Beauty
ඔබේ දෙපා නිරෝගීව තබාගැනීමට උපදෙස්
පාදවල දැවිල්ලට
නිදිකුම්බා තැම්බූ වතුරේ දෙපා දමා සිටින්න. පසුව එළඟිතෙල්වලට නාමල් රේණු මිශ්ර කර පාදවල ආලේප කර විනාඩි 30කට පමණ පසු සෝදා හරින්න.
පාදවල වියළි බවට
එළඟි තෙල් ආලේපය
තල තෙල්වලට මී පැණි බිංදු කිහිපයක් දමා ආලේපය
යටි පතුල්වල ඝණ බවට
මද උණුසුම් ජලයට අබ කුඩු හා ඉඟුරු කුඩු තේ හැදි 01 බැගින් දමා එම වතුරේ දෙපා දමා සිටින්න. පසුව තලතෙල් වලින් දෙපා සම්බාහනය කරන්න.
පාදවල දහදිය දැමීමට
මද උණුසුම් ජලයට
ලැවෙන්ඩර් සුගන්ද තෙල්
ජුනිපර් සුගන්ද තෙල්
ක්ලෙරි සේජ් සුගන්ද තෙල්
සයිප්ර ස් සුගන්ද තෙල්
බිංදු කිහිපයක් දමා එම වතුරේ දෙපා දමා සිටීමෙන් දහදිය දුගද නැති වේ.
නින්ද නොයෑමට හා දෝවනයක්
මද උණුසුම් ජලයට ඉඟුරු කුඩු තේ හැදි 01ක ප්රුමාණයක් දමා එම වතුරේ දෙපා දමා සිටින්න. පසුව රත් කරන ලද තල තෙල් හෝ එළඟිතෙල් පාදවල ආලේප කරන්න.
පාදවල වෙහෙසකරභාවයට සහනයක්
මද උණුසුම් ජලයට ජුනියර් සුගන්ද තෙල්
රෝස් මෙරි සුගන්ද තෙල් ලැවෙන්ඩර් සුගන්ද තෙල් බිංදු කිහිපයක් දමා එම වතුරේ දෙපා දමා සිටීමෙන් පාදවල වෙහෙස කර භාවය නැති වේ.
curtesy :
http://www.wishmaya.com/
(under the courtesy of goodhousekeeping.lk web)