Life
ඕනවට වඩා කොන්ඩේ පීරන්න එපා
කාන්තාවන්ට පමණක් නොවේ. කොන්ඩේ ගැන ප්රශ්න පිරිමි අයටත් තිබෙනවා. ඔබේ පෙනුමට බලපාන ප්රධානම සාධකයක් වන කොණ්ඩය ලස්සනට තබා ගන්නට ඔබ මොන තරම් නම් වෙහෙසෙනවාද? ඒ වගේම විවිධ නිෂ්පාදන සඳහා අධික වියදමක් දරනවාද?
නමුත් ඔබ අතින් සිදු වන විවිධ වැරදි නිසාත් ඔබේ කෙස් කලඹට හානි වෙන්නට පුළුවනි. ඉන් එක වරදක් තමා ඕනවට වඩා කොන්ඩේ පීරන්න යන එක. ඒ කාලේ අම්මලා ආච්චිලා කියනවා කොන්ඩේ පීරන්න පීරන්න දිලිසෙනවා කියලා.
නමුත් ඇත්තටම ඕනවට වඩා කොන්ඩේ පීරන්න ගියොත් ඔබේ කෙස් කළඹ දුර්වල වී ගැලවී යාමේ අවදානම වැඩි වනවා. කෙස් අග පලිමටත් මෙය හේතුවක් වනවා.
කෙස් කළඹ තුනී වෙලා ඉතා නිසරු පෙනුමක් එක වෙන්නටත් මෙය හේතුවක් වනවා.
ඕනෑම වර්ගයක කෙස් කලඹකට දිනකට දෙතුන් වරකට වඩා පීරන එක සුදුසු වන්නේ නැහැ.
ඉතින් පිළිවෙලට ඉන්න කියලා නිතර නිතර කොන්ඩේ පීරන එක ඔයාගෙත් පුරුද්දක් වෙලා නම් දැන්ම එය අතහැර ගන්න.
Wmqgd .ekSu taIshka