Life
ඔයා මුහුණ පිසදමන තුවාය මේ වගේද බලන්න
මුහූණ සෝදා පිරිසිදු කිරීමෙන් අනතුරුව පිසදමන්නට ගන්නා තුවාය ඔබේ සමේ තත්වය තීරණය කරන්නට හේතුවක් යැයි කීම ඔබ පුදුමයට පත්විය හැකි කාරණාවක් විය හැකියි.
ඇත්තටම ඔබ පාවිච්චි කරන තුවාය මොන වගේ එකක් වෙන්න ඕනෙද කියලා ඔබ මීට පෙර සිතා තුබුණේ නැහැ නේද?
ඔබ විසින් භාවිතයට ගන්නා තුවාය වියළි හා ඉතා පිරිසිදු එකක් විය යුතුයි. තෙතමනය ඇති විට ඒ මත බැක්ටීරියා හා නොයෙකුත් ආකාරයේ විෂබීජ වර්ධනය විය හැකියි.
ඉතින් එවැනි තුවායකින් මුහුණ පිසදමන ඔබේ මුහුණ පුරාවටම මේ විෂබීජ තැවරෙනවා. මුහුණේ සම කියන්නේ ඉතාම සියුම් සහ සංවේදී සමක්. ඉතින් ඉක්මනින්ම දිලිර අසාදන බැක්ටීරියා ආසාදන ඇති වී සමේ රෝග වලට ගොදුරු වනවා.
ඔබේ මූහූණ පිසින තුවායෙන් ශරිරයේ අනෙකුත් ස්ථාන පිස දමන්නට එපා. මොකද මුහුණ විශේෂයි. සංවේදියි. ඔබ මුහුණ ගැන වැඩි අවදානයක් යොමු කල යුතුමයි.
ඉතින් මුහුණ සඳහා වෙනම තුවායකුත් ශරීරය පිසීම සඳහා වෙනම තුවායකුත් භාවිත කරන්න.
මූහූණ පිසීම සඳහා භාවිත කරන තුවාය සම්පුර්ණයෙන්ම කපු තුවායක් වීම ඉතාමත් වැදගත් වන්නේ එමගින් වතුර උරාගැනීම හොඳින් සිදුවන අතරම සමට හානිවන්නේද නැති නිසයි.
නයිලෝන් නූල් හෝ වෙනත් පොලියෙස්ටර් නූල් අඩංගු තුවා මගින් සම පිසදැමීමෙන් සමට හානි පැමිණිය හැකියි.
ඔබ මුහුණ පිසදමන ආකාරයත් වැදගත්. තුවාය හදිසියට මුහුණ මත තබා ඇදීමට ලක්කිරීමෙන් මුහුණ සිරීමට ලක් වනවා. ඔබට නොපෙනී සිදු වන මෙම සුළු සිරීම් පසු කාලීනව ලප ඇති කරන්නට පුළුවන්.
තුවාය මුහුණ මත තබා තෙත මාත්තු කිරීම මගින් මූහූණ පිසදැමීම තමා නිවැරදි ක්රමය. එසේ නොමැති නම් දිනපතා මුහුණ ඇදීම මගින් ඔබගේ සම එල්ලා වැටීමට පවා පුළුවන්.
Wmqgd .ekSu isxy,u.a fj