Beauty
ඔයාගේ සමට හොද herbal treatments ටිකක්...
අපි අපේ busy schedule එකත් එක්ක වැඩ කරද්දී, අපිට අපේ රූපය ගැන හිතන්න අමතක වෙන වෙලාවල් තියෙනවා නේද? මෙන්න ඔයාගේ සමට ගැළපෙන herbal treatments ටිකක්...බලන්න මේ වගේ ගැටළු ඔයාටත් තියෙනවනම්, මේ සත්කාර match වෙනවද කියල.
-ඔයාගේ හම අව්වට දුර්වර්ණ වෙලා නම් පිච්චුන look එකක් තිබේ නම්, රත් හඳුන්, පිපිඤ්ඤාඉස්මෙන් ගලගා සමේ දුර්වර්ණ තැන වල අලේප කරලා විනාඩි 15ට පස්සේ ඇල් වතුරෙන් සෝදලා හරින්න.
-ඔයාගේ මුහුණේ කුරුලෑ තියෙනවනම්, කස්තුරි කහ සහ රත් හඳුන් සම සමව ගෙන පිනිදිය සමඟ මිශ්ර කරලා මුහුණේ අලේප කරන්න. Best results ගන්න මේ ආලේපනය පැය 1 1/2ක් වත් තියෙන්න ඕනි. ඊටපස්සේ පිරිසිදු වතුරෙන් සෝදා හරින්න.
-ඒ වගේම සුදුලුනු සහ සුදු හඳුන් බේත් (සිහින්) උඳුපියලිය යුෂෙන් අබරා මුහුණේ අලේප කිරීමෙන්, තෙල් අහර නිසා ඇවිත් තියෙන pimples අඩු කර ගන්න පුළුවන්.
ඉතින් ඔයාටත් මේ වගේ ප්රශ්න තියෙනවනම්, ගෙදරදීම හදා ගන්න පුළුවන් මේ herbal treatments පාවිච්චි කරල බලන්න.
Wmqgd .ekSu u��u mqj;am; weiqfrks