iranama
ඔබේ සහකරු සහකාරයා කෙසේ හමුවේද?
තම පෙම්වතා හෝ පෙම්වතිය කවදා කෙසේ හමුවේ දැයි තරුණ තරුණියන් නිතර අසන ප්රශ්නයකි. ජ්‍යෝතිෂ න්‍යයන් ඉගෙනගත් පමණින්ම මේ ප්‍රශ්නයට උත්ත රදීමට ඉක්මන් නොවී දහස් ගණනක් විවාහක ස්ත්‍රී පුරුෂයන්ගේ කේන්දර සමග ඒ අය විවාහ වූ දිනයත් සහකරු හෝ සහකාරිය මුණ ගැසුණ ආකාරයත් පිරික්සීම්. මෙසේ පරීක්ෂණ තුළින් හෙළි වූ කරුණු ස්වල්පයක් ඔබ හමුවේ විස්තර කරනුයේ ඔබේ කේන්දරය ඔබටම බලා තේරුම් ගැනීම පිණිසය.
ඇතැම් අයට උත්සව අවස්ථාවකදී අනාගත තම සහකරු හෝ සහකාරිය හමුවනු ඇත. තවත් අයට මරණ වැනි ශෝක අවස්ථාකදී ද, තවත් අයට ආගමික අවස්ථාවදීද, තවත් අයට පාසල් අවදියේ සිට ඇති කරගත් දැන හැඳුනුම්කම් මතද, රැකියාව සම්බන්ධයෙන් ද තම සහකරු හෝ සහකාරිය මුණ ගැසෙනු ඇත. යෝජනා තුළින් සිදුවන විවාහ ප්‍රමාණයන් වැඩිය. වයස 16 වැනි බාල වියේදීම ඇතැම් අය යුග දිවියට පා තබන අතර වයස හතළිස් ගණන් ගෙවී ගියද ඇතැම් අයට විවාහයක් සිදුකර ගැනීම අපහසුසය.
එක් ප්‍රාදේශීය රජයේ නිලධාරියෙක් තම සහකාරිය සොයාගත් හැටි උදාහරණයක් වශයෙන් දැක්විය හැකිය. එම නිලධාරියාට වෙනත් සහෝදර සහෝදරියන් නොසිටිය අතර පියා මියගියේ ඔහු බාල කාලයේදීමය. මව සෑම උත්සාහයක්ම ගෙන ඔහුට උගන්වා උසස් නිලධාරියෙක් බවට පත් කළ සැටිත්, ගමේ පන්සලේ ලොකු හාමුදුරුවන් අවවාද අනුශාසනා කළ සැටිත් ඔහුට මතකය.
විවාහ වීමේදී තම තත්ත්වයට ගැලපෙන සහකාරියක් සෙවීමට මව විසින් මගුල් කපුවන් යොදවා ඇති බව ඔහුදනී. මේ අතර තම කාර්යාලයට පැමිණි එක්තරා පාසල් ගුරුවරියකගේ ප්රශ්නය වූයේ නැති වූ කූපන් පොත් ලබා ගැනීමය. ඒ කාලයේ සැමටම කූපන් පොත් හෙවත් සලාක පොත් අයත් විය.
සාමාන්‍ය නිලධාරියෙක් ඇගේ ප්රශ්නය මග හැරිය නිසා ඇය මෙම උසස් නිලධාරියාටම තම ප්රශ්නය ඉදිරිපත් කළාය. සාමාන්‍ය නිලධාරියකුට වහා එය ඉටුකරන මෙන් අණ කළ ඔහු ඇය සමග සුහදව කතා කළේය.
මෙයින් මාස කීපයකට පසු අතරමගදී මෙම නිලධාරියාගේ මෝටර් රථය ක්‍රියා විරහිත විය. ඔහු රථයෙන් බැස කාර්මික දොaෂය පරීක්ෂා කරද්දී පාසල නිමවී ගෙදර යමින් සිටිය ගුරුවරියක් සමග ඔහු කතා කළේය. ඔහුගේ සිතේ ඒ වන විටත් නලියමින් තිබූ මුල්දින මුණ ගැසීම අලුත්විය. මාස කීපයක් ඔවුනොවුන් නිතර හමුවීම් ආදියෙන් පසුව විවාහ ගිවිස ගත්හ.
මේ අයගේ කේන්දර පිරික්සීමෙන් පසු පෙනී යනුයේ රාජකාරි අවස්ථාවකදී සහකාර සහකාරියක් ලැබීමට ඇති බවය.
තමා උපන් ලග්නය කුමක් වුවත්, උපන් ලග්නයෙන් හත්වැන්න විවාහය සම්බන්ධයෙන් විශාල බලපෑමක් ඇති කරයි. හත්වැන්නේ සිටින ග්‍රහයන් හා හත්වැන්නාධිපතියාත්, හත්වැන්නට වැටෙන ග්‍රහ දෘෂ්ටින් හා හත්වැන්නාධිපතියාට වැටෙන ග්‍රහ දෘෂ්ටීන් ද සලකා සහකරු හෝ සහකාරිය මුණගැසෙන ආකාරයද විවාහ වන දවසද කාලයද තේරුම් ගත හැකිය.
විවාහ වන කාලය තේරුම් ගැනීම සඳහා හත්වැන්නාධිපතියාගේ හත්වැන්නේ සිටින ග්‍රහයාගේ හෝ හත්වැන්නට බලවත් දෘෂ්ටි වැටෙන ග්‍රහයාගේ මහ දශා, අතුරු දශා, විදශා හා සූක්ෂම දශා කාලයන් බැලිය යුතුය. එසේම ග්‍රහ ගෝචර තත්ත්වයද සැලකිල්ලට ගත යුතුය.
මේෂ ලග්න හිමියන්ට හත්වැන්නාධිපතියා වනුයේ සිකුරු ග්‍රහයයි. ඔහුගේ හෝ ඇයගේ හෝ විවාහය ගැන බැලීමේදී සම්පූර්ණයෙන්ම සිකුරුගේ බලපෑම ගැන පමණක් සැලකිලිමත් වීම ප්‍රමාණවත් නැත. සිකුරු කේන්දරයේ උසුලන බලය මෙන්ම හත්වැන්නේ වෙනත් ග්‍රහන් සිටී නම් ඒ ග්‍රහයන් ගැනද හත්වැන්නට වැටෙන ග්‍රහ දෘෂ්ටීන් ගැනද සලකා බලා තීරණය කළ යුතුය. සෑම මේෂ ලග්න හිමියන්ටම ඒකාකාරී නොවූ විවිධ ආකාරයෙන් විවාහයන් සිදුවනුයේ එම නිසාය. සිකුරු පමණක් බලපාන්නේ නම් සෑම මේෂ ලග්න හිමියකුගේම විවාහය ගැන සමානව කතා කළ හැකි විය යුතුයි.
බොහෝ තරුණ තරුණියන් විමසනුයේ තමාගේ විවාහය කවදා කෙසේ සිදුවේද? ඔහුගේ හෝ ඇයගේ විස්තර කෙසේද, යනුවෙනි. මෙයින් ඇතැම් අය වයස 35-40 ත් අතර අයය. මෙතෙක් විවාහය පමාවීමට හේතු විමසනුයේ කීප දෙනෙක් පමණි. ඔබත් විවාහය පමාවන අයෙක් නම් ඔබේ කේන්ද්‍රය ගෙන ඔබම පරීක්ෂා කර බලන්න. ඔබ උපන් ලග්නය කුමක් වුවත්, කුමන භවයක හෝ කුජ, ශනි යෝගය ඇත්නම් එය විවාහය පමාවට එක් හේතුවකි. කුජගෙන් හතේ ශනි සිටීමද තවත් හේතුවකි.
විසි දෙවන දේර්කාණාධිපතියා හතේ සිටීමත්, හත අධිපතියා විසිදෙවන දේර්කානාධිපතියා වීමත්, ගුරු හෝ සිකුරු විසි දෙවන දේර්කාණාධිපති වීමත් විවාහය සම්බන්ධයෙන් විවිධ ගැටලු ඇති කිරීමට හේතු වේ.
Wmqgd .ekSu