Kitchen
කඩෙන් කන විදිහටම පැස්ටා ගෙදර හදමුද?
අවශ්‍ය ද්‍රව්‍ය :-
පැස්ටා ග්‍රෑම් 200 යි
පොල් හෝ ඔලිවු තෙල් ස්වල්පයක්
ලුණු
බටර් මේස හැඳි 4 යි
පාන් පිටි තේ හැඳි 3 යි
කිරි කෝප්ප 3 යි
ගාගත් චීස් කෝප්ප 2 යි
ගාලික් පවුඩර් තේ හැඳි 3 යි
අනියන් පවුඩර් තේ හැඳි 3 යි
ගම්මිරිස් තේ හැඳි 2 යි
පාමිසාන් චීස් කුඩු ස්වල්පයක්
ඇපල් සයිඩර් විනාකිරි මේස හැඳි 2 යි
හදන්නේ මෙහෙමයි
ලොකු
භාජනයකට පාස්ටා දමා අවශ්‍ය පමණ වතුර එකතු කර තෙල් ටිකක් සහ ලුනු දමා තම්බා
ගන්න. බෙරි වෙන්න තම්බන්න එපා. තැම්බුණ පසුව ඇල්වතුරෙන් සෝදල වතුර බේරෙන්න
තියන්න.
— සුදු සෝස් එක හදාගන්නෙ මෙහෙමයි —
පෑන් එකට බටර් මේස
හැදි 4 ක් දාන්න. යන්තම් දියවෙනකොට පාන්පිටි පුරවලා තේ හැදි 2 ක් දාල
ඉක්මනින් කලවම් කරන්න බටර් එක්ක. කැටි ගැහෙන්න දෙන්න එපා. දැන් ටික ටික
කිරි එකතු කරන්න. කිරි කෝප්ප 3 ක් විතර එකතු කරන්න. මෙයට ගා ගත් චීස් කෝප්ප
2 ක්, ජින්ජර් ගාලික් පවුඩර්, අනියන් පවුඩර්, ගම්මිරිස්, පාමසාන් චීස්කුඩු
එකතු කරල කලවම් කරන්න. ලිප පුලුවන් තරම් අඩුවෙන් තියාගෙන කරන්න. නොනවත්වාම
හැදිගාන්න. සෝස් එක යන්තම් ගනට එනකොට ලිපෙන් බාල ඇපල් සිඩර් විනිගර් මේස
හැදි 1 ක් එකතු කරල කලවම් කරන්න.
දැන් ඉහත හදාගත්ත වයිට් සෝස් එකට තම්බාගත් පැස්ට ටික ටික දාල කලවම් කරන්න.
දැන් ඉතින් පිළිගැන්වීම සුදුසුයි. ගෙදර අය ගොඩක් සතුටු වේවි.