Life
ඔබේ බෑනාගේ, ලේලියගේ සුදුසුකම් මොනවාද? - දුවට පුතාට සහකරුවෙක් සහකාරියක් සොයන අම්මලාට
ජේයෂ්ඨ මනෝ උපදේශිකා එශාමා කාරියකරවන
විවාහ වන වයසේ දරුවන් සිටින මවුපියන්ට තම දරුවන් පිළිබඳ ලොකු වගකීමක් තිබෙනවා. නිසි කලට නිසි තැනට විවාහ කර දීමට වඩා මියයන තුරු විවාහය රැකගනිමින් සතුටින් ජීවත් වීමට දරුවන්ට ඉගැන්විය යුතුයි.
විවාහ වන වයසේ දරුවන් ඉන්න මවුපියන් හුඟක් වෙලාවට බලන්නේ දරුවන්ගේ වයස විතරයි. දැන් කලවයස හරි. දැන් විවාහයක් කරලා දෙන එක සුදුසුයි කියලා හිතලා මවුපියන් දුව පුතා විවාහය සඳහා සූදානම් කරවනවා.
නමුත් වයස විතරක් විවාහය සඳහා සුදුසු නැහැ. හොඳ පවුල් ජීවිතයක් ගත කරන්න තවත් කාරණා බොහෝමයක් තිබෙනවා. දරුවා විවාහයට සුදුසු වන වයසට ළං වුණාම මේ දරුවාව විවාහයක් සඳහා සුදුසු දරුවෙක්ද කියලා බලන්න.
ගැහැනු දරුවෙක් නම් ගෙදර ෙදාරේ වැඩ කරගන්න, පවුල නිවෙස සංවිධානය කරගන්න, මුදල් පාලනය, ආහාරපාන, පෝෂණය ගැන දක්වන උනන්දුව පිළිබඳ සොයා බැලීම මවක සතු වගකීමක්. හුඟක් දරුවන් කඩෙන් කන්න පුරුදු වෙලා ඉන්නවා.
දැන් ලොව පුරා බෝ නොවන රෝගවලට වැඩි ප්‍රවණතාවක් තිබෙනවා. එයට ප්‍රධාන හේතුවක් විදියට පිටින් ගන්නා තෙල් අධික, ලුණු අධික ආහාර හඳුන්වන්න පුළුවන්. ඉතිං ඒ නිසා විවාහ වන වයසේ ඉන්න දියණියට මේ ගැනත් කියලා දෙන්න.
සමහර දුවලට ඒ වගේම පුතාලට ඉක්මනින් කේන්ති එනවා. විවාහයේදී මෙය ප්‍රශ්නයක්. ඒ නිසා අන් අය සමඟ මතවාද ඇති වුණාම රණ්ඩුවෙලා ගහ මරාගන්නේ නැතිව ප්‍රශ්න විසඳගන්න පුළුවන්ද කියන කරුණත් තම දරුවන් තුළ තිබෙනවා ද යන්න සොයා බැලීම මවුපියන් සතු වගකීමක්.
මීළඟට පිරිසුදුකම හා පිළිවෙළ ඉතාම වැදගත් වෙනවා. ඒ වගේම කාල කළමනාකරණයත් විවාහයට පෙර පුරුදු විය යුතුයි. දෙදෙනාම රැකියාව කරමින් සිටින අය නම් පවුල් ජීවිතය ගැනත්, කාලය කළමනාකරණයත් උගෙන සිටීම වැදගත්. අන්තර් පුද්ගල සම්බන්ධතා ගැන දරුවන් තුළ තිබෙන ආකල්පත් ඉතාම වැදගත් වෙනවා.
මවුපියන් දුවගෙන් පුතාගෙන් මේ කියන යහපත් ලක්ෂණ දකිනවා නම් ඉන්පසුව ඒ අයගෙන් තමන් සොයාගත් සහකරුවෙක් සහකාරියක් ඉන්නවද කියලා අසා දැනගන්න. ඉන්නවා කිව්වොත් ඒ අය ගැන සොයා බැලීම මවුපියන්ගේ යුතුකමක්.
මවුපියන් දරුවාට සොයන සහකරුගේ සහකාරියගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ විමසිලිමත් විය යුතුයි. තැලිසීමියාව වැනි රෝග, විවිධ සමාජ රෝග, ලිංගික දුර්වලතා, එමෙන්ම සමහර දරුවන් දීර්ඝ කාලයක් මානසික රෝගවලට ප්‍රතිකාර ගන්න අය වෙන්න පුළුවන්. එම නිසා එවැනි දේ ගැන විමසිලිමත් වන්න.
පිරිමි දරුවෙක් නම් ඔහුට ගැහැනු ළමයෙක් නඩත්තු කළ හැකිද යන්න විමසා බලන්න. මුදල් හම්බකරන්න විතරක් නෙමෙයි පිරිමි දරුවන් ඉන්නේ කියන දෙය පිරිමි දරුවන් ඉන්න මවුපියන් තම දරුවාට කියා දිය යුතුයි.
දරුවාට සහකරුවෙක් සහකාරියක් සොයන විට කායික, මානසික සංවර්ධනය තිබෙන නිසි ලිංගික දැනුම සහ ලිංගික අධ්‍යාපනය සහිත දරුවෙක් තෝරා දෙන්න. මත්පැන්, මත්ද්‍රව්‍ය, දුම්වැටි, විවිධ දුරාචාරවලට පුරුදු වූ දරුවන් මොනතරම් රූපය, මුදල් තිබුණත් විවාහයට තෝරාගන්න දරුවන්ට ඉඩ දෙන්න එපා.
ජාති, කුල නෙවෙයි තමන්ගේ අදහසට ගැළපෙන කෙනා තෝරාගන්න දරුවන්ට කියාදෙන්න.
විධිමත් ලිංගික අධ්‍යාපනය ලබාගන්නේ කෙසේද? විවාහයට බලපාන සමාජයීය, ජීව විද්‍යාත්මක, සංස්කෘතික, කායික දැනුම් සම්භාරය පිළිබඳ ප්‍රායෝගිකව ඉගෙනීමට විවාහ වීමට සිටින සහ අලුත විවාහ වූ අය වෙනුවෙන් මනෝ උපදේශිකා එශාමා කාරියකරවන මහත්මිය විසින් "ප්‍රාර්ථනා" නමින් වැඩමුළුවක් සංවිධාන කර තිබෙනවා. ජූලි 26 වැනි දින කොළඹ 05 ජානකී හෝටලයේදී පැවැත්වෙන මෙම වැඩමුළුව සඳහා සහභාගි වීමට කැමැති අයට මේ දිනවල ඒ සඳහා ලියාපදිංචි විය හැකියි.
Wmqgd .ekSu u