Health
ඔසප් තත්ත්වය ලෙඩක් වුණොත්
ප්රශ්නය - පසුගිය සතියේදී අප සාකච්ඡා කළා ඔසප් රුධිරයේ පැහැය සහ පිටවන රුධිර ප්‍රමාණය ගැනග එසේම දින 7 කට වැඩි කලක් රුධිරය පිට වනවා නම් හෝ රුධිරය විශාල ප්‍රමාණවලින් පිට වනවානම් එය රෝග තත්ත්වයක් බවත් සඳහන් කළාග අද අප කතා කරන්නේ එම තත්ත්වය ගැනයිග
වෛද්‍ය කෞමදි කරුණාගොඩ - නිරෝගී ආර්තවයත් එහෙමත් නැතිනම් ඔසප් වීමක් හඳුනා ගැනීම ඉතා වැදගත්ග එයට අදාළ මූලික කරුණු පසුගිය ලිපිය මගින් අප සාකච්ඡා කළාග සමහර කාන්තාවන් ඔසප් වේදනාව ගැන නිරන්තරයෙන් කතා කරනවාග කිසිදු වේදනාවක් නැති ඔසප් වීමක් බලාපොරොත්තු වන්න බැරි බව හැම කාන්තාවක් ම මතක තබා ගත යුතුයිග ස්වභාවික ඔසප් වීමකදී යම් හෝ ප්‍රමාණයක වේදනාවක් ඇති වීම වළක්වන්න බැහැග
ප්රශ්නය - ඔසප් වීමේදී වේදනාවක් හට ගන්නේ ඇයිරෑ
වෛද්‍ය කෞමදි කරුණාගොඩ - ඔසප් වීමේදී ගර්භාෂයේ චලන ඇති වෙනවාග ඒ ගර්භාෂය තුළ වර්ධනය වූ රුධිරය යෝනි මාර්ගයෙන් පිට කිරීම සඳහායිග ඒ වේදනාව දරාගැනීමට හැකි නම්ල එය එදිනෙදා ජීවිතයේ කටයුතුවලට බාධාවක් නොවන වේදනාවක් නම්ල අප එම වේදනාවට අදාළ ඔසප් වීම සලකන්නේ සාමාන්‍ය ඔසප් වීමක් හැටියටයිග මෙහිදී ආර්තවය නමැති විෂය ප්‍රධාන කොටස් තුනක වෙන් කළ හැකියිග
එනම් :1- ආර්තවයේ වේදනාත්මක අවස්ථාව :2- ආර්තවය වැඩිපුර පිටවන අවස්ථාව :3- ආර්තවය පිටවීම අඩු වීම හෝ කල් ගතවන අවස්ථාවග
:1- ආර්තවයේ වේදනාත්මක අවස්ථාව - මෙය තරුණ ගැහැනු දරුවන් බොහෝ දෙනකුට තිබෙන ප්රශ්නයක්ග සියයට පනහකට වැඩි කාන්තාවන් ප්‍රමාණයකට මේ ගැටලුව තිබෙනවාග මෙය රෝගයක් විදියට ගන්න වෙලාවලුත් තිබෙනවාග එසේම වෙනත් රෝග ලක්ෂණයක් හැටියට ගන්න අවස්ථාත් තිබෙනවාග අවිවාහක තරුණියකටල පාසල් යන නව යොවුන් දියණියකට ඉමහත් වේදනාවක් ඇති වෙනවා නම් එය සහේතුක වේදනාවක් නොවේනම් එම වේදනාව රෝග අවස්ථාවක් හැටියට ගනු ලබනවාග සමහර කාන්තාවන්ට උදරය ආශ්රිත ගෙඩි හැදෙනවාග ගර්භාෂයේ බිත්ති ඝන වෙනවාග එවිට වේදනාත්මක ලකුණු හට ගන්නවාග මේ අතර ඇතැම් රෝග තිබෙනවා ඒවායේ රෝග ලක්ෂණය වන්නේ ආර්තව වේදනාවග හරියටම උණ වගේග උණ කියන්නේ රෝගයක් නොව රෝග ලක්ෂණයක් බව කවුරුත් දන්නවාග ශරීරය තුළ ආසාදනයක් ඇතිවුණාම උණ රෝගය හට ගන්නවාග උණට බෙහෙත් ගන්න ගියාම ආසාදනයට බෙහෙත් දෙනවාග අවුරුදු 18 - 25 අතර අවිවාහක තරුණියන්ට යටි බඩ ආශ්‍රිතව තීව්ර වේදනා හට ගන්නවාග මෙය උපරිම පැය 48 යි තියෙන්නේග මෙතැනදී වේදනා නාශකවලින් වේදනාව යටපත් කරන්න පුළුවන්ග එහෙම හිතලා ඊට අදාළ රෝගය යටපත් වන්නේ නැහැග වේදනා නාශක දීර්ඝ කාලීනව භාවිත කළොත් අම්ල පිත්තය හට ගන්නවාග වකුගඩු රෝගී වෙන්න බලනවාග ඉහත සඳහන් වේදනාත්මක රෝග තත්ත්වයට සති තුනක වැනි ප්‍රතිකාර ගැනීම ප්රමාණවත්ග
Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks