇඹුල් වර්ග ආදිය වැඩිපුර එකතු කරන්න. මෙය පිසගත් විට ඔබට ඉතාම රසවත් පෝෂණ ගුණයෙන්ද පොහොසත් කළවම් ව්‍යාංජනයක් ලැබේ. මෙය හරියටම කියනවා නම් අප සිංහල අවුරුද්ද දවසට පිසිනා හත් මාළුව වැනිය. නමුත් අපේ ව්‍යාංජනයේ ඇති එකම වෙනස වන්නේ පිසීමට දියකිරි යොදා ගැනීමයි.
ඔබේ කුස පිරීමට සෑහෙන තරමට මෙම රසවත් ගුණවත් කළවම් ව්‍යාංජනයෙන් වැඩිපුර ඔබේ පි`ගානට බෙදාගන්න. ඒ සමග අප ඉහතින් පෙන්වා දුන් ආහාර ප්‍රමාණයන් ගන්න. ඔබට හානියකින් තොරව හොඳින්ම කුස පුරවාගත හැක්කේ අවශ්‍ය පෝෂණයද තහවුරු කරගනිමිනි.
උදේට බත් වෙනුවට කඩල, මුං ඇට, කව්පි ආදි ඇටවර්ග ආහාරයට ගන්නවා නම් කොපමණ ගත හැකිද?
පො`ගවා තම්බන ලද එවැනි ඇටවර්ග කපාපු අ`ඩුකෝප්පයක් ගැනීම ප්රමාණවත්ය. නමුත් එසේ ගන්නේ උදේට නියමිත බත් ප්‍රමාණය වෙනුවට බවත් ඇට වර්ගයෙන් අඬු කෝප්පය වෙනුවට දෛනික බත් අ`ඩුකෝප්ප තුනෙන් එකක් අඩු වන බවත් සිහියේ තබා ගත යුතුය. එනම් උදේට ඇට වර්ගයකින් අ`ඩුකෝප්පයක් ආහාරයට ගත් විට අනෙක් දෙවේලට ඉතුරු වන්නේ බත් අ`ඩුකෝප්ප දෙකක් පමණි. අධික වශයෙන් තෙල් දමා තෙම්පරාදු කරන ලද කඩල සුදුසු නැති බව වටහා ගත යුතුය. එසේම පොල් සහ පොල් කෑලි එකතු කර ගැනීමත් සුදුසු නැත. තම්බන ලද කඩල ලූණු ස්වල්පයක් දමා ආහාරයට ගත හැකිය. නිකම්ම එය ගත නොහැකි නම් තක්කාලි, ලුණු ආදිය දමා රසවත් කට්ට සම්බෝලයක් හෝ ලුණු මිරිසක් සකසා ගත හැකිය.
කජු සහ රටකජු සුදුසුද? සුදුසු නම් කොපමණ ගත හැකිද?
මේවා ස්වභාවික ආහාර වුවත් අධික තෙල් ප්‍රමාණයක් එනම් අධික ශක්ති ප්‍රමාණයක් අඩංගුය. එබැවින් ඔබට ආහාරයට එකතු කර ගත හැක්කේ ඉතා සීමිතවය. ඔබ රටකජු කනවා නම් ඇට ගනිමින් කන්නට පුරුදු වන්න . දවසටම ඇට 20 ඉක්මවීම සුදුසු නැත. කජු කනවානම් දවසටම ගෙඩි 5ක් උපරිම 6 ක් භාවිතා කළ හැකිය.
අලිපේර පලතුරක් වුවත් අධික තෙල් ප්‍රමාණයක් අඩංගුය. එමනිසා ඔබ ආහාරයට ගන්නවා නම් දිනකට මධ්‍යම ප්‍රමාණයේ ගෙඩියකින් 1/4 ක් පමණක් සීනි නොදමා ආහාරයට ගන්න.
කොළ කැ`ද සුදුසුද?
අප වැඩසටහනට හානියක් නොවන සේ අවබෝධයෙන් ඔබට කොළ කැ`ද සකස් කර ගත හැකිය. කොළ කැ`ද සෑදීමේදී අවම පොල් ප්‍රමාණයක් භාවිතා කරන්න. ඝණකම් මිටිකිරි§ එකතු කිරීêම සුදුසු නැත. ඝණකමත් රසයත් වැඩි කර ගැනීම ස`දහා ඔබට බැදපු මුං ඇට පිටි, කිතුල් පිටි ආදිය භාවිතා කළ හැකිය. මහපාරේ සහ වෙළ`දපොලේ අලවියට තබා ඇති කොළ කැ`ද අප ඔබට නිර්_දේශ නොකරන්නේ ඒවා හදන ආකාරය ගැන අප කිසිවෙක් කිසිවක් නොදන්නා නිසාය.
පොළොස් ව්‍යාංජනය සුදුසුද?
පොළොස් තවමත් අප රටේ වස විසෙන් තොරව ගෙවත්තෙන් ලබා ගත හැකි කහට රස ඇති ඖෂධීය මිලක් වැය නොවන එළවළුවකි. නමුත් ප්රශ්නය ඇත්තේ පොළොස් උයන ක්‍රමයේය. අපේ ගෘහණියන් තරමක පොළොස් ගෙඩියක් උයන්නට ලොකුම, මෝරපුම පොල් ගෙඩි 3 ක මිටිකිරි§ භාවිතා කරයි. එම පොල්වල තෙල් පොළොස් සමග ශරීර ගත වන බව අමතක නොකළ යුතුය. එම නිසා පොළොස් ඉවිය යුත්තේද අප පෙර පෙන්වා දුන් පරිදි ලා කිරෙනි. රස දියුණු කර ගැනීම ස`දහා කුළුබඩු ආදිය භාවිතා කළ යුතුය. පොළොස් මැල්ලුම සෑදිය යුත්තේද වරක් මිරිකන ලද පොල් එකතු කිරීමෙනි.
මත් දියර භාවිතය
මත් දියර වල ඇති ක්‍රියාකාරී සංයෝගය වන ඊතයිල් මධ්‍යසාරය ග්‍රෑම් 1 ක් සිරුර තුළ බි`ද වැටීමේද කිලෝ කැල§ 7 ක් තරම් අධික ශක්තියක් සිරුරට මුදා හරී. එම අධික අහිතකර ශක්තිය හැර මත් දියර වලින් සිරුරට වෙනත් කිසිම පෝෂණ ගුණයක් නොලැබේ. එම නිසා මත් දියර භාවිතය තරබාරු බව හෘදයාබාධ ආදී රෝග ඇති කරන්නට මිස හෘදය ආරක්ෂා කරන්නට දායක වන්නේ නැත.
ජලය කොපමණ පානය කළ යුතුද?
සෞඛ්‍ය සම්පන්නව ජීවත්වීම ස`දහා ඔබ අවම වශයෙන් දිනකට පිරිසිදු පානීය ජලය ලීටර් 2 ක් වත් පානය කළ යුතුය. ඊට වඩා පානය කිරීම වඩාත් සුදුසුය. වැඩි ශරීර ක්‍රියාකාරිත්වය, පරිසර උෂ්ණත්වය ඉහළ යාම ආදී කාරණා නිසා ජල අවශ්‍යතාවය ඉහළ යන විට ඊට අනුරූපව වැඩිපුර ජලය පානය කළ යුතුය. ජලය වැඩිපුර පානය උදරය ඉදිරියට නෙරා ඒමට හේතුවක්දැයි සමහරු ප්‍රශ්න කරතත් එහි කිසිම සත්‍යතාවයක් නැත
Wmqgd .ekSu isxy,u.a fjí wvúh weiqfrks