Beauty
ඔබේ හිසකෙස් හැලීයාමට හේතු මේවා විය හැකියි!
ඔබ විටමින් ඌණතාවයෙන් පෙළෙනවා විය හැකියි.
යකඩ සහ විටමින් B12 ඌණතාව නිසා හිස කෙස් හැලීම සිදුවන බව වෛද්‍යවරුන් විසින් පවසනවා. ඒ නිසා එම පෝෂක කොටස් අඩංගු ආහාර වැඩි වැඩියෙන් ගැනීමට හුරු වීම වැදගත්
ඔබ ගනිමින් පවතිනා බෙහෙත් වර්ග
කිසියම් රෝගාබාධයක් සඳහා ප්‍රතිකාර ගැනීමේදී භාවිතා කරන බෙහෙත් වර්ග වල අතුරු ප්‍රතිඵලයක් ලෙසද හිස කෙස් හැලී යාම සිදුවනවා. එම බෙහෙත් වල කුමන අන්තර්ගතය නිසා හිස කෙස් හැලී යාම සිදුවනවාදැයි කීමට අපහසුයි. නමුත් අධික ලෙස හිස කෙස් හැලීම සිදු වේ නම් ඔබේ වෛද්‍යවරයා හමුවී උපදෙස් ලබා ගැනීම සුදුසුයි.
හිස කෙස් පෝනි ටේලයක් ආකාරයෙන් ගැටගැසීම.
ඔබ ඔබේ හිස කෙස් ඉතා තදට ගැටගසනවා නම් හිස කෙස් හැලී යාමට එයම ප්‍රමාණවත්. එම නිසා හිස කෙස් හැකිතාක් ලිහිල්ව ගැට ගසා ගැනීම වැදගත්. හැකි සෑම වෙලාවකදීම හිස කෙස් මුදා හැර සිටීමට හුරු වනවානම් ඉතා හොඳයි.
දිනපතා හිස කෙස් iron කිරීම, curl කිරීම
ඔබ දිනපතා හිස කෙස් iron කිරීම, curl කිරීම ආදිය කරනවා නම් හිස්කෙස් අධික ලෙස හැලීමට එයත් හේතුවක් වනවා. ඒ ඔබ එහිදී භාවිත කරන උණුසුම් උපකරණ නිසා.
හිස කෙස් පිස දැමීමට කපු තුවා භාවිත කිරම.
කපු තුවා වල ඇති වියළි මතුපිට සහ ඒවායේ ඇති අමුද්‍රව්‍ය මෙයට හේතු වනවා.
මානසික ආතතිය.
එදිනෙදා ජීවිතයේ ඇතිවන විවිධ ගැටළු, අධික කාර්යබහුල බව නිසා ඇතිවන ආතතිය යන සියල්ලේම අතුරු ඵලයක් ලෙස ද හිස කෙස් හැලී යාම සිදුවනවා. එම නිසා මානසික සුවතාව පවත්වාගෙනාම ඉතා වැදගත්
ශාරීරික රෝගාබාධයකින් සුවය ලැබූ විගස.
රෝගයකින් පීඩා විඳ සුවය ලැබූ විගස අධික ලෙස හිස කෙස් හැලී යාම සිදු විය හැකියි. පෝෂ්‍යදායී ආහාර ආදිය ගැනීම මගින් එම තත්වය ඉක්මනින් මග හරවා ගැනීමට හැකියි.
හිස කෙස් නිතර නිතර වියළීම.
හිස කෙස් නිතර නිතර වර්ණ ගැන්වීම, විවිධ රසායනික ද්‍රව්‍ය ඒ මත ආලේප කිරීම ආදිය නිසා හිස කෙස් හැලී යාම සිදු වනවා. කෙස් කළඹ හැඩට තමා ගැනීම සෑම යුවතියකගේම සිහිනයක් නමුත් නිතර නිතර එවන් දෑ කිරීම නිසා හිස කෙස් වලට සිදුවන්නේ හානියක් බව කිව යුතුයි
හිස කෙස් ගැටගැසීම.
හිස කෙස් පීරන විට ප්‍රථමයෙන් අග කොටස පීරා ගැනීමට කටයුතු කිරීම මගින් මෙම ගැටළුවත් මග හරවා ගත හැකියි.
(under the courtesy of goodhousekeeping.lk web)